Loading...
ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් සමඟින් අදින් ඇරඹෙන IPL 2024 නරඹන්නේ මෙහෙමයි

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රිඩකයින් රැසක් සමඟින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL 2024) තරගාවලිය අද (22) සිට ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පෙර වසර මෙන්ම මෙවරත් කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වෙන අතර තරගාවලිය මුලු තරග 74කින් පමණ සමන්විත වනවා. ඒ වගේම මෙය ඉන්දියාව පුරා ඇති ක්‍රිකට් ක්‍රීඩාංගන 11 පුරා පැවැත්වෙනු ලබනවා. මෙම තරගවලියට අදලා පළමු කාණ්ඩයේ තරග කාල සටහන පහත අයුරු වනවා.

17 වෙනි වරට පැවැත්වෙන මේ IPL තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 06 දෙනෙකු සහභාගී වීමට නියමිතව පවතිනවා.

  • Chennai Super Kings - මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ
  • Mumbai Indians - ඩිල්ෂාන් මධුශංක සහ නුවන් තුෂාර
  • Sunrisers Hyderabad - වනිඳු හසරංග
  • Kolkata Knight Riders - දුශ්මන්ත චමීර

කෙසේ වෙතත් මින් මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුශංක, වනිඳු හසරංග සහ දුශ්මන්ත චමීර ආබාධවලට ලක් වී සිටිම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔවුන් IPL සඳහා ලබා දීම නවත්වා තිබෙනවා. ඒ අනුව මේ වන විට මහීෂ් තීක්ෂණ සහ නුවන් තුෂාර ඔවුන්ගේ කණ්ඩායම් සමඟ එක් වී තිබෙනවා.

මෙම තරගාවලියේ නිල දේශිය විකාශන අයිතිය පසුගිය වසර මෙන්ම Supreme TV නාලිකාව විසින් ලබා ගෙන තිබෙනවා. ඒ වගේම මේ වන විට TNL නාලිකාව ඔස්සේත් තරග මේ හා සමඟාමිව විකාශය වන බව දක්වා තිබෙනවා.

Dialog TV පාරිභොගිකයින්ට මෙම තරගාවලිය STAR SPORTS 1, STAR SPORTS 2, STAR SPORTS HD, STAR SPORTS SELECT HD 1 සහ STAR SPORTS SELECT HD 2 යන නාලිකා ඔස්සේ නැරඹිමේ හැකියාව ලැබෙන අතර මේ සඳහා ඔවුන් විසින් සම්පුර්ණම තරගාවලියම දින 70ක් පුරා මෙම නාලිකා 05 ඔස්සේම නැරඹිම සඳහා රු.249.00කට විශේෂ IPL Channel Pack එකක් ද හඳුන්වා දී තිබෙනවා. (මෙය මාර්තු 25 දක්වා පමණක් සක්‍රිය කර ගත හැකියි)

PEOTV පාරිභොගිකයින් සඳහා Star Sports 1 (Ch no - 41) ඔස්සේ මෙම තරගාවලිය නැරඹිමේ හැකියාව ලැබෙනවා. කෙසේ වෙතත් තවමත් ඔවුන් විසින් IPL තරගාවලිය නැරඹිය හැකි HD නාලිකාවක් පිළිබඳව තොරතුරු නිකුත් කර නොමැති වනවා.

ඒ වගේම FreeSat සේවාව විසින් තවමත් විකාශය වන නාලිකා මොනවාද යන්න ප්‍රකාශ කර නොමැති වනවා.