Loading...
Apple සමාගමේ ඉතිහාසය

ලෝක ප්‍රසිද්ධ apple සමාගම ගැන නොදන්න කෙනෙක් නැති තරම් Steve Jobs ආරම්භ කරපු ඇපල් සමාගම මේ වන විට ලෝකෙයේ වැඩිම ආදායම් ලබන සමාගම් කිහිපය අතරට එක් වී හමාරයි. වර්ෂ 2018 වන විට ඇපල් සමාගම විසින් iPhone බිලියන 2.2 කට වඩා අලෙවි කර තිබෙනවා. ඇපල් ඉන්කෝපරේෂන් විසින් නිර්මාණය කරන ලද iOS ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය ලොව වඩාත් ආරක්ෂාකාරීම මෙහෙයුම් පද්ධතියක් ලෙස සැලකෙනවා.

ඉතින් ඔබ iPhone එකක් එහෙමත් නැත්නම් MacBook එකක් හෝ මොනයම් ආකාරයේ ඇපල් සමාගමේ නිෂ්පාදනයක් පාවිච්චි කරනවා නම් ඔබ දන්නවා ඇති එහි ඇති ගුණාත්මකභාවය. ඉතිං apple සමාගම ගැන අපි දන්න දේවල් වගේම නොදන්න දේවල් බොහොමයක් තිබෙනවා. මේ ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Apple සමාගමේ ඔබ නොදන්නා ඒ ඉතිහාසය ගැන.

ඇපල් සමාගමේ ආරම්භය

ඇපල් කම්පියුටර්ස් ඉන්කෝපරේටඩ්, 1976 අප්‍රියෙල් 1 වන දින ආරම්භ කරන ලද්දේ විද්‍යාලයෙන් ඉවත් වූ ස්ටීව් ජොබ්ස් සහ ස්ටීව් වොස්නියැක් විසිනි. ජොබ්ස් සහ වොස්නියැක්ට අවශ්‍ය වූයේ පරිගණක ඔවුන්ගේ නිවෙස්වල හෝ කාර්යාලවල තබා ගැනීමට තරම් කුඩා කිරීමටයි. සරලව කිවහොත්, ඔවුන්ට අවශ්‍ය වූයේ පරිශීලක-හිතකාමී පරිගණකයක්.

ඡායාරූපය:ස්ටීව් ජොබ්ස් සහ ස්ටීව් වොස්නියැක්

අද වන විට ලෝකයේ වැඩිම ආදායම් උපයන ඇපල් සමාගම ආරම්භ වුණේ පුංචි ගරාජයක කිව්වොත් ඔබ ඇත්තටම පුදුම වේවි.ජොබ්ස් සහ වොස්නියැක් එකතු apple I පරිගණකජොබ්ස්ගේ ගරාජයේ තැනීම ආරම්භ කළ අතර ඒවා මොනිටරයක්, යතුරුපුවරුවක් හෝ ආවරණයක් නොමැතිව විකුණනු ලැබීය (1977 දී එකතු කිරීමට තීරණය කරන ලදී). Apple I පරිගණකය සාර්ථක අලෙවියක් වාර්තා කිරීමට සමත් විය. ඉන් අනතුරුවපළමු වරට වර්ණ ග්‍රැෆික්ස් හඳුන්වා දෙමින් II පරිගණක කර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදු කළේය. එහි විකුණුම් 1978 දී ඩොලර් මිලියන 7.8 සිට 1980 දී ඩොලර් මිලියන 117 දක්වා ඉහළ ගියේය, එම වර්ෂය ඇපල්සමාගම ප්‍රසිද්ධියට පත් වූ වර්ෂයයි

වොස්නියැක් ගේ නික්මයාම

ඇපල් සමාගම ඉතාමත් සාර්ථක තත්ත්වයකට පත් වී තිබුණත්වොස්නියැක් ගේ අවධානය කෙමෙන් කෙමෙන් ඇපල් පරිගණක නිර්මාණයෙන් ඉවතට ඇදී ගොස් තිබුණා. හේතුවෙන්ම වොස්නියැක් 1983දී ඇපල් සමාගමෙන් ඉවත් වී ගියා. ඒ අනුව ස්ටීව් ජොබ්ස් ඇපල් සමාගමේ අධ්‍යක්ෂක වරයෙක් බවට පත්වුණා. පසුව ස්ටීව් ජොබ්ස් විසින් PepsiCo සමාගමේ ජෝන් ස්කලීව අධ්‍යක්ෂකවරයෙක් ලෙස බඳවා ගත්තා.

ඡායාරූපය: ඇපල් සමාගමේ ආරම්භක සාමාජිකයෝ

කෙසේවෙතත් මෙම පියවර පසුකාලීනව ස්ටීව් ජොබ්ස්ගෙ බොහෝ ක්‍රියාකාරකම් පසුබෑමට ලක් කරන සිදුවීමක් වුණා.

ජොබ්ස්ගේ අභිනිෂ්ක්‍රමණය

ආරම්භයේ දී ඔවුන් දෙදෙනාගේ එක්වීම බොහෝ සාර්ථක නිෂ්පාදන සඳහා දායක වුවත් පසුකාලීනව ඔවුන් දෙදෙනා අතරමතභේදයන් ඇතිවුණා. මේ නිසාවෙන්ම ස්ටීව් ජොබ්ස් හට තමන් ආරම්භ කර සමාගමෙන් ඉවත් වීමට සිදු වුණා. ඒ1985 වර්ෂයේදී. ස්ටීව් ජොබ්ස් අවසන් කාලයේ සිදු කළ කතාවක මෙම සිදුවීම පිළිබඳව තමන් ආරම්භ කළ තමන්ගේම සමාගමේ නික්ම යාමට තමන්ට සිදු වූ බව සදහන් කරමින් ප්‍රකාශ කළේ ඔහුට දැනුණු ශෝකී බව සහ බලාපොරොත්තු කඩ වීම විය හැකියි.

Next සමාගම ආරම්භ කිරීම

ස්ටීව් ජොබ්ස් 1985 වසරේ දී තම සමාගමෙන් ඉවත්වීමත් සමගම ඇපල් සමාගමේ එවකට සේවය කළ සේවකයින් කිහිප දෙනෙකු ද එක්කාසු කරගෙන next නමින්උසස් අධ්‍යාපන සහ වෙළඳපොළවල් සඳහා විශේෂඥ දැනුමක් සපයන පරිගණක ආයතනයක් ආරම්භ කළා. ඒ වගේම 1986 වර්ෂයේදීජෝර්ජ් ලූකස් සමග එක්වීපරිගණක ග්‍රැෆික් අංශයෙන් 3D computer animated කර්මාන්තය දියුණු කිරීමටද කටයුතු කලා. ඒ අනුව ලොව පළමු පරිඝණක ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටිය ලෙස toy story ච්ත්‍රපටිය 1995 වර්ෂයේදී නිර්මාණය වුණා. අද ඔබත් මමත් ඉතාමත් ආශාවෙන් නරඹන පරිගණක animation චිත්‍රපට නිර්මාණයේ මූලාරම්භය ස්ටීව් ජොබ්ස්ගේ මෙම සාර්ථක උත්සාහයන්ගේ ්‍රතිඵලයකි.

ඡායාරූපය: toy story චිත්‍රපටියෙ පෝස්ටරය

ස්ටීව් ජොබ්ස් නැවත පැමිණෙයි

නෙක්ස්ට් සමාගම විසින් 1997 වර්ෂයේදී ඇපල් සමාගම නැවතත් අත්පත් කර ගැනීමට සමත් වූ අතර මාස කිහිපයකින් අනතුරුව ස්ටීව් ජොබ්ස් විසින් ඔහුව නෙරපා දැමූ සමාගමේම අධ්‍යක්ෂවරයෙක් බවට පත්විය. බංකොලොත් වීමට ඉතාමත් ආසන්නව සිටි ඇපල් සමාගමට පුනර්ජීවනයක් එක් කිරීම සම්බන්ධයෙන් ඇපල් සමාගම ඇත්තවශයෙන්ම ස්ටීව් ජොබ්ස් හට ණයගැති විය යුතුය. වර්ෂ 2000 දී ස්ටීව් ජොබ්ස් ඇපල් සමාගමේ නිල විධායක අධ්‍යක්ෂවරයා බවට පත්විය

ඔහු විසින් 1997 දී “වෙනස් ලෙස සිතන්න” වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කර iMac, iTunes, iTunes Store, Apple Store, iPod, iPhone, App Store , සහ අයිපෑඩ්. 2001 දී, මුල් මැක් මෙහෙයුම් පද්ධතිය නෙක්ස්ට් හි නෙක්ස්ට්ස්ටෙප් මත පදනම්ව සම්පූර්ණයෙන්ම නව Mac OS X මගින් ප්‍රතිස්ථාපනය කරන ලද අතර මෙහෙයුම් පද්ධතියට පළමු වරට නවීන යුනික්ස් පදනම් කරගත් පදනමක් ලබා දුන්නේය.

ඡායාරූපය: මැක් ඕඑස් එකෙහි භාවිතය

විප්ලවීය වෙනසක්

මෙම තීරණයෙන් ටික කලකට පසු අවධිය සමාගමේ සමාගමේ වැඩිම සාර්ථකත්වයක් ලැබූ අවධිය වශයෙන් සැලකිය හැකියි. පුද්ගලික පරිගණක යන සංකල්පය හඳුන්වා දුන්නේ මෙම අවධියේදීම ය. ඒ අනුව රැකියාවක් සිදු කරන ඕනෑම අයෙකුට නමින් iBook නමින් පුද්ගලික ලැප්ටොප් පරිගණකයක් පාවිච්චිය පිළිබඳ සංකල්පය හඳුන්වා දෙනු ලැබීය. iPod යන නමින්mp3 player සහ iTunes නමින්මෘදුකාංගයක් ද හඳුන්වා දෙන ලදී. ජොබ්ස්ගේ හොඳම පියවර ලෙස මෙය හඳුන්වා දෙනු ලැබේ.

අදටත් ඇපල් සමාගමේ වඩාත් ලාභදායීම අංශය ලෙස සංගීතය සම්බන්ධ නිෂ්පාදන එනම් iPod සහ iTunes සලකනු ලැබේ. ඇපල් සමාගම තමන්ගේ විශාල සාර්ථකත්වයක් ජංගම දුරකථන හරහා ද ලැබීය. අද වන විට පරිශීලකයන්ට ඉතාමත් user-friendly ආකාරයේ ඡංගම දුරකථන මෙහෙයුම් පද්ධතියක් ඇපල් සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබයි.මෑතක සිට ඇපල් සෙලියුලර් දුරකථන වලට අමතරව ඇපල් ටීවී ද පරිශීලකයින් වෙත හඳුන්වා දී ඇත.

ඇපල් සමාගමේ ඉතිහාසය ගැන කතා කරද්දි apple logo එක ගැන කතා නොකරම බැහැ.1977 වර්ෂයේදී Rob Janaoff විසින් ඇපලෝ එක පළමු වරට නිර්මාණය කරනවා

ඡායාරූපය: ඇපල් සමාගමේ ලාංඡනයේ පරිණාමය

ඇත්තටම සමාගමක ලාංඡනය විදියට ඇපල් ගෙඩියක් යොදා ගත්තේ ඇයි. මේ පිළිබඳව සඳහන් කීපයක්ම තිබෙනවා.

ඇපල් සමාගම විසින් බොහෝවිට සඳහන් කරපු මතය තමයි,නවීන දින පරිගණකයට අඩිතාලම දැමූ ඇලන් ටියුරින්ට උපහාරයක් වීම . දුප්පත් මිනිසා ඔහුගේ වැඩ කටයුතු සඳහා හඳුනා නොගත් අතර, සමලිංගිකයෙකු වීම නිසා ඉඳහිට නින්දාවට පත්වීම සහ අශෝභන ලෙස සිරගත වීම නිසා ඔහු සයනයිඩ් විෂඇතුල් කළ ඇපල් ගෙඩියක් අනුභව කරනු ලැබුවා.

කෙසේවෙතත් කතෝලික පල්ලියේ බලපෑම මත ජැනොෆ් මහතා මීට වසර කිහිපයකට පෙර එය ප්‍රතික්ෂේප කළේය. ඔවුන්ට අනුව, ඇපල් මගින් දැනුම සංකේතවත් කරයි. එමෙන්ම අයිසැක් නිව්ටන්ට ගුරුත්වාකර්ෂණ සංකල්පය සොයා ගැනීමට මඟ පෑදූ පලතුර නියෝජනය කරයි.

වීරයකුගේ නික්ම යාම

ඡායාරූපය: ස්ටීව් ජොබ්ස්

2003 වර්ෂයේදී ස්ටීව් ජොබ්ස් හට තමන්ගේ අග්න්‍යාශයේneuro endocrine ගෙඩියක් ඇති බව හඳුනා ගන්නා ලදී. ඒ අනුව අග්න්‍යාශයික පිළිකාවකින් පෙලීම නිසා ඉතාමත් මානසික වශයෙන් පීඩාවකට පත් වුණු Steve Jobs තමන්ගේ ජීවිතයේ ඉතාමත් කැපවීමෙන් සහ දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කළ වර්ෂ කීපයක් බවටඉතිරි ජීවිත කාලය පත්කරගැනීමට සමත් විය. ඔහුට අනුව තමන්ට ජීවත්වීමට ඇති කාලය සීමිත බව දැනගෙන කටයුතු කිරීමට හැකි වීම නිසා තමන්ගේ සාර්ථකත්වය සඳහා උත්සාහයෙන් යුක්තව කටයුතු කළ හැකි වුණු බව සඳහන් කරයි. ස්ටීව් ජොබ්ස් වයස අවුරුදු 56 සම්පූර්ණ කරන විට එනම් 2011 ඔක්තෝම්බර් මස පස්වන දින අග්න්‍යාශයික පිළිකාවකින් ලෝකෙන් සමු ගන්නා ලදී.

කෙසේ වෙතත් ඇපල් සමාගම අදටත් ස්ටීව් ජොබ්ස්ගේ සංකල්පය ක්‍රියාවට නංවමින් ලෝකයේ ලාභ ලබන අංක එකේ සමාගමක් ලෙස ඉහලින්ම වැජඹේ. සැබවින්ම ඇපල් සමාගම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදුකරන ලද වෙනස අද්විතීයයි. තාක්ෂණික ක්‍රියාකාරකම් නව්‍යකරණය කිරීම සඳහා එම සමාගම සිදු කරන ලද බලපෑම ඉතාමත් විශාලයි වසර තිහකට වැඩි කාලයක් ඇපල් සමාගම හඳුන්වා දී ඇති සුවිශේෂී පහසුකම් සඳහා ලෝකයේ එතෙක් මෙතෙක් ඔවුන්ගේ පහසුකම් පාවිච්චි කරනලද බිලියන ගණනාවක් වූ ජනතාව ඒ සඳහා ඇපල් සමාගමට ණයගැති විය යුතුයි.