Loading...
Spotify භාවිතා කරන online streaming සඳහා වැය වන mobile data ප්‍රමාණය කොපමණද කියා ඔබ දැන සිටියාද?

Spotify Music Streaming Service එක පසුගිය පෙබරවාරි මාසයේ දි  ශ්‍රී ලංකාවට නිල වශයෙන් නිකුත් කිරීමට කටයුතු කල බවට අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා.

එහිද Spotify Premium Plans සදහා අවශ්‍ය ගෙවිම් කටයුතු Dialog, SLTMobitel හා Hutch හරහා සිදු කිරිමේ හැකියාවත් ලබා දෙනු ලැබුවා. ඉතින් Spotify Music Streaming Service එකේ Premium වගේම Free Plan භාවිතා කරන හැමෝටම Online Stream කිරිමේ හැකියාව තිබෙනවා. අපි දැන් බලමු Spotify Online Stream සදහා Data වැය විමේ ප්‍රමාණය දළ වශයෙන් කොහොම වෙයිද කියල.

ප්‍රධාන වශයෙන් Spotify Music Streaming එක මගින් අපිට Audio Stream Quality 4ක් යටතේ Music Stream කිරිමේ හැකියාව ලබා දි තිබෙනවා.

  1. Low: 24 kbps
  2. Normal: 96 kbps
  3. High: 160 kbps‌‌
  4. Very High: 320 kbps

Spotify Free Accountවල දි නම් Streaming කරන්න පුළුවන් වෙන්නේ 24 kbps, 96 kbps හා 160 kbps කියන Audio Qualityවලින් පමණයි. Spotify Premium Accountවලදි නම් 24 kbps, 96 kbps හා 160 kbps කියන Free Music Streaming Qualityවලට අමතරව 320 kbps ප්‍රමාණයේ Very High Audio Quality එකෙන් Streaming කිරිමේ හැකියාව ලැබෙනවා.

ඒ වගේම Web Player එකෙ⁣න් Stream කරනවා නම් Free Account සදහා 128kbps Audio Quality එකෙනුත් Premium Account සදහා 256kbps Audio Quality එකෙනුත් Spotify Music Stream කිරිමේ හැකියාව ලැබෙනවා.

Podcast Streaming Quality එක‌‌සැම Devices එකකම වගේ 96kbps පමණ වෙන අතර Web Player එක මගින් 128kbps පමණ Audio Quality එකක් මගින් Stream කිරිමේ හැකියාව ලැබෙනවා.

එක සිංදුවක් Spotify මගින් Stream කිරිමට සාමාන්‍යයෙන් කොමපණ Data ප්‍රමාණයක් වැය වෙනවද ?

සාමාන්‍යයෙන් සිංදුවක ධාවන කාලය මිනිත්තු 3ක් හෝ 4ක් අතර කාලයක් තමයි තියෙන්නේ. සාමාන්‍ය එම කාල පරාසයේ පවතින එක් සිංදුවක් Spotify මගින් Stream කිරිම සදහා වැය වන Data ප්‍රමාණ දළ වශයෙන් පහත පරිදි වෙනවා.

  1. Low Quality Streaming - 0.6MB‌‌
  2. Normal Quality Streaming - 2.5MB
  3. High Quality Streaming - 4.2MB‌‌
  4. Very High Quality Streaming - 8.4MB

Spotify මගින් පැයක කාලයක් Stream කිරිමට සාමාන්‍යයෙන් කොමපණ Data ප්‍රමාණයක් වැය වෙනවද ?

එලෙසින් සාමාන්‍ය සිංදු කිහිපයක් පැයක කාලයක් Spotify මගින් Streaming සදහා වැය වන Data ප්‍රමාණයන් දළ වශයෙන් පහත පරිදි පෙන්වා දෙන්න පුළුවන්.

  1. Low Quality Streaming - 10MB‌‌
  2. Normal Quality Streaming - 45MB
  3. High Quality Streaming - 75MB
  4. Very High Quality Streaming - 150MB

Spotify මගින් මාසයක් කාලයක් Stream කිරිමට සාමාන්‍යයෙන් කොමපණ Data ප්‍රමාණයක් වැය වෙනවද ?

සාමාන්‍යයෙන් දළ වශයෙන් මාසෙකට පැය 25ක් Spotify Music Streaming Service එක මගින් Music Stream කරොත් අපිට වැය වෙන Data ප්‍රමාණය දළ ව⁣ශයෙන් පහත පරිදි දක්වන්න පුළුවන්. ( මෙහි දි මාසයකට Spotify User කෙනෙක් පැය 25ක පමණ Music Streaming කරන බවට Statista වෙබ් අඩවිය මගින් තොරතුරු ලබා ගනු ලැබුවා )

  1. Low Quality Streaming - 250MB ( ~0.24GB )‌‌
  2. Normal Quality Streaming - 1125MB ( ~1.1GB )‌‌
  3. High Quality Streaming - 1875MB ( ~1.8GB )
  4. Very High Quality Streaming - 3750MB ( ~3.7GB )

සමාන්‍ය Active Spotify User කෙනෙක් සාමාන්‍යයෙන් මාසයකට Stream කරන පැය ප්‍රමාණය මත ගණනය කර තිබෙන අතර මෙය බොහෝ විට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි වෙනවා. ඒ වගේම බොහෝ විට අපි සදහා මිට වඩා වෙනස් Monthly Stream Hours ප්‍රමාණයක් ලැබිය හැකි වෙනවා.

අපි මෙතන විශේෂයෙන්ම Spotify Music Stream කිරිමේ පිළිබඳ සාකච්ඡා කරන්නේ කලින් Download කලා අහනවට වඩා අපිට එදිනෙදා Suggest වෙන Spotify Albums වල තියෙන Music Collection එකට බොහෝ දෙනා කැමති නිසයි. මේ නිසා බොහෝ දෙනා Spotify තුලින් Music Download කරනවට වඩා Online Stream කරන්න යොමු වි තිබෙනවා.

Quality setting Bit rate Data consumed by
three-minute song
Data consumed
in one hour
Low 24 kbits/s 0.54MB 10.8MB
Medium 96 kbits/s 2.16MB 43.2MB
High 160 kbits/s 3.6MB 72MB
Very High 320 kbits/s 7.2MB 144MB

දළ වශයෙන් Spotify Music Streaming Service එක සදහා වැය වෙන Data ප්‍රමාණයක් ඉහත පරිදි වෙන අතර මේ වන විට SLTMOBITEL විසින් ඔවුන්ගේ 'Unlimited Entertainment' Add On Data Package එක සදහා Spotify Music Streaming Service එකත් ඇතුලත් කරන්න කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඒ Package එක තුලින් Spotify සදහා Unlimited Data ලබා දි තිබෙනවා.