Loading...
ඔබගේ දුරකථන අංකය සඳහා eSim එකක් සාදා ගන්නේ මෙහෙමයි

මේ වෙද්දි ඔයා කොහෙන්ම හරි මේ eSim කියන වචනය අහලා ඇති බවට කිසිම සැකයක් නැ. ඒ වගේම ඔයා eSim ගැන නොදන්නවා වෙන්නත් බැ. සමහර විට මේ වන විටත් ඔයාගේ Smartphone එකේ eSim එකක් පාවිච්චි කරනවා වෙන්නත් පුලුවන්.

ඉතින් මේ eSim කියන්නේ මොකක්ද සහ SIM කාඩ්පතේ ඉදිරි අනාගතය වන iSim ගැන ඔයාට පහල ලිපිය ඔස්සේ වැඩි දුරටත් තොරතුරු ලබා ගන්න පුලුවන්.

SIM කාඩ්පතේ වර්තමානය (eSIM) සහ අනාගතය (iSIM)
තාක්ෂණික දියුණුවත් සමග අප සියල්ලන්ටම ස්මාර්ට් දුරකථනයක් භාවිතා කිරීමට සිදුවීම 2022 වසර වන විට අතිශය සාමාන්‍ය කාරණාවක් වී ඇත. දුරකථන ඉතිහාසය පිළිබඳව සැලකීමේ දී ජංගම දුරකථන සඳහා එයට අවශ්‍ය සන්නිවේදන ආවරණය ලබා ගැනීම සඳහා SIM Card දුරකථනයට අත්‍යාවශ්‍ය කොටසක් බවට පත් වීම නූතනයේ සුලභ දසුනකි. SIM එකක් යම්…

කෙසේ වෙතත් මේ වන විට බොහෝ Smartphones නිෂ්පාදන සමාගම් විසින් ඔවුන්ගේ Premium සහ Flagship Devices සඳහා මේ eSim පහසුකම ලබා දෙන්න කටයුතු කර තිබෙන නිසා මේ වන විට eSim භාවිතය බහුලව ලංකාව තුළත් දැක ගන්න පුලුවන්.

ඉතින් අද මේ ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වන්නේ ලංකාව තුළ eSim පහසුකම ලබා ගන්න පුලුවන් දුරකථන සේවා සැපයුම්කරුවන් පිළිබඳව සහ එම සේවාව අපේ Smartphones සඳහා ලබා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳවයි.


ශ්‍රී ලංකාව තුළ දුරකථන සේවා සපයන ප්‍රධාන සමාගම් හතර අතුරින් සමාගම් තුනක්ම මේ වන විටත් eSim පහසුකම තම පාරිභෝගිකයන්ට ලබා දෙමින් සිටිනවා. ඒ අනුව Dialog Axiata සමාගම, SLTMobitel සමාගම සහ Hutch Sri Lanka සමාගම ඔස්සේ ඉතා පහසුවෙන් ඔබට eSim සේවාව ලබා ගැනිමේ හැකියාව ලැබෙනවා.

Dialog eSim සේවාව ලබා ගන්නේ කෙසේ ද ?

මෙය ඔවුන්ගේ වෙබ් අඩවිය ඔස්සේම ⁣ඔබට සරලව සිදු කර ගත හැකි අතර ඒසේත් නොමැති නම් ඔබ සිදු කළ යුත්තේ eSim සේවාව ලබා ගැනීමට අවශ්‍යය යි යන්න සඳහන් කරන ලද ලිපියක් E-mail එකක් ඔස්සේ service@dialog.lk වෙත යොමු කිරීමයි.

මේ ලිපිය සඳහා ඔබ විසින් ඔබගේ සම්පූර්ණ නම, ජාතික හැදුනුම්පත් අංකය, දුරකථන අංකය, Email ලිපිනය සහ ඔබගේ Device Model එක යනාදිය ඔබගේ ජාතික හැඳුනුම්පතේ ඉදිරිපස සහ පිටුපස ඡායාරූප සමඟ යොමු කළ යුතු වන අතර ඉන් අනතුරුව ඔබේ eSim එක සක්‍රීය කර ගැනිම සඳහා අවශ්‍ය QR Code එක ලබා ගත හැකි වනවා.

SLTMobitel eSim සේවාව ලබා ගන්නේ කෙසේ ද ?

මේ සඳහා නම් ඔබට ඔවුන්ගේ ශාඛාවක් සඳහා පිවිසීමට සිදු වන අතර ඔබගේ ජාතික හැඳුනුම්පත සමඟින් මිනිත්තු කිහිපයකින් eSim සේවාව සක්‍රීය කර ගැනිමට අවශ්‍ය QR Code එක ලබා ගත හැකි වනවා.

Hutch eSim සේවාව ලබා ගන්නේ කෙසේ ද ?

මෙය ඔවුන්ගේ වෙබ් අඩවිය මගින්, Whatsapp පාරිභෝගික සේවය ඔස්සේ ඔවුන්ගේ පාරිභෝගික නිලධාරියෙකු සම්බන්ධ වී හෝ cs@hutchison.lk සඳහා පහත තොරතුරැ සමඟින් e Sim සේවාව ලබා ගැනීමට අවශ්‍යය යි යන්න සඳහන් කර Email පණිවිඩයක් යැවිමෙන් සිදු කර ගත හැකි වනවා.

ඔබගේ නම, Device Model එක, Email Address එක, IMEI Number එක සහ ඔබගේ තවත් දුරකථන අංකයක් සමඟ ජාතික හැදුනුම්පතේ ඉදිරිපස සහ පිටුපස ඡායාරූප ඔවුන්ගේ පාරිභෝගික නිලධාරියා වෙත WhatsApp ඔස්සේ ලබා දීමෙන් මේ සඳහා අවශ්‍ය QR Code එක ලබා ගත හැකි වනවා.