Loading...
GitHub වලි​න් open-source project වලට contribute කරන්නේ මෙහෙම​යි

Git සහ Github පස්වන පාඩමට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඔයා පසුගිය පාඩම් කියවූයේ නැතිනම් ඒවා මුලින් කියවා අවසන් කර මෙම කොටසට පැමිණෙන්න. මෙම පාඩම හරහා Github හි පවතින open-source projects වලට contribute කරන ආකාරය සාකච්චා කරනවා.

Git සහ GitHub ගැන මුල සිට ඉගෙනගමු
මෙම ලිපි මාලාව හරහා Git සහ GitHub කියන්නෙ මොනවද සහ ඒවා භාවිතා කරන ආකාරය පිළිබදව ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. එහි පළමු ලිපිය විදියට Version Control, Git සහ GitHub කියන්නෙ මොනවද කියල බලමු.
Git Repository එකක් හදලා files add කරන්නේ මෙහෙමයි
Git සහ GitHub දෙවෙනි පාඩමට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඔයා පළවෙනි පාඩම කියවූයේ නැතිනම් ඒක මුලින් කියවල එන්න. Git සහ GitHub ගැන මුල සිට ඉගෙනගමුමෙම ලිපි මාලාව හරහා Git සහ GitHub කියන්නෙ මොනවද සහ ඒවා භාවිතා කරන ආකාරය පිළිබදව ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. එහි පළමු ලිපිය විදියට Version Control, Git සහ GitHub…
Git වල Branching සහ Merging කියන්නේ මොකද්ද?
මෙම පාඩම හරහා Git වල Branching සහ Merging පිළිබද හොද අවබෝධයක් ලබාගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.
Git Remote Repositories එක්ක වැඩ කරමු
මෙම පාඩම හරහා Github remote repositories සමග වැඩ කරන ආකාරය සාකච්චා කරනවා.

Open-source project contribution කියන්නෙ ඔයාගෙ coding skills සහ problem solving skills improve කරගන්න ලැබෙන ඉතාම හොද අවස්තාවක් සහ open-source community එකට ඔයාගෙ support එක ලබාදෙන්නත් මේක හොදම ක්‍රමයක් වෙනවා.

මේ ක්‍රියාවලිය ඔයාලට කියල දෙන්න මම sample repository එකක් නිර්මාණය කළා. ඒ නිසා මේ ක්‍රියාවලිය ඔයාටම try කරල බලන්න පුලුවන්.

  1. මුලින්ම කරන්නේ තියෙන්නෙ contribute කරන්න project එකක් හොයාගන්න වෙනවා. මේ සදහා ඔයාට Github Search එක භාවිතා කරන්න පුලුවන්. නමුත් මුලින්ම try බලන්න මම හදපු repository පහළ තියෙන link එකෙන් access කරන්න පුලුවන්.

https://github.com/hasalaonline/Github-Lesson-By-Hasala-Abhilasha.git

2. දැන් ඔයා මුලින්ම කරන්න ඕන “README.md” හෝ මේ ආකාර ගන්නා ඔවුන් ලබාදී ඇති documentation එක හොදින් කියවිය යුතුයි. එමගින් එම project එකේ coding standards, contribution process, සහ අනෙකුත් specific requirements ගැන හොද අවබෝධයන් ලබාගන්න පුලුවන්. ඔයා contribution එකක් කරන්න පෙර එය හොදින් අවබෝධ කරගැනීම ඉතා වැදගත් වෙනවා. ඔබට ඉහත ලබාදුන් repository එක තුළත් ඉතා සරල documentation එකක් ඇතුළත් කර තිබෙනවා. මීට අමතරව තවත් projects වල documentation ටිකකුත් කියවල මේ පිළිබද යම් අදහසක් ලබාගන්න පුලුවන්.

3. මීළගට පහළ දක්වා ඇති image එකේ ආකාරයට එම repository එක Fork කරගන්න. ඒ හරහා එම repository එකේ copy එකක් ඔයාගෙ Github account එකට add වීම සිදුවෙනවා.

4. දැන් ඔයා ඔයාගෙ account එකට add වෙලා තියෙන repository එකේ මෙන්න මේ link එක copy කරගන්න.

University ID එක පාවිච්චි කරලා GitHub student package එක සක්‍රීය කරගන්නේ කොහොමද?
රජයේ විශ්වවිද්‍යාල මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල වලද එයටම ආවේණික වුන Email විශේෂයක් තිබෙනවා. මේ මගින් තමයි ඒ විශ්වවිද්‍යාල කටයුතු නිල වශයෙන් සිදුවන්නේ. ඉතින් මේ Email වලින් අප නොහිතන සෑහෙන්න වැඩ ප්‍රමාණයක් නොමිලේම කරගන්න පුලුවන්. අද අපි කතා කරන්න යන්නේ Campus ID එක පාවිච්චි කරලා GitHub student packa…

University ID එක පාවිච්චි කරලා GitHub student package එක සක්‍රීය කරන හැටි මෙතනින් කියවන්න.

5. දැන් ඔයාගෙ terminal එකේ එහෙමත් නැත්තම් cmd එකේ “git clone <url of your forked repo>” මෙන්න මේ command එක හරහා ඔයා machine එකට repository එක clone කරගන්න. මෙහිදී අප පෙර පාඩම් වල කළා ආකරයට Git Configuration එකක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම master branch එකකුත් remote repository configuration එකත් automatically ම සිදුවෙනවා.

6. Good Practise එකක් විදියට contributions කරන්න පටන්ගන්නා විට අලුත් branch එකක් තුළ වෙනස්කම් සිදුකිරීම ඉතාම හොදයි. Branch හදන්නෙ කොහොමද කියල මීට පෙර පාඩම් වලදි කතා කරල තියෙනවා.

7. දැන් ඔයා ඔය folder එක ඇතුලෙ තියෙන html file එකේ copy එකක්, “hello_name” එකේ name වෙනුවට ඔයාගෙ name එක දාල හදාගන්න. මතක තියගන්න ඔතන තියෙන original html එක edit කරන්න එපා. දැන් ඔයාගෙ folder එක පහළ තියෙන image එකේ වගේ තියෙන්න ඕන.

8. දැන් ඔය folder එක කැමති Text Editor එකකින් හෝ notepad එක ආධාරයෙන් හෝ open කරල “hello_name.html” එකේ තියෙන code එක ඔයා හදපු html එකට කොපි කරල “Your name” කියල තියෙන තැනට ඔයාගෙ name එක replace කරන්න. මම මෙතනදි මේ වැඩේට use කරේ Visual Studio Code software එක.

9. දැන් තියෙන්නෙ මේ code එක අපි කලින් පාඩම් වල කියල දුන්න ආකාරයට push ගන්න. ඒ කොටස ආයෙ මෙතනදි කියල දෙන්නෙ නැහැ.

නොමිලේ ලබාදෙන $200,000ක පමණ වටිනාකමක් ඇති GitHub Student Developer Pack කියන්නේ මොකක්ද?
අද අපි කතා කරන්න යන්නේ මොකක්ද මේ GitHub Student Developer Pack කියන්නේ කියල.

GitHub Student Developer pack එක $200,000ක් පමණ වටින බව ඔබ දැන ගෙන සිටියාද? 🤯

10. මීළගට ඔයාගෙ Github Account එකේ forked repository එක open කරාට පසු පහත ආකාරයෙන් pull request එකක් open කරගන්න පුලුවන්.

11. Original Repository එකේ හිමිකරුට පුලුවන් ඔයාගෙ Pull Request එක review කරල Original Repository එකට Merge කරන්න පුලුවන්. ඔයාල කලින් steps හරි විදියට follow කරල නම් මම ඔයාගෙ Pull Request එක Merge කරනවා. පහළ images වලින් බලාගන්න පුලුවන් මම කොහොමද ඔයාලෙගෙන් Pull Request, review කරල merge කරන ආකාරය.

දැන් ඔයාට මේ විදියට Github එක තුළ තියෙන ඕනම open source project එකකට contribute කරන්න පුලුවන්.

මෙන්න මේ link වලින් මගේ account එකත් Android වැඩකාරයෝ account එකත් follow කරගෙන යන්න අමතක කරන්න එපා.

hasalaonline - Overview
Tech Enthusiast | CS Undergraduate at University of Westminster - hasalaonline
Android වැඩකාරයෝ
Android වැඩකාරයෝ is a Sri Lankan technology news website operated by Android වැඩකාරයෝ, publishing news, feature stories, and product reviews. - Android වැඩකාරයෝ

Github පාඩම් මාලාවේ මීළග කොටසින් නැවත හමුවෙමු.