Loading...
ශ්‍රී ලංකාවේ විශ්‍රාමික ක්‍රිකට් තරු සහභාගී වෙන Legends League Cricket Masters 2023 තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

විශ්‍රාමික ක්‍රිකට් තරු තරග  වැදෙන "Legends League Cricket Masters T20" තරගාවලිය අද ඇරඹිට නියමිතව පවතින අතර මේ සදහා India Maharajas, Asia Lions සහ World Giants ලෙසින් කණ්ඩායම් තුනක් තරග කරනු ලබනවා.

මේ තරගාවලියේ India Maharajas කණ්ඩායම විශ්‍රාමික ඉන්දීය ක්‍රිකට් තරුවලින් සමන්විත වෙන අතර, Asia Lions කණ්ඩායම ආසියාවේ විශ්‍රාමික ක්‍රිකට් තරුවලින්ද සහ World Giants කණ්ඩායම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව  සහ අයර්ලන්තයේ විශ්‍රාමික ක්‍රිකට් තරුවලින් සමන්විත වෙනවා.

මින් Asia Lions කණ්ඩායම සදහා දිල්හාර ප්‍රනාන්දු, උපුල් තරංග, තිසර පෙරේරා සහ තිලකරත්න දිල්ෂාන් යන ශ්‍රී ලාංකීය ක්‍රිකට් තරුද සහභාගී වෙනවා.

අද දින (මාර්තු 10) සිට මාර්තු 20 දක්වා තරග 08කින් යුතු තරගාවලියක් කටාර්හිදි පැවැත්වීමට නියමිත වෙනවා. මෙම තරගාවලියේ තරග සියල්ලම රාත්‍රි 08.00ට ආරම්භ විමට නියමිත වෙනවා.

Image Source - LLC Facebook Page

Dialog TV පාරිභෝගිකයන් සදහා මෙම තරගාවලිය Star Sports 2 ( CH No - 74 ) නාලිකාව ඔස්සේ ද PEO TV පාරිභෝගිකයන් සදහා Star Sports ( CH No - 40 ) නාලිකාව ඔස්සේ ද නැරඹිය හැකි වෙනවා. එමෙන්ම මෙම තරගාවලිය Dialog Viu සහ PEO TV Go හරහාත් නැරඹිමේ හැකියාව පවතිනවා.

Sources: llct20