Loading...
Non-Pixel devices වල ‘Flip to Silence’ feature එක අත්හදා බැලීමට Google සමාගම කටයුතු කරයි

Pixel 3 series එක එක්ක Google සමාගම ‘Flip to Shhh’ නමින් device එක පහලට face කරලා තිබ්බම silent mode එකට switch වෙන අලුත් feature එකක් add කරා. ඉතින් වාර්තා එන විදිහට Google සමාගම මේ feature එක Google phone app හරහා Pixel නොවන devices වලටත් ලබා දීමට සූදානම් වෙනවා.

XDA Developers ලා වාර්තා කරන විදිහට Google phone app එකට incoming calls silent කරන්න ‘Flip To Silence’ toggle එකක් add වෙනවා. මේ option එක තියෙන්නේ app එකේ settings වල advanced section එකේ. මේ විදිහට මේ toggle එක තිබ්බත් XDA වාර්තාවට අනුව මේ function එක හැමෝටම functional නෑ.

ඉතින් මේ toggle එක දැනට Essential Phone, Samsung Galaxy Note 20 Ultra, iQOO 3, Redmi Note 5 Pro, ASUS ZenFone 6, POCO F1, සහ OnePlus Nord වගේ non pixel devices කීපයකට නිකුත් වෙලා තියෙනවා.

ඉතින් අපිට පේන විදිහට Google ලා මේ අලුත් feature එක test කරන්නේ users ලා විශේෂිත පිරිසක් සමගයි. මේ toggle එක pixel users ලට ලැබෙන්නේ නෑ මොකද Flip to Shhh feature එක ලබා දීලා තියෙන තියෙන නිසා.

කෙසේ වෙතත් මේ ගැන නිල වශයෙන් Google සමාගම confirm කරලා නෑ. ඒත් අපිට ඒක ඉක්මනට වෙයි කියලා බලාපොරොත්තු වෙන්න නම් පුලුවන්. ඒක සිද්ද උනාම මේ feature එක devices වල තියෙන වැදගත්ම key feature එකක් විදිහට හඳුන්වන්න පුලුවන්.

Source : XDA-Developers