Loading...
Google සමාගමේ Recorder App එක හරහා Pixel පරිශිලකයන් හට Audio Clips Edit කිරීමේ සහ Share කිරීමේ පහසුකම් ලැබෙයි

Google සමාගම ගිය අවුරුද්දේ මුලදී නිකුත් උනු ඔවුන්ගේ Pixel 4 series එක හරහා අලුත්ම recorder app එකක් හඳුන්වා දුන්නා. ඉතින් මේ voice recording app එක ඔයා කලින් use කරලා තියෙන සාමාන්‍ය voice recording app එකක් නෙමේ. මේ app එක support කරන්නේ real-time transcription. තවත් විදිහකට කීවොත් මේක journalists ලට musiciansලට boom එකක් වගේ. ඉතින් අලුත් ම 5G-enabled Pixel 4a සහPixel 5 devices එක්ක මේ recording app එකට තවත් අලුත් features කීපයක්ම එකතු වෙන්න නියමිත වෙලා තියෙනවා.

ඉස්සෙල්ලම මේ recording app එකට අලුත් audio editing feature එකක් add වෙනවා. ඔයාට හැකියාව ලැබෙනවා audio clip එකක් හරි transcribed text එකක section එකක් හරි select කරගෙන ඒක crop කරගෙන අනවශ්‍ය කොටස් remove කරගන්න. ඔයාට ඕන කොටස highlight කරගත්තට පස්සේ ‘Crop’ සහ ‘Remove’ ලෙස buttons දෙකක් display වෙනවා.

ඒ වගේම මේ recorder app එක මගින් ඔයාට හැකියාව ලැබෙනවා transcribed texts වලින් specific words search කරලා හොයාගෙන ඒ දේවල් ඉවත් කරගන්න. උදාහරණයකට ‘uhh’, ‘umm’ වගේ වචන පෙන්නල දෙන්න පුලුවන්.

තවදුරටත් Google සමාගම පෙන්වා දෙන්නේ මේ මගින් recorded interview එකක නැත්තන් song idea එකක saved audio clip එකකින් video එකක් generate කරලා quotes විදිහට share කිරීමේ හැකියාව පවතිනවා කියලයි. ඉතින් මේ feature එක ගොඩක් useful වෙන දෙයක් වේවී. ඒ වගේම ගොඩක් creative දේවල් උනත් පහසුවෙන් මේ හරහා කරන්න හැකියාව ලැබෙනවා කියන දේ නම් පැහැදිලීයී.

ඉතින් මෙන්න මේ වගේ useful features කීපයක් එක්කයි මේ අලුත්ම voice recorder එක release වෙන්නේ. මේ ගැන ඔයාගෙ අදහසත් පහලින් comment කරන්න අමතක කරන්න එපා.