Loading...
VGA, HDMI, DVI connectors ගැන සරලව

පහු ගිය දවස් වල Social Media වල Share වුණ Reading Book එකක ප්‍රින්ටින් මිස්ටේක් එකක් ඔයාලා ගොඩක් දුරට දකින්න ඇති. ඒ නිසාම තමා අද මං මේක ගැන් ලියන්න හිතුවෙ. අහ් තව දෙයක්, ඒ මිස්ටේක් එක නිවැරදි කරලා තමා පොත අදාල තැන් වලට යවලා තියෙන්නෙ.

සරල​ව කිව්වොත් මේවා Display connectors. ඒ කියන්නෙ අපේ computers වල Home theaters..බ්ලා බ්ලා.. වල හැදෙන වීඩියෝස් screen එකකට අරං යන එක තමා මේවලින් සිද්දවෙන්නෙ.

හරි අපි දැං එකින් එක බලමු මොනාද මේ කේබල්, මේ එකින් එකේ විශේශත්වෙ මොකද්ද කියලා.

VGA (Video Graphics Array)connector

මේක 1987 IBM සමාගම විසින් තමා හඳුන්වලා දීලා තියෙන්නෙ. මේක දෙපැත්තෙන් scrow දෙකක් සහිතව එන නිල් පැහැති කනෙක්ටර් එකක්. මේ කනෙක්ටර් එක VGA, D sub, HD-15 කියන නම් වලින් හඳුන්වනවා. මේ කනෙක්ටර් එකේ සිදුවෙන ප්‍රධාන කාර්‍ය වෙන්නෙ analog signal එකක් අරං යන එක තමා. මේක ගොඩක් ප්‍රචලිත උනේ CRT monitor එක්ක. මොකද කිව්වොත් CRT monitor වැඩ කරන්නෙ analog signal එක්ක. ඒ කියන්නෙ digital devices වලිං analog signal එකක් අරං යන්න තමා මේ කනෙක්ටර් එක හැදුනෙ.

මේ VGA port එක හරහා ලබා දෙන්න පුළුවන් උපරිම resolution එක 2048*1536 ක් වෙනවා. මේ signal එක analog නිසා කේබල් එකේ මහත වගේම කේබල් එකේ දිග මත මේ සිග්නල් එක ගුණාත්මක බාවය අඩු වෙනවා. ඒ කියන්නෙ කේබල් එක දිග වැඩි වෙන්න වැඩි වෙන්න signal එක අරං යන්න අපහසු වෙනවා.

DVI (Digital Video Interface) connector

LCD, LED වැනි මොනිටර් එක්ක තමා මේ port එක හඳුන්වාදෙන්න පටං ගත්තෙ. මේ කනෙක්ටර් එකෙත් අපිට දෙපැත්තෙන් scrow 2ක් සහිත ලොක් එකක් බලාගන්න පුළුවන්. මේ connector එකේ වර්ග දෙකක් එනවා. ඒ තමා DVI-I (single link) සහ DVI-D (single link).

DVI-I (single link) වලදි analog සහ digital කියන signal වර්ග දෙකම සපෝට් කරනවා. ඔයාලගෙ graphic card එකේ තියෙන්නෙ DVI-I port එකක්නම් ඔයාලට පුලුවන් DVI to VGA connector එකක් පාවිච්චි කරලා අර පරන CRT මොනිටරේකට සිග්නල් එක යවලා ඒකෙන් output එක ලබාගන්න පුළුවන්.

ඔයාලගෙ graphic card එකේ තියෙන්නෙ DVI-D port එකක් නම් මේකෙදි සපෝර්ට් කරන්නෙ Digital signal විතරයි.

මේ DVI ports, Single Link සහ Dual Link කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඉස්සර තමා DVI single link ආවෙ. දැං බොහෝ දුරට අපිට දකින්න තියෙන්නෙ DVI dual link port එක(මේකෙ අපිට full Pin සෙට් එකක් බලාගන්න පුළුවන්). මේ දෙකන්ම අපිට DVI-I සහ DVI-D connectors බලාගන්න පුළුවන්. DVI-I සහ DVI-D පහසුවෙන් හඳුනගන්න පුළුවන් ක්‍රමය තමා DVI-I වල වැඩිපුර තියෙන Pin හතර.

DVI ports
DVI-D Single Link Cable

DVI single link වලදි උපරිම 1920*1200 resolution අගයකුත් DVI dual link වලදි උපරිම 2560*1600 resolution වශයෙනුත් screen resolution එක බලාගන්න පුළුවන් වෙනවා.

HDMI (High Definition Multimedia Interface) connector

Monitors වගේම Tv, Gaming consoles, Blue Ray player වැනි තවත් දේවල් වලට දියුනු කරලා හදපු හදපු connector එක තමයි මේ HDMI කියන්නෙ. මේකෙදි ඔයාලට VGA සහ DVI වල වගේ scrow ලොක් එකක් බලාගන්න හම්බෙන්නෙ නෑ. VGA සහ DVI වලට වඩා වැඩි පහසුකම් ප්‍රමාණයක් අපිට මේ පෝර්ට් එක හරහා ලබාගන්න පුළුවන්. උදාහරණ විදියට Uncompressed Video, Uncompressed Audio , Ethernet Data වගේ දේවල් අපිට මේ හරහා අරං යන්න පුළුවන් වෙනවා.

ඔයා පාවිච්චි කරන device වල video වල තියෙන audio එකත් ඔයාට output එකට අරං යන්න පුළුවන් වෙනම audio output එකක් පාවිච්චි නොකරම මෙමගින්. සාමාන්‍ය වීඩියෝ වගේම 3D වීඩියෝස් වැනි දේවලුත් ඔයාට මේ HDMI හරහා අරගෙන යන්න පුළුවන්(ඒකට ඔයාගෙ devices 3D Technology support කරන්න ඕනෙ).

මේ HDMI වල විවිධ සංස්කරණ කිහිපයක් නිකුත් වෙලා තියෙනවා. ඒවල තියෙන පහසුකම් ගැන පහල වගුවෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

Evolution of HDMI

HDMI වලට වඩා advance මේ වගේම තව connector එකක් තියෙනවා Display port කියලා. නමුත් ඒක HDMI connector එක තරම් භාවිත​යේ නෑ. ඒක ගැනත් ඔයාලා විස්තර ටිකක් හොයලා බලන්න.

Display port cable

එහෙනම් මේ වගේම තවත් ලිපියකි​න් ඉදිරියේදි අපි හමුවෙමු. සුබ දවසක්..