Loading...
Windows 11 වලට 3rd party Android App Store එකක් Sideload කරන්නේ කොහොමද?

Microsoft සමාගම Windows 11 නිකුත් කිරීමෙන් පසු එහි Android Apps Run කිරීමේ හැකියාව ලබා දීමට කටයුතු කරමින් සිටින අතර එහි මුල් පියවර ලෙස Microsoft සමාගම Windows insiders ලාට Subsystem එක හරහා insider පරිශීලකයන්ට Android Apps run කිරීමේ අවස්ථාව ලබා දුන් බව ඔබ වෙත මීට පෙර අප විසින් වාර්තා කරනු ලැබුවා. එහි දී නිවැරදිව Android Apps run කරන ආකාරය ගැනත් අප ඔබට වෙත තොරතුරු ගෙන ආවා. ඊටත් අමතරව insider preview එක install නොකර windows 11 වලට Android Apps Sideload කරන හැටිත් අපි ඔබ වෙත ගෙන ආවා.

එහිදී ඔබට අවශ්‍ය Apps සියල්ලම එකින් එක Download කර වෙන වෙනම Sideload කිරීමට සිදු වෙනවා. මේ අපහසුතාවය මගහරවා ගනිමින් අපිට අවශ්‍ය Apps සියල්ල එකම තැනකින් Download කර ගැනිමට App Store එකක් Sideload කරන හැටි අපි බලමු.

පියවර 1: Windows Subsystem for Android පරිගණකයට මෙමඟින් බාගත කර ස්ථාපනය කරන්න. ( Microsoft Store එක ඔස්සේ Windows Subsystem For Android මෘදුකාංගය Download කර ගැනිමට නොහැකි නම් මේ ඔස්සේ ද Download කර ගත හැකි වෙනවා )

ඔබ Microsoft Store එකෙන් නොමැතිව ඉහත දෙවන ක්‍රමයෙන් Subsystem එක Download කර ගත්තේ නම් එය පහත ආකාරයට Install කළ යුතුය.

  1. ඔබ Download කරගත් File එකේ Path එක Copy කරගන්න
  2. Windows Logo එක මත Right click කර Windows Terminal (admin) Launch කරන්න.
  3. එහි Add-AppxPackage ලෙස Type කර පහත රූපයේ පරිදි නිවැරදි ස්ථානයට එම Path එක Paste කරන්න.

පියවර 2: Windows Subsystem for Android launch කර එහි Settings තුළ ඇති Developer mode එක On කරන්න.

පියවර 3: දැන් Refresh button එක මත click කර ඊට යට ඇති IP Address එක Copy කරගන්න.

මෙම IP Address එක පෙන්නුවේ නැති වුවොත් Manage developer settings මගින් එය ලබා ගන්න.

පියවර 4: ඊට පසු පහත ආකාරයට ADB එක ඔබගේ Windows 11 පරිගණකයට Set up කරගත යුතුය.

Install ADB on Windows

මුලින්ම Google නිල වෙබ් අඩවියෙන් ADB Platform Tools for Windows එක download කරගෙන ඒ එන Zip file එක eka folder එකකට extract කරගන්න.

ඊට පස්සේ ඒ ෆෝල්ඩර් එක ඕපන් කරලා explorer එකේ address bar එකේ cmd කියල type කරලා Enter එක ප්‍රෙස් කරන්න. එතකොට ඔයාගේ ADB tools තියෙන ෆෝල්ඩර් එකේදිම command prompt එක open වෙයි.

දැන් කරන්න තියෙන්නේ ඔයාගේ Android device එක Windows PC එකට connect කරලා අර කලින් open වෙච්ච CMD එකේ adb devices කියන command එක type කරල Enter එක press කරලා ඒක run කරන එක.

ඒ command එක run කරහම ඔයාගේ Android device එකේ පල්ලෙහා image එකේ තියෙනවා වගේ USB debugging prompt එකක් එයි. ඒකේ තියෙන Always allow from this computer කියන එකට tick එකක් දාලා Allow කරන්න.

දැන් ඔයාගේ device එකේ serial number එක Command Prompt windows එකේ පෙන්නයි. එහෙම පෙන්නුවේ නැත්තම් ආයෙම පාරක් adb device command එක run කරන්න. ඔයා හරියට ඉස්සෙලා කියපු steps ටික කරල නම් අනිවාර්‍යෙන් ඔයාගේ device එකේ serial එක පෙන්නවා. දැන් ඔයා ඔයාගේ Windows PC එකේ ADB හරියට setup කරගෙන ඉවරයි.

පියවර 5: මෙමඟින් ඔබ Platform Tools Download කර ගත යුතුය.

මෙම පියවර 4 සහ 5 Android app Sideload කිරීමට අත්‍යාවශ්‍ය වේ.

පියවර 6: දැන් Platform Tools Download කළ platform tools zip file එක unzip කරගන්න

පියවර 7: එම unzip කළ folder එක open කර එහි address bar එකෙහි cmd ලෙස type කර enter කරන්න

පියවර 8: දැන් අපි කරන්න යන්නේ Windows Subsystem එක connect කරන එක cmd හි adb connect ලෙස type කර පෙර copy කරගත් IP Address එක paste කරන්න.

Connection Failed යනුවෙන් ඔබට දෝශය්ක් පැමිණි හොත් මෙය නැවත run කරන්න.

පියවර 9: දැන් මෙමඟින් ඔබ Aurora Store APK එක download කරගන්න.

පියවර 10: ඊට පසු එම apk file එකේ path එක මේ ආකාරයට copy කරගන්න.

පියවර 11: දැන් ආයෙම cmd එකට ගිහින් adb install ලෙස type කර "පෙර copy කර ගත් path එක උඩු කොමා තුල paste කරන්න"

පියවර 12: අවසානයට Enter Key එක press කරන්න. හරි දැන් ඔයාගේ Windows 11 PC එකට Android App Store එක Side load වෙලා ඉවරයි. දැන් ඔයාට Success output එකක් බලාගන්න පුලුවන්.

මේ සිදුකළ පසු ඔබට Click දෙක තුනකින් ඕනම Android App එකක් install කරගන්න පුලුවන්. මෙම Aurora Store එක යනු Google Play Store එක වෙනුවට භාවිතා කළ හැකි Alternative App Store එකක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්.