Loading...
ජාතික ඉන්ධන කාඩ්පත සඳහා (National Fuel Pass) ලියාපදිංචි වන්නේ සහ භාවිතා කරන්නේ මෙහෙම​යි

මහජනතාවට ඉන්ධන ක්‍රමවත්ව ලබාදීමට හදුන්වා දුන් වැඩපිලිවල තවත් ක්‍රමවත් කරමින් ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) මීට සුලු මොහාතකට පෙර නිල වශයෙන් එළිදැක්විම සිදු කරනු ලැබුවා.

ඒ අනුව අද දිනයේදි මෙම ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) ලබා ගැනිම සදහා ඔබට ලියාපදිංචි විය හැකි වෙන අතර මෙම ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) ඔස්සේ ඉන්ධන ලබා ගත හැකි දිනය පිළිබඳ ඉදිරියේදී රජය විසින් නිවේදනය කරනු ඇත.

මේ සදහා ඔබට මෙතනින් ලියාපදිංචි විය හැකි වෙනවා.‌‌

මේ සදහා ජාතික හැදුනුම්පත් අංකය හෝ ගුවන් ගමන් බලපත්‍ර අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය ඔස්සේ ලියාපදිංචි විය හැකි අතර ජංගම දුරකථන අංකය ඔස්සේ එය සත්‍යාපනය කිරිමත් අවශ්‍ය වෙනවා.

ඉන් පසු ඔබගේ නම, ලිපිනය, වාහන අංකය, චැසි අංකය සහ ඉන්ධන වර්ගය ආදිය ඇතුළත් කර ලියාපදිංචි විය හැකි වෙනවා. ලියාපදිංචි වු පසු ඔබේට අදාල QR කේතය ලබා ගත හැකි වෙනවා.

ඔබ ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිත කරනවා නම් මෙහි Screen Shot එකක් ලබා ගැනිමෙන් හෝ QR කේතය Download කර ගැනිමෙන් ලග තබා ගත හැකි වෙනවා. ඔබ සතුව ස්මාර්ට් ජංගම දුරකථන අංකයක් නොමැති නම් මෙහි මුද්‍රිත පිටපතක් ලග තබා ගත හැකි වෙනවා. ඉන්ධන ලබා ගැනිමේ ඉන්ධන පිරවුම්හලට මෙම QR කේතය ඉදිරිපත් කිරිම මගින් ඔබට අදලා දිනයේදි අදාල ඉන්ධන ප්‍රමාණය ලබා ගත හැකියි.

පහත වීඩියෝ පටය මගින් ඔබට මේ සදහා ලියාපදිංචි වෙන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැක.

මෙම වෙබ් අඩවියට පිවිසිම මගින් ඔබට ලබා ගත හැකි ඉන්ධන ප්‍රමාණය, එම ඉන්ධන ප්‍රමාණය කල් ඉකුත් වෙන දිනය සහ ඔබගේ ඉන්ධන ප්‍රමාණයෙන් ඉතිරි ප්‍රමාණය ආදිය දැන ගත හැකි වෙනවා.

එමෙන්ම ඔබට අදාල ඉන්ධන ප්‍රමාණය සහ ඉතු​රු ඉන්ධන ප්‍රමාණය පහත ආකාරයෙන් බලා ගත හැකි වෙනවා. මේ සදහා FUEL<හිස්තැනක්>BAL<හිස්තැනක්>CAF<හිස්තැනක්>වාහන අංකය යොදා 0766220000 අංකය කෙටි පණිවිඩයක් යැවිය යුතු වෙනවා.

ඔබට ඔබගේ QR කේතය ලබා ගැනිමට අවශ්‍ය නම් පහත ආකාරයෙන් ලබා ගත හැකි වෙනවා.

ඔබ සතුව වාහන කිහිපයක් පවතී නම් ඔබ පවුලේ වෙනත් සාමාජිකයෙකුට මේ සදහා එම වාහනය සමගින් ලියාපදිංචි විය හැකි වෙනවා.

එමෙන්ම මෙම ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) ඔස්සේ එක් සතියකට ලබා ගත හැකි ඉන්ධන ප්‍රමාණය එම සතිය තුල පමණක් ඔබට ලබා ගත හැකි දිනයේදී නිකුත් කරන අතර ඔබ ඉන්ධන ලබා නොගත් පසුගිය සතිවල ඉන්ධන නව සතියකදී ලබා දිමක් සිදු නොවනවා. එනම් ඔබට එම සතියට නියමිත ඉන්ධන ප්‍රමාණය ලබා ගත හැක්කේ එම සතියට ඔබට අදලා දිනයේදී පමණි.

ඉන්ධන ලබා දීම සදහා වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම් අනුව සතියට දින දෙකක් ලබා දෙනු ලබනවා.

මේ සදහා ලියාපදිංචි විමට හදිසි නොවි ඉදිරි දින කිහිපය තුල මේ සදහා ලියාපදිංචි වී, ඇති වෙන තාක්ෂණික ගැටලු මගහරවා ගැනිමට ක්‍රියා කරන ලෙසත් මෙම මාධ්‍ය සාකච්ඡාවේදි දක්වනු ලැබුවා.

මෙය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ විසින් ශ්‍රී ලංකා සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ආයතනයේ තාක්ෂණික සහය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් වෙනවා.‌‌

Sources: Department of Government Information - Sri Lanka