Loading...
Hack නොවී ඉන්නේ කොහොමද?

මුලින්ම Hack නොවී ඉන්න නම් අපි දැනගෙන ඉන්න ඕනි අපිව hack වෙන්න පුලුවන් කොහොමද කියන එක. එතකොට අපිට පුලුවන් අපේ accounts hack වෙන එකෙන් වලක්වගන්න. අපිව Hack වෙන්න පුලුවන් ක්‍රම ගැන සම්පුර්ණ විස්තර මන් වෙනම Article එකක් ගේන්නම්. ඉතින් අද බලමු Hack නොවී ඉන්නනම් මොනවද කරන්න ඕනි කියන එක.

01. Don’t open mail from strangers

ඔබ නොදන්නා E – Mail Address එකකින් Mail එකක් ආවොත් එය Open කිරීමේදී බොහෝ ලෙස පරිස්සම් විය යුතුය. එයට හේතුව වර්තමානය වන විටබොහෝ User Account Hack වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙලෙස නොදන්නා ගිණුම් වලින් ලැබුණු Mails වල ඇති Attachments open කිරීමට උත්සහ කිරීම බවට වාර්තා වී ඇත. නොදන්නා නොදන්නා ගිණුම් වලින් ලැබුණු Mails වල ඇති Attachments සමග Malwares හෝ Viruses පරිගණකයට Download වී ඔබගේ පරිගණකයද භාවිත කල නොහැකි තත්වයට පත් වීමට ඉඩ ඇත. එබැවින් නොදන්නා E – Mail Address එකකින් Mail එකක් ආවොත් එය Open කිරීමේදී බොහෝ ලෙස පරිස්සම් විය යුතුය.

02.Make sure your devices are up to date

ඔබගේ පරිගණකයේ Security Software, Web Browsers හා ඔබගේ අනෙකුත් උපාංග නිතරම Update කරන්න.සෑම විටම turn on those automatic updates now යන Option එක On කර තබන්න. Update එකක් තුල ඔබගේ වැඩසටහන් හෝ උපාංගවල අනාවරණය වී ඇති ඕනෑම security holes සඳහා critical fixes බොහෝ විට ඇතුළත් වේ.

03. Use strong passwords

ඔබගේ Accounts වෙනත් පුද්ගලන් විසින් සොරගනීම වළක්වාලන ප්‍රධානතම භාධකය ඔබගේ Accounts වල‍ට ඇති Passwords වේ. ශක්තිමත් Password එකක් යෙදීම මගින් ඔබගේ Accounts අන් පුද්ගලයන් සතු වීම වැළක්වීමට අපට ගත හැකි ප්‍රධානතම පියවරකි. ශක්තිමත් Password එකක් යෙදීමේදී පහත කරුණු පිළිබඳව සලකා බලන්න.

  • කෙටි Passwords නිර්මාණය කරන්න එපා. ( Don't make short passwords.)
  • ඔබගේ මුරපදය පහසුවෙන් සොයාගත හැකි තැනක ගබඩා නොකරන්න. (Don't store your password where it can be easily found.)
  • අනුමාන කිරීමට පහසු මුරපදයක් සාදන්න එපා. (Don't make a password that's easy to guess.)
  • සෑම ගිණුමක් සඳහාම වෙනත් මුරපදයක් භාවිතා කරන්න. (Do use a different password for every account.)
  • වෙනස් Characters වර්ග භාවිතා කරන්න. (Do use varied character types)
  • පොදු ආදේශන වලින් වළකින්න. (Avoid common substitutions.)

04. Use two-factor authentication

Two-factor authentication සඳහා ඔබ ඔබගේ User Name සහ Password භාවිතා කර ප්‍රවේශ වූ පසු ඔබගේ අනන්‍යතාවය තහවුරු කර ගත යුතුය. සමහර අවස්ථාවලදී, ඔබගේ දුරකථනයට හෝ Email මගින් එවන ලද Code එක ඇතුළත් කිරීමෙන් ඔබගේ අනන්‍යතාවය තහවුරු කරන මෙන් ඔබෙන් අසනු ඇත. වෙනත් අවස්ථාවලදී, ඔබට Security Questions වලට පිළිතුරු දිය යුතුය. ඔබගේ ගිණුම් වෙත ප්‍රවේශ වීමට ඔබට තවත් තත්පර කිහිපයක් ගතවනු ඇත, නමුත් එමඟින් අනෙක් පුද්ගලයින්ට ඔබගේ ගිණුම්වලට පිවිසීමට ඇති ඉඩකඩ අඩු වේ.

බොහෝ සමාජ ජාලා ගිණුම් ප්‍රමාණයක් Hack වී ඇත්තේ වෙනත් පුද්ගලයෙක් විසින් එවන ලද Link එකක් Click කර එය හරහා ගිණුම් වලට Sign in වීම නිසාය. මෙහිදී එම Link එක Click කර Sign in වීමේදී ඔබ විසින් ඇතුලත් කල විට ඔබගේ Credentials, ඔබට Link එක එවූ පුද්ගලයාට ලැබේ. එසේ නොමැති වුවහොත් ඔබ එම Link එක Click කල වහාම Malware එකක් හෝ Virus එකක් ඔබගේ පරිගනකයට Auto Download විය හැක. එමනිසා වෙනත් පුද්ගලයන් විසින් එවන Links Click කිරීමේදී බොහෝ ලෙස පරිස්සම් වන්න.

06. Avoid using unsecured public Wi-Fi

ඔබ‍ට හැකි නම් ඔබගේ උපාංගවල වලින් අනාරක්ෂිත පොදු Wi-Fi වෙත ප්‍රවේශ වීම වළක්වා ගැනීමට උත්සාහ කරන්න. එය භාවිතා කිරීමෙන් ඔබ අන් යට Vulnerable විය හැක . ඔබ එය භාවිතා කිරීමට අවශ්‍ය නම්, ඕනෑම Web Site එකක ඔබේ Private Data හෝ Financial Informationsවැනි තොරතුරු ඇතුළත් කිරීමෙන් වළකින්න. ඔබේ browsing සඳහා VPN එකක් භාවිතා කිරීම මගින් එය ඔබ යවන සහ ලැබෙන Data Intercept කිරීම අපහසු කරයි.

07. Back up your data regularly

ඔබ ඔබේ දත්ත Back up කර නොමැති නම්, ඔබ ransomware වැනි Malware වලට ගොදුරක් බවට පත්වුවහොත්, ඔබේ Data නැවත ලබා ගැනීමට ඔබට නොහැකි වනු ඇත. එමගින් යම්කිසි ආකාරයකින් ඔබගේ Data ආරක්ෂා කරගැනීමටත්, ප්‍රධාන Device එකේ Data Loss එකක් සිදු වුව හොත් එම Data නැවත Recover කරගැනීමටත් හැක.

08.Install an Antivirus and Keep It Updated

Internet Security Software හට සෑම තර්ජනයකින්ම ආරක්ෂා විය නොහැක, නමුත් එය බොහෝ Malware හඳුනාගෙන ඉවත් කරනු ඇත. නමුත් එය නිතරම Update කර පවත්වාගත යුතුය. එමහින් අලුතෙන් හදුනාගත් Malware සහ Virus වල‍ටcritical fixes සහ security holes සඳහා Fixes එම Updates තුල ඇතුළත් වේ. එම නිසා Virus Guards නිතරම Update කර පවත්වා ගැනීම වැදගත් වේ.

09. Be smart with financial information

ඔබගේ Credit Card අංකය වැනි තොරතුරු අන්තර්ජාලය හරහා ඇතුළත් කරන්නේ කොතැනද යන්න ගැන සැලකිලිමත් වන්න. ඔබ වෙබ් අඩවියකින් කිසිවක් මිලදී ගැනීමට පෙර, වෙබ් අඩවියේ URL ආරම්භ වන්නේ “https://” සමඟ බව සහතික කරන්න. අවසානයේ ඇති “s” ඉතා වැදගත් වේ, මන්ද එය ඔබගේ සම්බන්ධතාවය Encrypt කර ඇති බව අඟවයි. මෙය නොමැති වෙබ් අඩවියකින් කිසිවක් මිලට නොගන්න. එසේම, Online Shopping කිරීමේදී ඔබ මිලදී ගන්නා Web Sites වලට ඔබේ financial information ඇතුලත් කිරීමේදී සැලකිලිමත් වන්න.

10. Avoid sharing personal information

පුද්ගලික තොරතුරු අන්තර්ජාලය සමඟ බෙදා ගැනීම මගින් වලින් සයිබර් අපරාධකරුවන්ට ඔබ හට කොපමණ හානියක් කළ හැකිද යන්න ගැන ඔබට අවබෝධයක් නොමැති විය හැක. නමුත් එය බොහෝ සේ අනතුරුදායකය.

ඔබේ සම්පූර්ණ නම, ලිපිනය හෝ මූල්‍ය තොරතුරු වැනි හඳුනාගැනීමේ තොරතුරු ඔබ අන්තර්ජාලයේ පල කල හොත් එම තොරතුරු උපයෝගී කරගෙන Hacker කෙනෙක්ට ඔබ ගැන පැහැදිලි අවබෝදයක් ලබා ගත හැක. එම දැනුම උපයෝගී කරගෙන ඔහු හට ඔබාගෙ Passwords පවා Guess කිරීමට හැකියාවක් ලබා ගත හැක.

වෙබ් අඩවි සඳහා ඔබ නිර්මාණය කරන පරිශීලක නාමයන් ගැනද ඔබ සැලකිලිමත් විය යුතුය - ඔබේ සැබෑ නම ඇතුළත් කිරීමට ඔවුන්ට අවශ්‍ය නැත. සමීක්ෂණ හෝ Forms වල ඔබ බෙදාගන්නා තොරතුරු ප්‍රමාණය පිලිබදව පරෙස්සම් වන්න. බොහෝ විට, ඒවා සම්පුර්ණ කිරීම සඳහා කිසිදු සත්‍ය පෞද්ගලික තොරතුරක් අවශ්‍ය නොවේ.

11. Educate others

අන්තර්ජාලයේදී ඔබව hack වීමට හැකි ආකාරය පිලිබදව අන් යද දැනුවත් කරන්න.එමගින් ඔවුන් ද දැනුවත් වී ඔවුන් සතුව ඇති ඔබගේ හෝ අන් අයගේ තොරතුරුද වෙනත් පුද්ගලයෙකු සතු වීම වළක්වාගත හැක.