Loading...
මේ දවස් වල හැමෝම කතා වෙන TIN එක, තනියම ගන්නේ මෙහෙම​යි

මේ දවස්වල සමාජ මාධ්‍යයන් පුරාම අපිට දකින්න ලැබෙන දෙයක් තමයි රජයේ නව බදු ප්‍රතිපත්තිය සමඟ හදුන්වා දුන් Tax Identification Number එහෙමත් නැත්තම් TIN අංකය. සිංහලෙන්ම කියනවා නම් බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය.

ඉතින් මේ වන විට මේ TIN අංකය වයස අවුරුදු 18ට වැඩි සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙක්ම ලබා ගැනීම අනිවාර්යය කර තිබෙනවා. ඒ අනුව මේ මස අවසන් වීමට පෙර මේ සඳහා ලියාපදිංචි වි TIN අංකයක් ලබා ගත යුතු අතර එසේත් නොමැති නම් රු. 50,000.00 පමණ දඩ මුදලක් අය කර ගැනීමටත් දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව කටයුතු කරන බවට මේ වන විට දැනුම් දී තිබෙනවා.

TIN අංකය අවශ්‍යය වෙන්නේ ඇයි?

මේ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය එහෙමත් නැති නම් TIN අංකය ඉදිරියේදී බැංකු ගිණුමක් විවෘත කිරීමට, මොටර් රථයක් ලියාපදිංචි කිරීමට, ඉඩම් මිලදී ගැනිමේදි සහ ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීම ආදී අවස්ථාවලදී අත්‍යවශය වන දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව විසින් සඳහන් කර තිබෙන අතර එබවැනි මෙය ලබා ගැනීම අත්‍යවශය වනු ඇත.

කොහොමද මේ TIN අංකය ලබා ගන්නේ ?

මෙය ඉතා සරලව බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ලබා ගැනීම සඳහා හදුන්වා දී ඇති වෙබ් අඩවිය වෙත පිවිස සිදු ලබා ගත හැකි වනවා.

මේ සඳහා අයදුම් කිරීමට දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ විසින් හඳුන්වා දී ඇති ePortal වෙත පිවිසිය යුතු වෙනවා.

Taxpayer Registration Detailsහි ඇති Registration Type ලෙස සඳහන්ව ඇති තැන Individual Local ලෙසින් තෝරා, ලැබෙන අයදුම්පත නිවැරදිව පුරවා Submit කිරීම ඔස්සේ මෙය සරලව ලබා ගත හැකි වනවා. එමෙන්ම මේ සදහා අමතර ලියකිවිලි කිහිපයක් අවශ්‍ය වන අතර ඒවා සියල්ල පහත දක්වා තිබෙනවා.

Contact Number කොටසේ ඔබගේ ජංගම දුරකතන අංකය සහ ඔබ භාවිත කරන email address එක ඇතුළත් කරන්න.

මෙම අයදුම්පත පිරවීමේදී Bank Information ලබාදිම අත්‍යවශ්‍යම නොවේ.

ඔබ විවාහක නම් Family Information යටතේ අදාල තොරතුරු ඇතුළත් සම්පූර්ණ කළ යුතුයි. එමෙන්ම ඔබ තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙක් නම් Individual Business යටතේ ඔබගේ ව්‍යාපාරයේ තොරතුරු නිවැරදිව ඇතුළත් කළ යුතු වනවා.

Supporting Documents ලෙසින් ඇති කොටසට ඔබ,

  • ජාතික හැඳුනුම්පත / වලංගු රියදුරු බලපත්‍රය හෝ වැඩිහිටි හැඳුනුම්පත
  • ඔබගේ ස්ථිර ලිපිනය ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනයට වඩා වෙනස් නම්, එය තහවුරු කිරිම සඳහා සඳහා ඔබගේ නමට නිකුත්කල ජල හෝ විදුලි බිල්පතක් / ස්ථාවර දුරකතන බිල්පතක් හෝ ග්‍රාම සේවක සහතිකයක්
  • ඔබ ලියාපදිංචි කරන ලද තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙක් නම් එහි ව්‍යපාර ලියාපදිංචි කිරීමේ සහතිකය

ආදිය scan කර නිවැරදිව තොරා upload කළ යුතුයි.

Purpose of registration ලෙසින් ඇති කොටසට Tax Purpose ලෙස තෝර එහි පහළ ඇති Next ලබා දුන් පසු ඔබ ඇතුළත් කල සම්පූර්ණ ඔබට බලාගත හැකියි.

එම තොරතුරු කිසිවක් වෙනස් විය යුතු නැත්නම් Declaration යන කොටස සම්පූර්ණ කර Submit කල පසු ඔබට ලැබෙන Acknowledgement Sheet එක, TIN Certificate එක ඔබට Email එකක් ඔස්සේ ලැබෙන තුරු සුරකිව තබා ගන්න.

කාර්යයාල දින පහක් ඇතුළත් ඔබ ලබාදුන් email address ඔස්සේ ඔබගේ TIN Certificate එක සහ PIN එක ඔබට ලබා දීමට දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව කටයුතු කරනු ඇත.


ඒ වගේම මේ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ලබාගත් පමණින් ඔබ ආදායම් බදු ගෙවීම සඳහා බැඳී සිටින්නේ නැති අතර ඔබගේ ආදායම බදු ගෙවිය යුතු මට්ටමේ පවතී නම් පමණක් බදු ගෙවිම හා බදු වාර්තා ගොනු කිරීම සිදුකල යුතු වනවා.