Loading...
පසුගියදා මහජනතාව සඳහා විවෘත වු කොළඹ වරාය නගරයේ කෘතිම වෙරළ තීරය සඳහා ඇතුළු වෙන්නේ මෙහෙමයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) කෘතීම වෙරළතීරය පසුගිය දිනක මහජනතාව සඳහා විවෘත වු බව ඔබ සැම මේ වන විටත් දන්නවා ඇති.


මීට වසරකට පමණ පෙර මෙහි සැහැල්ලු යාත්‍රා අංගණය සහ මැරීනා පදික මංතීරැව මහජනතාව සඳහා විවෘත වු අතර මේ සඳහා ගාලු පාර දෙසින් වෙන් වු පදික පිවිසුම ඔස්සේ සවස 3.30 සිට රාත්‍රී 7.00 දක්වා මහජනතාවට පා ගමනින් පිවිසිය හැකි වනවා.

පසුගිය ජුලි 15 වන දින මහජනතාව සඳහා විවෘත වු මේ කෘතිම වෙරළ තීරය කිලෝමීටර් 2ක පමණ දිගකින් යුතු වන අතර මෙය වෙරළ ක්‍රීඩා අංගණයක්, වෙරළ උද්‍යානයක්, ළමා උද්‍යානයක්, ආපන ශාලා සහ බෝට්ටු ප්‍රවාහන සේවා ආදි පහසුකම්වලින් සමන්විත වනු ලබනවා.

Image Source - Port City Colombo

කෙසේ වෙතත් මේ සඳහා ඇතුළු විමට පෙර, ඒ සඳහා Port City Colombo App එක ඔස්සේ වේලාවක් වෙන් කරවා ගත යුතු වනවා. මේ App එක Android සහ iOS සඳහා මේ වන විටත් ලබා දී තිබෙන අතර Port City Colombo App එක Download කර ගෙන ඔබේ ජංගම දුරකථන අංකය හෝ විදුලි පණිවිඩ ලිපිනය ඔස්සේ සරල පියවර කිහිපයකින් ඔබට වරාය නගරයේ කෘතීම වෙරළ තීරය සඳහා පිවිසීමට වෙලාවක් වෙන් කරවා ගත හැකියි.

එමෙන්ම මීට අමතරව වරාය නගරය තුළ ක්‍රියාත්මක වන ATV 4*4, Club House, Horse Riding, Sailing Yachts, SpeedBay, Golf Club, Beach Park සහ The Marquee සඳහා ඇතුළු විමට අවශ්‍ය වෙන් කරවා ගැනීම් ද මේ ඔස්සේ සිදු කිරීමේ හැකියාව තිබෙනවා.

Image Source - Port City Colombo

කෘතිම වෙරළ තිරය සමන්විත වන වරාය නගරය සඳහා චෛතිය පාරේ පිවිසුම භාවිත කල හැකි අතර ඇතුළු විය හැක්කේ උදෑසන 10.00 සිට රාත්‍රී 10.30 දක්වා වන අතර මේ සඳහා යතුරු පැදි, ත්‍රිරෝද රථ සඳහා ඇතුළු වීමට අවසර නොලැබෙන අතර මෝටර් රථවාහන ඔස්සේ ඇතුළු විමේ හැකියාව ලැබෙනවා. එමෙන්ම මේ සඳහා සියලු දෙනාට නොමිලේ ඇතුළු විය හැකි වනවා.

Image Source - Port City Colombo
Source: Port City Colombo Facebook Page