Loading...
Google Pixel 4a නිකුත් වීමටත් පෙර කැමරාවේ review එක ලෝකයට

Google Pixel 4A කියන්නේ මේ වර්ෂයේ ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටින Mid-Range දුරකථනයක්. මෙය මැයි මස 22 වැනිදාට නිකුත් වීමට නියමිතයි. මෙයත් සමග දැඩි තරගකාරිත්වයට සැරසෙන LG Velvet, Nokia 8.3, Oneplus Z, iPhone SE අතර ඉතාමත් අසීරු තෝරා ගැනීමක් කරන්න ලොවපුරා පාරිභෝගිකයන්ට සිදුවෙලා තියෙනවා. හැබැයි මේ අතරින් iOS පාවිච්චි කරන හෝ කරන්න කැමති කෙනෙකුට නම් අමුතුවෙන් තොරා දෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. කොහොම වුනත් ලෝකයක් බලන් ඉන්නේ අලුත් Pixel 4A එකේ Camera එක කොහොමද කියලා. ඔන්න ඒ අවස්ථාව උදාවෙලා තිබෙනවා.

මුළින්ම කැමරා Sensor දෙක ඔලුවේ තියාගමු .

Back Camera : Sony Imx 363

  • Resolution: 12.2mp
  • Sensor Size: 1.44um
  • Lens Aperture: F 1.73
  • Focusing: Dual Pixel PDAF
  • Stabilization: EIS & OIS

Front Camera: Sony Imx 355

  • Resolution: 8.1mp
  • Sensor Size: 1.13um
  • Lens Aperture: F 2.0
  • Focusing : Fixed
  • Stabilization: EIS Only

Google Pixel 4A එකෙන් ගත් ජායාරූප කිහිපයක් පසුගිය පළමුවැනිදා කියුබානු Youtuber කෙනෙක් වන Julio Lusson විසින් නිකුත් කරුණු ලැබුවා. ඔහු මේ සාම්පල ගන්නා විටදී නවතම Google Camera version එක තිබුණු බවද ඔහුගේ TechnoLike+ අඩවියේ සටහන් කර තිබුණා.

ඔහු Xiaomi Note 7 සමග Pixel 4A සසදා තිබු ජායාරුප සාම්පල පහළින්,

මීට අමතරව ඔහු ෆොටෝ සාම්පල රාශියක් සමග Review එකක් ඔහුගේ වෙබ් අඩවියෙහි සහ Youtube චැනලයෙහි පළකර තිබුණා, ඒ සාම්පල පහළින්.

PORTRAIT MODE SAMPLES

Google Pixel ඉස්සර ඉදන්ම තනි කැමරාවෙන් සුපිරි Portrait Photos ගන්න තිබෙන හැකියාවට තමයි ප්‍රසිද්දම. Google කියන විදිහට ස්භාවික විදිහට තනි කැමරාවෙන්' Portrait Mode එකෙන් Professional විදිහට වැඩ දාන්න ඔවුන්ට හැකි වෙලා තියෙන්නේ Back Camera එක 1.5 ගුණයක් සහ Front Camera එක 1.2 ගුණයක් Zoom වීමෙන්, Zoom වෙනවත් සමගම FOV එක අඩුවෙන නිසා photo එකට ගන්න පසුපසට හෝ photo එකේ ඉන්න කෙනා පසුපසට යැවීමට සිදුවෙන නිසා බව ඔවුන් කියා සිටියා. (Less perspective distortion)

OUTDOOR SAMPLES

Google නිපදවූ විශිෂ්ට HDR+ ගැන අමුතුවෙන් කිවයුතු නෑ.

ASTROPHOTOGRAPHY SAMPLES

තාරකා පිරුණු අහසක් කැමරාවට හසු කරගැනීමට ඇති හොදම විදිහ Google Astrophotography.

LOW LIGHT PHOTO SAMPLES

Astrophotography වලටත් භාවිතා වෙන Google NightSight.

ZOOM SAMPLES

Zoom කළ චායරුපයක අඩු වියහැකි Details හදන Super Res Zoom.

INDOOR SAMPLES

අවසාන වශයෙන් ඇතුළත ගත් චායාරුප කිහිපයක්.

Original Photos සේරම මෙතනින් බලන්න පුලුවන්

Google Pixel 4a Camera Samples
40 new photos · Album by Mishaal Rahman

දැනට තියෙන තොරතුරු අනුව Pixel 4A එකේ Specifications මෙහෙමයි :

  • Processor: Qualcomm Snapdragon 730
  • GPU: Adreno 618
  • RAM: 6GB
  • Internal storage: 64GB UFS 2.1
  • Display: Single hole-punch 5.81-inch display, 2,340 x 1,080 resolution, 443 dpi, 60Hz refresh rate
  • Rear camera: 12.2 MP Sony IMX363, f/1.73 aperture, 1.4µm pixels, OIS, EIS, LED flash, 4K video recording, Autofocus
  • Front camera: 8.0 MP Sony IMX355, f/2.0 aperture, 1.14µm pixels, EIS, Fixed focus
  • Connectivity: 4G, Dual SIM, GPS, WiFi 5, Bluetooth, GLONASS
  • Ports: USB Type-C, 3.5mm headphone jack
  • Security: Rear fingerprint sensor
  • Battery : 3,080 mAh
  • Software: Android 10

ඊට අමතරව ඔයාලට මේ review එකේ වීඩියෝ එකත් මෙතනින් බලන්න පුලුවන්

Source - XDA Developers, Android Authority