Loading...
YouTube Shorts නිර්මාණකරුවන්ට මුදල් ඉපයිය හැකි YouTube Shorts Funds නමින් monetization පහසුකමක් හඳුන්වා දේ

YouTube ආයතනය විසින් මෑතකදී හදුන්වලා දීපු නවතම feature එකක් තමයි මේ YouTube shorts කියලා කියන්නේ. මේ වනවිටත් Vertical videos වර්ග සදහා සෑහෙන්න ප්‍රසිද්දියක් වගේම විශේශයෙන් Tiktok, instagram reels වගේ ඒවාට සාපේක්ශව තමයි YouTube shorts ක්‍රියාත්මක වෙන්නේ. මෙතෙක් කල් මෙවැනි shorts Monetization කර ඒ හරහා මුදල් උපයන්න අවස්තාවක් ලබාදී තිබුනේ නෑ.

නමුත් මේ වන විට YouTube Shorts හරහා මුදල් ඉපැයිය හැකි YouTube Shorts Fund නමින් අලුත් පහසුකමක් හඳුන්වාදීමට කටයුතු කරලා තියෙනවා. මේ සඳහා YouTube ආයතනය විසින් මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක අරමුදලක්ද වෙන් කරලා තියනවා. ඉතින් හොදම YouTube shorts වලට හොද Audions Engagement performance එකක් තියන channel වලට මේ fund එකෙන් short bonus එකක් වශයෙන් මුදල් මාසිකව ලබා ගන්න පුලුවන්.

Introducing the YouTube Shorts Fund
We’re introducing the YouTube Shorts Fund, a $100M fund distributed over the course of 2021-2022.

මේ පිලිබදව නිළ youtube blog අඩවියෙද සටහනක් තබා ඇති අතර ඔබට ඉතා පහසුවෙන් YouTube short වීඩීයෝ එකක් නිර්මාණය කිරිම සදහා අවශය tools YouTube ඇප් එකේම තියෙන නිසා ලෙසීයෙන්ම ඉතා එක්මනින් තත්පර 60 ක short Video එකක් නිර්මාණය කර upload කරන්න පුලුවන්.

YouTube සමාගම සැළසුම් කර ඇති ආකාරයට YouTube shorts නිර්මාණය කරන්නෙකුට මසකට ඩොළර් 10,000ක් දක්වා ගෙවීමක් සිදු කරන අතර ඔබගේ short video වේ ගුණාත්මක බව, නිර්මාණශීලිකම හා video views performance එක අනුව එය වෙනස් වන වනු ඇත. විශේෂයෙන් YouTube Shorts Monetization කිරිම සදහා YouTube Partner Program එක සපුරාලීම අවශය නොවේ. ඔබට මේ ක්‍රමවේදය ඔස්සේ මුදල් ඉපයීය හැකිවන්නේ වෙළඳ දැන්වීම් වලින් නොවන අතර ඔබගේ shorts videos වල ජනප්‍රියතාව එසේ නැතිනම් audience එකේ engagment එක මතයි.

Short Video එකක් Monetization කිරිම සදහා ඔබගෙ short video එක අවම වශයෙන් තත්පර 60 හෝ ඊට අඩු විය යුතු වීම, copyright claims වලින් තොර ගුණාත්මකභාවයෙන් යුතුවීම, සහ YouTube’s Community Guidelines සහ monetization policies වලට අනුකූල වීමද සිදු කළ යුතු වෙනවා.

එසේම මෙම YouTube Short Fund feature එක බ්‍රසිලය, ඉන්දියාව, ඉන්දුනිසියා, ජපානය, ‌මෙක්සිකෝව, නයිජීරියාව, රුසියාව, දකුණු අප්‍රිකාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය වැනි රටවල් සදහා ක්‍රියාත්මක වන අතර අවාසනාවකට ශ්‍රී ලංකාව සදහා තවමත් මෙය හදුන්වාදී නොමැති අතර ඉදිරි දිනකදී තවත් රටවල් කිහිපයකම මෙය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව Youtube ආයතනය පවසා තිබෙනවා.

Sources: YouTube Help නිළ පිටුව , TechCrunch