Loading...
Google Pixel 8a නිල වශයෙන් හඳුන්වා දීමට Google සමාගම කටයුතු කරයි

Google සමාගම ඔවුන්ගේ පැරණි සම්ප්‍රදායට අවනත වෙමින්, මෙවරත් සුපුරුදු පරිදි ම තමන්ගේ Mid-range Pixel දුරකථනය වන Pixel 8a නිල වශයෙන් එළිදැක්වීමට Google සමාගම විසින් කටයුතු කරනු ලැබුවා. ඒ අනුව මෙහි 128GB මාදිලිය ඩොලර් 499ක සහ 256GB මාදිලිය ඩොලර් 599ක මිලකටත් වෙළදපොලට නිකුත් කිරීමට නියමිත වනවා.

Google Pixel 8a: Design

මේ Google pixel 8a Smartphone එක, Pixel 8 එකට සහ Pixel 8 pro එකට සමානකමින් යුතු design එකකින් යුතු වන අතර Pixel 7a එකට වඩා design ‌එක මදක් වෙනස් කර තිබෙනවා. එමෙන්ම Volume හා Power buttons දකුණු පසින් පිහිටා ඇති අතර මෙයටත් Under display finger print reader එකක් ලබා දී තිබෙනවා. Aluminum frame එකකින් හා Plastic back එකකින් සමන්විත අතර Screen protection එක ලෙස මදක් පැරණි Gorilla glass 3 යොදා ‌ගෙන තිබෙනවා. කෙසේ වෙතත් Gorilla glass 3 බිදීයාම්වලට වැඩි වශයෙන් වැඩි අවදානමක් තිබුණද සීරීම්වලට යම්තාක් දුරට ඔරොත්තු දිය හැකි වනවා. මේ Pixel 8a Smartphone එක Aloe (green), Bay (blue), Obsidian (black) හා Porcelain (white/grayish) යන වර්ණ 4 ඔස්සේ මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

Google Pixel 8a: Display

අගල් 6.1ක FHD+ OLED Display එකක් එකකින් සමන්විත වන මෙය සඳහා Maximum 2000 Nits brightness level එකක් සහ 120Hz Display Refresh rate එකක් ලබා දී තිබෙනවා. මේ අනුව පෙනීයන්නේ pixel 7a එකෙහි තිබූ 1000 Nits Brightness Level එක සහ 90Hz Display Refresh Rate එක සමඟ සලකා බැලීමේදී විශාල Hardware improvement එකක් මේ Smartphone එකට ලබා දීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

Google Pixel 8a: Chipset & Battery

ඒ වගේම ඔවුන් Pixel 8 සහ 8 Pro Smartphone සඳහා භාවිත කළ Tensor G3 chipset එකම මේ pixel 8a බලගැන්වීමට යොදාගෙන ඇති අතර Tensor G3 SOC එකට ‌බලවත් Neural processing unit මගින් සංකීර්ණ Ai task handle කිරීමට හා heavy gaming task පහසුවෙන් run කිරීමේ හැකියාව පවතිනවා. එමෙන්ම 5G සමඟ Wi-fi 6E, Bluetooth 5.3 හා NFC පහසුකම් ද ලබා දී තිබෙන අතර මේ සඳහා 4,492mAh ධාරිතාවකින් යුත් බැටරියක් ද එය ආරෝපණය සඳහා 18W wired සහ 7.5W Qi wireless charging පහසුකම් සපයා තිබෙනවා.

Google Pixel 8a: Camera

‌Pixel 8a සඳහා Pixel 7a සහ Pixel 6a ලෙස ම Dual camera setup එකක් ලබා දී තිබෙන අතර එහි Main camera එක 64mp f/1.89 aperture එකක් සමඟ Optical image stabilization ඇති pixel 7a එකෙහි ම භාවිත වූ sensor එක සමඟ ද Secondary ultrawide camera එක 12mp f/2.2 aperture සමඟ අංශක 120ක පරාසයක් දක්වා විහිදි යන ආකාරයේ ඡායාරූප ලබා ගැනීමේ හැකියාව හිමි වෙනු ඇත. කෙසේ වෙතත් වාර්තා වන තොරතුරුවලට අනුව මේ sensor එකට සඳහා OIS පහසුකම නැති නිසා ultrawide shots වල stability එක ගැන විශාල බලාපොරොත්තුවක් තබා ගත නො හැකියි. Video 4k 60(fps) දක්වා සහය දැක්වීම නිසා Smooth video shots ලබාගැනීමට හැකියාවත් ලැබෙනු ඇතයි දක්වන්න පුළුවන්.

Source: pcmag.com cnet.com