Loading...
Android මෙහෙයුම් පද්ධතියේ ඉතිහාසය ස​හ 2003 සිට අද වන තුරු ආ ගමන් මඟ

Smart Phone එකක් කිව්ව ගමන්ම මතකයට එන දෙයක් තමයි Android කියන්නේ. Android ගැන ඔයා මොනවද දන්නේ ? ඉතින් අද මම කතාකරන්න යන්නේ ඔයා, මම ඇතුලු අපි හැමෝම වගේ භාවිතා කරන මේ Android මෙහෙයුම් පද්ධතියේ ඉතිහාසය ගැන.

Android මූලාරම්භය

Android වල ඉතිහාස කතාව පටන් ගන්නේ 2003 වර්ෂයේ ඉදන්. ඔයාලට හිතාගන්න පුලුවන්නේ 2003 කියනකොට. ඒ කියන්නේ පළවෙනි iPhone එක නිකුත් වෙන්නත් වසර ගණනකටත් කලින්. මේ Android Inc (ඉන්කෝපරේශන්) ආරම්භයට මූලික දායකත්වය ලබා දෙන්නේ පුද්ගලයන් හතර දෙනෙක්. ඒ Rich Miner, Nick Sears, Chris White සහ Andy Rubin කියන පුද්ගලයින්.

2013 වර්ෂයේ ජපානයේ ටෝකියෝ නුවර පැවති ආර්ථික සමුළුවක් අමතමින් Andy Rubin පවසා සිටියේ ඔවුන් මුලින්ම Android මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරේ Digital Camera සදහා බවත්, එකල Digital Camera වෙළෙඳපොළ සිදුවූ කඩාවැටීමත් සමග ඔවුන් තම Android මෙහෙයුම් පද්ධතිය ජංගම දුරකතන සදහා නැවත නිර්මානය සිදුකිරීමට පටන් ගත් බවයි.

2005 වර්ෂයේ Android Inc, Google සමාගම මිලදී ගැනීමත් සමග Android හී ගමන් මාර්ගය වෙනත්ම දිශාවකට යොමු වෙනවා. එනම් Android මෙහෙයුම් පද්ධතිය Linux පදනම්ව නිර්මාණය කිරීම හා එලෙස නිපදවන මෙහෙයුම් පද්ධතිය තෙවන පාර්ශවිය ජංගම දුරකතන නිෂ්පාදකයින් හට නොමිලේ ලබා දීමත්ය. එලෙස නොමිලේ ලබාදෙන තම මෙහෙයුම් පද්ධතියට විවිධ සේවා හා Apps සැපයීම මගින් මුදල් ඉපයීම Google සමාගමේ පරමාර්ථය වුවා. Google සමාගම, Android Inc මිලදී ගැනීමෙන් පසුව Andy Rubin ඇතුලු කණ්ඩායම Google සමාගම සමග එක්ව කටයුතු කල බව විශේෂයෙන් සදහන් කිරීමට අවශ්‍යයි.

Android හි සුරතලා "Andy"

Android Mascot, එහෙමත් නැත්නම් Android Logo එක ඒකට තමයි මේ 'Andy' කියලා කියන්නේ. තවත් සමහරු මේකට Bugdroid කියලත් කියනවා. කෙසේ වෙතත් මේ Android Mascotට Official Name එකක් නම් නැහැ. ඉතින් මේ Andy ගෙන් රොබෝවරයෙක්ව තමා නිරූපණය වෙන්නේ. 2008 වර්ෂයේදී  Android Mascot නිර්මාණය කරන්නේ Googleහී Graphic Designer වරියක් ලෙස කටයුතු කල Irina Block විසින්. විශේෂම සිදුවීම නම් Irina හට Andy ගේ මූලාකෘතියට අදහස පහල වී ඇත්තේ Restroom තුල ගැහැනු හා පිරිමි ලෙස අලවා තිබෙන රූප දැකීමෙන් වීමයි.

තවත් කරුණක් නම් Google සමාගම මේ Android Mascot ව නිර්මානය කරන්නේ Open-source Project එකක් ලෙසටයි. එනම් Android Mascotගේ මූලාකෘතිය Creative Commons 3.0 Attribution License එක යටතේ ඕනෑම කෙනෙකුට වෙනස් කිරීමට හැකි වීමයි. ඉතින් අපේ Android වැඩකාරයෝ Logo එක නිර්මානය කර තිබෙන්නේත් මේ Android Mascot එක ඇසුරෙන් බව සදහන් කළ යුතුයි.

2008 වර්ෂයේ නිර්මාණය කරන Android Mascotව මූලිකව අවස්ථා දෙකකදී වෙනස් කිරීම්වලට ලක්වුණා. අවසාන වශයෙන් වෙනස් කිරීමට භාජනය වූයේ 2019 වර්ෂයේදීයි. 2019 දී සිදුවූ වෙනස් වීමේදී අපේ Andy ට ඔහුගේ ශරීරය අහිමි වෙනවා.

Android 1.0 එලිදැක්ම

2007 වර්ශයේදී පලමු iPhone එක එළිදැක්වීමත් සමග ජංගම දුරකථන ලෝකය වෙනත්ම දිශාවකට යොමු වූවා. මේ වන විටත් Google සමාගම තම Android මෙහෙයුම් පද්ධතිය පිලිබද කිසිදු තොරතුරක් හෙලිකර තිබුණේ නැහැ. පසුව සෙමෙන් සෙමෙන් Google සමාගම, Apple සහ අනෙකුත් Mobile Platforms සමග තරග කිරීම සදහා තම සැලසුම් ඉදිරිපත් කිරීම සිදුකලා. මින් මූලික වූයේ දුරකථන සහ තාක්ෂණික සමාගම් එකතු කරමින් 'Open Handset Alliance' නම් සමූහයක් නිර්මාණය කිරීමයි. මේ අතරට HTC, Motorola වැනි ජංගම දුරකථන නිෂ්පාදන සමාගම්ද Qualcomm වැනි Chip නිෂ්පාදන සමාගම්ද ඇතුලත් වූවා.

පලමු Android දුරකතනය T-Mobile G1

එකල Googleහී CEO වන Eric Schmidt විසින් Open Handset Allianceහී ප්‍රකාශයක් නිකුත් කරමින් මෙලෙස සදහන් කරනු ලැබුවා.

“Today’s announcement is more ambitious than any single ‘Google Phone’ that the press has been speculating about over the past few weeks. Our vision is that the powerful platform we’re unveiling will power thousands of different phone models.”

2007 නොවැම්බර් 5 වන දින Android 1.0 Public Beta සංස්කරණ​ය Developersලා සදහා නිකුත් කරනු ලැබු අතර පසුව 2008 වර්ෂයේදී පළමු Android Smart දුරකතනය ලෙස T-Mobile G1 (HTC Dream) වෙළදපලට නිකුත් කරනු ලැබුවා. මෙම ජංගම දුරකථනය අගල් 3.2 ක pop-up Tochscreen Display එකකින් හා QWERTY Physical Keyboard එකකින් සමන්විත වූවා. නමුත් මෙහි 3.5mm Headphone Port එකක් අඩංගු නොවීම වැනි හේතු නිසා මෙම T-Mobile G1 හට එතරම් හොද ප්‍රතිචාරයක් ලබා ගැනිමට නොහැකි වුවා.

මෙම Android 1.0 තුලද Google සමාගම Google Maps, Youtube, HTML Browser (පසු කාලිනව chrome) හා Android Market වැනි විවිධ Apps හා සේවා ඇතුලත් කර තිබුණා. මෙතනින් පසු Android 12 දක්වාම මේ වන තෙක්ම Android සංස්කරණ නිකුත් කරනු ලැබුවා. එම සංස්කරණය හා ඒවා හැදින්වූ නම් පහලින් බලාගන්න පුලුවන්.

Android Version Marketing Name Release Date
13 Tiramisu August 15, 2022
12 Snow Cone October 4, 2021
11 Red Velvet Cake September 8, 2020
10 - September 3, 2019
9 Pie August 6, 2018
8 Oreo August 21, 2017
7 Nougat August 22, 2016
6 Marshmallow October 5, 2015
5 Lollipop November 3, 2014
4.4 Kitkat October 31, 2013
4.3


Jelly Bean
July 24, 2013
4.2 November 13, 2012
4.1 July 9, 2012
4.0 Ice Cream Sandwich October 19, 2011
3.1-3.2 Honeycomb May 10, 2011
2.3 Gingerbread February 9, 2011
2.2 Froyo May 20, 2010
2.0-2.1 Eclair October 27, 2009
1.6 Donut September 15, 2009
1.5 Cupcake April 27, 2009

මෙතෙක් නිකුත් වූ සියලුම Android සංස්කරණ පිලිබද සවිස්තරාත්මක ලිපියක් සමග ඉක්මනින්ම හමුවෙමු.

Source- Android Authority, Wikipedia