Loading...
Google Pixel 3 මාදිලියේ අවසාන System Update එක බවට Android 12 පත්වේ

Google සමාගම තම Pixel දුරකථන සඳහා බොහෝ කලක් Android සහ Security Updates සපයන බව සියල්ලන්ම හොඳින් දන්නා කරුණකි. නමුත් එහි අවසානයක් ද ඇති නිසා Google Pixel 3 lineup එක සඳහා Android 12 update එකෙන් පසු කිසිදු Android හෝ Security Update එකක් නොලැබෙනු ඇත.

Google Pixel 3 මාදිලිය එළිදැක්වූයේ 2018 වසරේ ඔක්තෝම්බර් මාසයේදීය ඒ Android 9.0 හෙවත් Android Pie සමගය. ඉන් පසු මේ සඳහා පිලිවෙලින් Android 10 හෙවත් Android Q ද Android 11 ද දැන් අවසාන වශයෙන් Android 12 සමඟම මෙහි Android Versions 4ක් තිබී ඇත.

Google සමාගම දැනුම් දුන්නේ වසර් 05ක් යන තුරු තමන්ගේ Pixel Device සඳහා Monthly Security Updates ලබා දෙන බවයි, නමුත් ඒ Pixel 6 Lineup එක සඳහා පමණක් වන අතර එය Pixel 3 සඳහා අදාළ නොවන බවත් එහි සඳහන්.

Source - GIZMOCHINA