Loading...
How to fix 100% Disk Usage in Windows 10

Windows Disk Usage උඩ යන එක නවත්තන්නේ මෙහෙමයි.

Windows 10 OS එක HDD එකක install කරලා පාවිච්චි කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමා Disk Usage එක 100% යන එක. එහෙම උනාම අනිත් Applications ගොඩාක් Lag වෙන්න ගන්නවා වගේම Games Play කරද්දිත් මේක ප්‍රශ්නයක් වෙන්න පටන්ගන්නවා.

ඇයි මෙහෙම වෙන්නේ?

  1. Windows Service එකක වෙන Superfetch Service එක run වීම නිසා (අළුත් Windows update වල Sysmain)
  2. Malware එකක් ⁣නිසා
  3. ඇත්තටම Disk එකේ ප්‍රශ්න නිසා

ඉතින් වැඩි කතා නැතුව බලමු මොනවද මේ හේතු, කොහොමද අපි මේව නවත්තන්නේ කියලා..

SuperFetch Service එක නිසා

Superfetch service android wedakarayo wadakarayo
Superfetch service - Source google.com

සරළවම කිවුවොත් SuperFetch කියන්නේ Windows වල අපි නිතරම වගේ පාවිච්චි කරන Apps මොනවද කියලා බලලා ඒ අදාල Apps සහ Files ඉක්මනින් ලෝඩ් වෙන්න ඕන කරන විදියට Temporary Files load කරල තියන්න පාවිච්චි වෙන ක්‍රමවේදයක්. මෙන්න මේක නිතරම Background එකේ Run වෙන නිසා disk usage එක වැඩියෙන් යනවා. SSD එකක නම් මේක යන්තමින් වගේ දැනෙන දෙයක් උනත් HDD එකක නම් මේක තදින් බලපානවා.

මේක අපිට නවත්තන්න පුලුවන්. නැවැත්තුවා කියලා අපිට ලොකු ගැටළුවක් ඇති වෙන්නෙ නෑ. මේක කරන්නෙ මෙහෙමයි,

Windows Key එක ඔබාගෙන R ඔබන්න. එතකොට එනවා "run" window එක. ඒකෙ ටයිප් කරන්න මෙහෙම

services.msc

දැන් enter key එක ඔබන්න.

ඊළඟට එන Services Window එකෙන් Superfetch තෝරලා ඒක Right Click කරලා Stop කරන්න. ඊට පස්සේ ආයෙම ඒක right click කරලා properties ගිහින් startup type කියන තැන disabled දාලා Apply කරන්න. දැන් services window එක close කරන්න.

එච්චරයි. වැඩේ හරි.

Malware එකක් නිසා

malware image for describe
Source - Google.com

මේකෙදි නම් ඉතින් අපිට කරන්න වෙන්නේ Windows defender හෝ වෙනත් තියෙන Antivirus එකක් හරියට update කරලා ඒක හරහා full scan එකක් run කරවලා malware එක අයින් කරවන එක තමා. ඊට අමතරව ලඟකදි install කරපු cracked, Moded apps අයින් කරලා බලන්නත් පුලුවන්.

ඇත්තටම Disk එකේ ප්‍රශ්න නිසා,

මේකෙදි අපිට පුළුවන් මුලින්ම Check Disk utility එක run කරලා ප්‍රශ්න තියෙනවද කියලා බලන්න. මේක කරන්නේ මෙහෙමයි,

Start Menu එකට ගිහින් "cmd" කියලා search කරන්න. Command Prompt එක පෙන්නුවාම ඒක Right Click කරලා run as administrator දෙන්න. ඊට පස්සෙ Admin Rights එක්ක Open උනාම පහල command එක type කරලා enter key එක ඔබන්න.

chkdsk.exe /f /r

ඊට පස්සේ ඔයාගෙන් අහයි Disk Check එක ඊළඟ Reboot එකේදි run වෙන්න schedule කරන්නද කියලා. ඔයා ඒකට "Y" type කරලා enter key එක ඔබන්න. දැන් pc එක reboot කරලා process එක complete වෙනකල් ඉන්න. මේකෙදි එයා automatically disk errors හොයලා repair කරනවා.

එහෙමත් හරි නොගියොත් disk එක මාරු කරලා බලන්න වෙනවා.

ඉතින් ඔන්න ඔහොමයි අපි 100% disk usage එක නවත්තගන්නේ. බොහෝදුරට SuperFetch Disable කරලා reboot එකක් දැම්මම ඔය ප්‍රශ්න විසඳෙනවා. කොහොම උනත් උත්සාහ කරල බලන්නකෝ..