Loading...
Android පරිශීලකයන්ගේ අවසරයෙන් තොරව location track කිරීම හේතුවෙන් Google වෙත කැලිෆෝනියා අධිකරණයෙනුත් නඩු පවරයි

Google සමාගමට user privacy එක ගැන චෝදනා එල්ල වෙන්න පටන් ගත්තෙ අද ඊයෙක ඉඳන් නෙමේ. ඉතින් පසුගිය අඟහරුවාදාත් (ජූලි 14) කැලිෆෝනියාවෙ, සැන් ජෝස් අධිකරණයේ දී එවැනි privacy violation සම්බන්ධ නඩුවක් ගොනු කෙරුනා. මෙහි Google සමාගමට එල්ල උන චෝදනාව වූයේ smartphones වල සියලුම tracking options disable උනු අවස්ථාවලදී පවා Google සමාගම එම users ලව track කර ඇති බවයි. Boies Schiller Flexner කියන law firm එක මේ නඩුව ගොනුකරලා තියෙන්නේ එලෙස චෝදනා කරන users ලා කීප දෙනෙක් වෙනුවෙන්.

මේ චෝදනාවෙන් තවදුරටත් පැවසෙන්නේ user ගෙ smartphone එකේ Google Account settings වල ‘Web and App Activity’ tracking disable කරලා තිබුණත්, එම devices track වී ඇති බවයි.

“Even when consumers follow Google’s own instructions and turn off ‘Web and App Activity’ tracking on their ‘Privacy Controls,’ Google nevertheless continues to intercept consumers’ app usage and app browsing communications and personal information”                                                                                                              -Boies Schiller Flexner

ඒ වගේම් ඔවු තව දුරටත් චෝදනා කරන්නේ මේ unauthorized data collection එක සිද්ද වෙන්නෙ Google ලගෙ Firebase app development platform එක හරහා කියලායි. මේ software එක ගැන කීවොත් මේක ගොඩක් app developers ලා අතරේ ජනප්‍රියයි. ඔවුන් පවසන ආකාරයට මේ හරහා කිසිම notice එකකින් තොරව අනිත් apps වල run කරන්න පුලුවන්. මේ ගැන Google සමාගම පවසන විදිහට මේ software එක තුලින් developers ලට ඔවුන්ගෙ apps සහ services improve කරන්න පුලුවන් කියලයි. කෙසේ වෙතත් මේ නඩුව හරහා ඔවුන් චෝදනා කරන්නෙ personalized ads වගේ දේවල් පෙන්වීමට Google සමාගම මේ විදිහට නීති විරෝධීව එකතු කරගත්ත ඒ Firebase data ප්‍රයෝජනයට ගන්නා බවයි.

ඉතින් මේ විදිහට නඩුව ගොනු කරමින් ඇමෙරිකාවෙ wiretapping laws සහ කැලිෆෝනියාවෙ local privacy laws කඩකිරීම සම්බන්ධයෙන් වන්දි ඉල්ලීමට ඔවුන් කටයුතු කරලා තියෙනවා.

ඉතින් මේක තමා මාස එක හමාරක් වගේ කෙටි කාලයක් ඇතුලත privacy violations සම්බන්ධයෙන් Google සමාගමට එරෙහිව ගොනු වුන දෙවෙනි lawsuit එක. පසුගිය ජූනි මාසයේ දී මේ law firm එකම $5 billion class action lawsuit එකක් Google ට විරුද්ධව ගොනු කරේ Chrome web browser එක Incognito mode එකේදි user data collect කරනවා කියන චෝදනාව මත. කෙසේ වෙතත් එම චෝදනාව Google සමාගම තරයේ ම ප්‍රතිකේෂ්ප කලා.

Source : NDTV