Loading...
අඩු ආදායම්ලාභීන් සඳහා අඩු මුදලට ජංගම දුරකතන ලබා දෙන්න Google සමාගම සැර​සේ

වර්තමාන ලෝකයේ ස්මාර්ට් ජංගම දුරකතන ලොව පවතින හොඳම තාක්ෂණය භාවිතා කරගනිමින් නිපදවනු ලබවනවා. ඒ වගේම එම ඇතැම් දුරකතන වල මිලද ඇමරිකානු ඩොලර් 1,000 පවා ඉක්මවන අවස්ථා තිබෙනවා. මේ නිසා බහුතරය​ක් අයට එම ජංගම දුරකතන මිලදී ගැනීමේ හැකියාව අහිමි වී යනවා මෙන්ම මඟ හැරීද යනවා.

නමුත් මේ තත්වය වෙනස් කරමින්, අඩු ආදායම් ලාභීන්ටද හොඳ ජංගම දුරකතනයක අත්දැකීම ලබා ගැනීමේ හැකියාව ඇති කිරීමට Google සමාගම සහ අඩු මිලට අන්තර්ජාල සේවා සපයන්නෙකු වන Q Link Wireless විසින් එක්ව වැඩපිලිවෙලක් නිර්මාණය කර තිබෙනවා. ඒ අනුව සුදුසුකම් ලබන පාරිභෝගිකයන්ට ඇමරිකානු ඩොලර් 250ක් වැනි මුදලකට නවතම Pixel 6a ජංගම දුරකතනය්ක් මිලදී ගැනීමේ හැකියාව හිමිවනු ඇත.

මේ වට්ටම ලබා ගැනීමට නම් අදාල පුද්ගලයන් Q Link සමාගමේෆෙඩරල් වැඩසටහන සමඟින් සම්බන්ධ වී සිටිය යුතු වනවා. ඒ වැඩසටහන හරහා අඩු ආදායම් ලාභීන්ට නොමිලේ අන්තර්ජාල සේවාවන් සහ නොමි​ලේ දුරකතන සේවාවන් සැපයීම සිදු කරනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් Q Link Wireless සමාගමේ නියෝජිතයෙකු විසින් සටහනක් තබා ඇත්තේ, මේ වැඩසටහන හරහා ලබාදෙ​න ජංගම දුරකතනය අනාගත විද්‍යාඥයෙකු හෝ, තරුණ නිෂ්පාදකවරයෙකු හෝ, අනාගත ජනාධිපතිවරයෙකු බිහිකරනු ඇති බවයි.

"This phone will find its way to the hands of a future scientist in a broken home, to the hands of a young producer with dreams bigger than him, or maybe even the hands of the future president,"

ඩොලර් 30,000ට වඩා අඩු වාර්ෂික ආදායමක් ලබන ඇමරිකානුවන් නව තාක්ෂණය වෙත පිවිසීම අඩු කරන අතර ඇමරිකාවේ 40%ක පමණ නිවාසයන් වල බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල පහසුකම හෝ, ලැප්ටොප් පරිගණකයක් හෝ පරිගණකයක් නොමැති බව සමීක්ෂණ මඟින් හෙලි වී තිබෙනවා.

Sources: PR Newswire