Google Pixel 9 Device එකෙහි Renders බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූවාටත් පෙර මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා. 91Mobiles වෙබ් අඩවිය හරහා මෙම Renders Leak වී තිබෙනවා.
OK #FutureSquad... Following yesterday's first look at the #Google #Pixel9Pro, here comes your very first and very early look at the vanilla #Pixel9 (360° video + crispy sharp 5K renders + dimensions)! You're welcome...😏
— Steve H.McFly (@OnLeaks) January 24, 2024
On behalf of @91mobiles 👉🏻 https://t.co/ejPviIH1cO pic.twitter.com/56b5jV136c
මෙම Design Render එක දුටු විට පෙනී යන්නේ මෙහි Pixel 8 එකට වඩා කුඩා අඟල් 6.1ක පමණ Display එකක් ඇතුලත් විය හැකි වන අතර 9 Pro Device එකට අඟල් 6.5ක Display එකක් ඇතුළත් විය හැකි බවයි. තවද මෙහි Corners වල Curves පෙරට වඩා සැලකිය යුතු ප්‍රමාණයක් වැඩි කළ ඇති අතර බොහෝමයක් දුරට iPhone එකෙහි Design එකට සමාන බවක් පෙනී යනවා.

එක් වරම මෙහි කැපී පෙනෙන අංගයක් වනුයේ පිටුපස ඇති Camera Bar එක වන අතර එයද පෙරට වඩා Rounded Corners සහිතව සහ සැලකිය යුතු ලෙස එහි Bump එකද වැඩි කර තිබෙනවා.
තවද Display එක සම්පූර්ණයෙන් ම Flat වන අතර ඉතා අඩු Bezels ප්‍රමාණයක් ඇති අතර සුපුරුදු පරිදි Front Cam එක සඳහා Punch Hall එකක් ඇතුළත්ව තිබෙනවා.
Source: 91mobiles.com