Loading...
Prepaid connection වලට හොඳ​ම Data, Calls සහ sms Package එක තෝරා ගන්නේ මෙහෙම​යි

ලිපියේ මාතෘකාව දැක්ක ගමන්ම ඔයා හොදින්ම දන්නවා අපි මේ කතා කරන්න යන්නේ මොකක් ගැනද කියන එක. ඉතින් අද මේ කරන්න හදන්නේ අපි එදිනෙදා පාවිච්චි කරන Social Media Apps ටිකට Unlimited Data දෙන, Web Browsingවලට ඇති වෙන්න Data දෙන, Unlimited Calls දෙන, ඇති වෙන්න SMS දෙන සහ අපි ගෙවන මුදලට වඩාත්ම වාසි දායක Package එක මොකක්ද කියලා පොඩි සන්සන්දනයක් කරන්න.

මේ වන විට ලංකාව තුළ ජංගම දුරකථන සේවා සපයන සමාගම් 04ක් තිබෙනවා. ඒවා විදිහට Dialog, SLT-MOBITEL, HUTCH සහ Airtel සමාගම් හඳුනවා දෙන්න පුලුවන්. ඉතින් අපි බලමු මේ සමාගම්වලින් අපිට වාසිදායකම Prepaid Package එක දෙන්නේ කවුද කියල.

Dialog

Unlimited Blaster
රු.999.00 කට ලබා දී ඇති මේ Package එක ඔස්සේ ඔබට පහත පහසුකම් ලබා ගන්න පුලුවන්.

  • Unlimited Any Network Calls
  • 1000 Any Network SMS
  • Unlimited Facebook, Whatsapp සහ Youtube
  • 10GB Anytime Data

මේ Package එක දින 30ක කාලයක් සඳහා වලංගු වන අතර පෙර ගෙවුම් පාරිභෝගිකයින්ට මෙය සක්‍රිය කර ගත හැකියි.

SLT-MOBITEL

මොවුන් විසින් Unlimited MAX සහ One Shot Unlimited ලෙසින් Packages දෙකක් ලබා දී තිබෙන අතර මින් Unlimited MAX Package එක රු.988.00කටත්, One Shot Unlimited Package එක රු.989.00කටත් ලබා ගන්න පුලුවන්.

Unlimited MAX

  • Unlimited Any Network Calls
  • 1000 Any Network SMS
  • Unlimited Facebook, Instagram, Whatsapp, Messenger, Youtube සහ Tiktok
  • 30GB Anytime Data (1GB Daily)

මේ Package එක දින 30ක කාලයක් සඳහා වලංගු වන අතර පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පාරිභෝගිකයින්ටද ලබා ගත හැකි වනවා.

One Shot Unlimited

  • Unlimited Any Network Calls
  • Unlimited Any Network SMS
  • Unlimited Facebook, Instagram, Whatsapp, Messenger, Youtube සහ Tiktok
  • 30GB Anytime Data

මේ Package එක දින 30ක කාලයක් සඳහා වලංගු වන අතර පෙර ගෙවුම් පාරිභෝගිකයින්ට පමණක් ලබා ගත හැකියි.

Hutch

Unlimited 888

රු.888.00 කට ලබා දී ඇති මේ Package එක ඔස්සේ ඔබට පහත පහසුකම් ලබා ගන්න පුලුවන්.

  • Unlimited Any Network Calls
  • 500 Any Network SMS
  • Unlimited TikTok, Facebook, YouTube, Instagram, WhatsApp, Messenger, IMO, Viber සහ Telegram.
  • 30GB Anytime Data (1GB Daily)

මේ Package එක දින 30ක කාලයක් සඳහා වලංගු වන අතර පෙර ගෙවුම් පාරිභෝගිකයින්ට පමණක් ලබා ගත හැකියි.

Airtel

රු.749.00 සහ රු.888.00 ලෙසින් Freedom Packages දෙකක් ලබා දී තිබෙනවා.

Freedom Plus

රු.888.00 කට ලබා දී ඇති මේ Package එක ඔස්සේ ඔබට පහත පහසුකම් ලබා ගන්න පුලුවන්.

  • Unlimited Any Network Calls
  • 50 Any Network SMS / 1000 Airtel to Airtel
  • Unlimited Facebook, Instagram, Whatsapp, Messenger, Viber, Imo, Telegram, Youtube සහ Tiktok

  • 30GB Anytime Data (1GB Daily)

මේ Package එක දින 30ක කාලයක් සඳහා වලංගු වන අතර පෙර ගෙවුම් පාරිභෝගිකයින්ට පමණක් ලබා ගත හැකියි.

Unlimited Voice

රු.749.00 කට ලබා දී ඇති මේ Package එක ඔස්සේ ඔබට පහත පහසුකම් ලබා ගන්න පුලුවන්.

  • Unlimited Any Network Calls
  • 50 Any Network SMS / 1000 Airtel to Airtel
  • Unlimited Facebook, WhatsApp, Messenger සහ Youtube
  • 30GB Anytime Data (1GB Daily)

මේ Package එක දින 30ක කාලයක් සඳහා වලංගු වන අතර පෙර ගෙවුම් පාරිභෝගිකයින්ට පමණක් ලබා ගත හැකියි.

ඔයාලා හිතන විදිහට අපිට වාසිදායකම Package එක දෙන්නේ කවුද ? ඒ වගේම දැන් ඔයාලා දැන් පාවිච්චි කරන Package එකේ Internet Speed එක එහෙම කොහොමද කියල පොඩි Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

Cover Image: Created with DALL-E