Loading...
Android 11 beta 1 සඳහා දැනට සහය දක්වන ජංගම දුරකථන (මෙය යාවත්කාලීන වන ලිපියකි)

Google සමාගම ඊයේ Android 11 එකේ පළවෙනි stable beta එක රිලීස් කරා. Initial release එකේදී මුලින්ම Android 11 beta 1 එක release උනේ Pixel device වලට විතරක් උනත් මේ වෙනකොට තවත් Smart phone manufacturesලා වන Xiaomi, OnePlus, සහ Realme beta program එකට එකතු වෙලා තියෙනවා.

ඉතිං අපි බලමු ඔයාගේ ෆොන් එක Android 11 beta 1 වලට support කරනවද කියල. අළුතෙන්ම device එකක් Android 11 beta 1 වලට support කරනවා නම් අපි මේ ආර්ටිකල් එකම අප්ඩේට් කරල ඔයාලට කියන්නම්.

Android 11 Beta 1 සහය දක්වන දුරකථන

සැ. යු.: Android 11 beta updates සහය දක්වන ජංගම දුරකථන announce කරන වාරයක් පාසා අප විසින් අලුත් ලිපියක් රැගෙන එන්නේ නැති අතර මෙම ලිපියම යාවත් කාලින කරන්නෙමු.

Android 11 Beta Update ලැබීමට නියමිත ජංගම දුරකථන

සැ.යු.: Poco X2 සඳහා Android 11 Beta 1 ලබා දීම පිලිබඳ මේ වන විටත් නිල නිවේදයක් නැති අතර කට කතා පමණක් පැතිරේ. එබැවි එය මෙහි ඇතුලත් කර නොමැත.

Android 11 Beta install කරන්නේ කොහොමද?

ඔයාගේ ෆෝන් එක Android 11 beta 1 එකට support කරනවා නම් සහ ඔයාට ඔයාගේ device එකට Android 11 beta 1 එක install කරගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් Android 11 Beta program website එකෙන් කරගන්න. කරන්න තියෙන්නේ පොඩි දෙයයි. ඔය පේජ් එකට ගිහිං ඔයාගේ device එකට Android 11 beta 1 support කරනවාද කියල check කරලා beta program එකට enroll උනාම OTA update එකක් විදිහටම ඔයාට එනවා. හැබැයි මේ ක්‍රමය වැඩ කරන්නේ Pixel Device වලට විතරයි.

අනිත් devices වලට ආව්වශ්‍ය නම් ඒ කරන විදිහ ඒ අදාල නිෂ්පාදකයාගේ වෙබ්සයිට් එකෙන් බලාගන්න පුලුවන්.

මතක තමා ගත යුතු දේ

ඔයාගේ daily drive එක විදිහට use කරන device එකට නම් මේක දාන්න එපා. මොකද තාමත් beta 1 එක නිසා bugs එන්න පුළුවන්. සමහර විට ඒ bugs වලින් ඔයාලගේ සමහර වැඩ වල බාධා වෙන්න පුලුවන්. ඉතිං ඔයාගේ primary device එකට නම් මේක දාන එක අපි අනුමත කරන්නේ නෑ.

ඉදිරි සති කිහිපය තුලදී Samsung, Sony, Asus, Huawei, Vivo, සහ Nokia වැනි ප්‍රධාන නිෂ්පාදකයිනුත් ගිය අවුරුද්දේදී වගේම මේ වතාවෙත් එයාලගේ flagship වලට Android 11 beta 1 release කරයි.