Loading...
Google සමාගම විසින් Windows මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙ​න පරිගණක මත Android Games ධාවන කිරීම පරීක්ෂාව ආරම්භ කර​යි

පසුගිය වස‍රේ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 11 එළිදැක්වීම සිදු කල අතර එහිදී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ප්‍රකාශ කර සිටියේ වින්ඩෝස් 11 සංස්කරණය සමඟින් ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් ධාවනය කිරීමේ හැකියාව ලබා දීමට කටයුතු කරන බවයි. කෙසේ නමුත් වින්ඩෝස් 11 නිකුත් කිරීමේදී ඇන්ඩොයිඩ් යෙදවුම් ධාවනය කිරීම සඳහා වන සහය ලබා නොදෙන බව මයික්‍රොසොෆ්ට් සමාගම නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවා.

මෑතකදී Google සමාගම විසින් ප්‍රකාශ කරනු ලැබුවේ Windows 11 සංස්කරණය මත Android games ධාවනය කිරීමේ හැකියාව 2022 වර්ෂයේදී ලබා දීමට ඔවුන් විසින් කටයුතු කරන බව​යි. ඒ අනුව Google සමාගම විසින් මේ වන විට Windows සඳහා වන Google Play Gamesහි පළමු beta සං​ස්කරණය නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ හරහා මේ වන විට Android Games 12ක් Windows 11 මත ධාවනය කිරීමේ හැකියාව හිමි වී තිබෙනවා.

Google Play Gamesහි beta සංස්කරණය සඳහා මේ වන විට ප්‍රවේශ වීමට හැකියාව ඇත්තේ හොංකො​ං, තායිවාන​ය සහ දකුණු කොරියාවේ වෙසෙන පරිශීලකයන්ට වන අතර මේ හරහා Asphalt 9, Gardenscapes and Homecapes ඇතුළු තවත් ක්‍රීඩා කිහිපයක් පරික්ෂා කර බැලීමේ හැකියාව ලැබී තිබෙනවා.

මේ සඳහා Windows 10 (v2004) හෝ Windows 11 මත ධාවනය වන, octa-core CPU එකක්, බලවත් GPU එකක්, 8GB Ram එකක් සහ 20GB SSD එකක් minimum requirement එක ලෙස දැක්වෙනවා.

Google Play Gamesහි menu එක බෙහෙවින්ම Google Play Store එකේ menu එකට සමානකම් දක්වන අතර games සඳහා in-app purchases පහසුකමද ලබා දී තිබෙනවා. නුදුරේදීම අනෙකුත් regions සඳහාද Google Play Games beta එක ලබා දීමට Google සමාගම කටයුතු කරන බවද වාර්තා වනවා.

Sources: Google Play Beta, 9to5Google