Loading...
Telegram හරහා ලැබුණු File එකක් direct download කරන්නේ කොහොමද?

ඔන්න අද කියල දෙන්න යන්නේ ගොඩක් ම පහසුවෙන් Telegram වල තියෙන File එකක් ඔයාගේ Browser එකෙන් හෝ ඕනෑම Download Manager එකකින් Direct Download කරන විදිය. ඉස්සෙල්ලම Telegram ගැන දැනගන්න ඕන අය මේ Article එක කියවල බලන්න.

ඔයාගේ Telegram Download ස්පීඩ් එක ගොඩයි අඩුයිද?

එහෙනම් අපි බලමු කොහොමද මේ Telegram File එකක් High speed Download කරන්නේ කියල. මේක ගොඩක්ම වැදගත් වෙන්නේ Films, Games Download කරන අයට.

අපි මේකට භාවිතා කරන්නේ Telegram වල ඉන්න Bot කෙනක්.

ඔයාට කරන්න තියෙන්නේ @FilesToLinkXBot ගේ ඇතුලට යන්න. ඔයාට මේක Username එක උඩ click කරලා හරි, Telegram Search Bar එකේ Type කරලා හරි Bot ව පහසුවෙන් හොයාගන්න පුළුවන්.

ඊටපස්සේ ඔයාට කරන්න තියෙන්නේ Bot ව Start කරන එක. Bot ගෙ /start කියන Button එක click කරලා හෝ /start කියල Type කරාම ඔයාට Puluwan Bot ව Start කරගන්න.

ඊටපස්සේ ඔයාලට Msg එකක් එයි Jᴏɪɴ ᴍʏ ᴜᴘᴅᴀᴛᴇ ᴄʜᴀɴɴᴇʟ ᴛᴏ ᴜsᴇ ᴍᴇ  කියල. ඔයාට තියෙන්නේ එතන එන Button එකෙන් ඒ Channel එකට Join වෙන්න. ඊටපස්සේ ඔයාට පුළුවන් ආපහු Bot ව start කරන්න.

දැන් කරන්න තියෙන්නේ හරිම ලේසි වැඩක්. ඔයාට Download කරන්න ඕන File එක හෝ Video එක මේ Bot ට Forward කරන්න. ඔයා File එක දැම්ම ගමන්ම Bot ඔයාට Direct Link එකක් දෙනවා. දැන් ඉතින් ඔයාට පුළුවන් ඒ ලින්ක් එක උඩ Click කරලා Browser එකෙන් ඒ File එක Direct Download කරගන්න.

ඔයා IDM, XDM හෝ ADM භාවිත කරනවානම් ඔයාට තියෙන්නේ ඒ Link එක Copy කරලා අදාළ App එකේ Paste කරන්න.

ඔන්න ඉතින් මේ විදියට ඔයාට පුළුවන් ඕනෑම Telegram File එකක් High Speed Download කරගන්න.