Loading...
Samsung සමාගම විසින්  Galaxy S20+ සහ Galaxy Buds+ BTS editions නිල වශයෙන් නිවේදනය කරයි

අද දිනයේ Samsung සමාගම Galaxy S20+ 5G, Galaxy S20+ සහ Galaxy Buds+ වල BTS editions නිල වශයෙන් ප්‍රකාශයට පත් කරා.

කලින් අපි දැක්ක leak උනු images වල වගේම මේ devices එන්නෙ දම් පාට variant එකක් එක්කයි. ඉතින් මේ handset එකේ brand logo එක එක්ක purple colour iconography එකකුත් තියෙනවා. ඒ වගේම Galaxy S20+ සහ Galaxy Buds+ වල specifications වල කිසිඳු වෙනසක් නෑ.

තවද, ලෝකය පුරා ඉන්න fans ලව සතුට කිරීමේ අරමුණින් Samsung සමාගම BTS members ලගෙ stickers සහ photo cards collectibles වශයෙන් මේ handset එක සමග ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. GalaxyBuds ship වෙන්නෙත් මේ photo cards එක්කයි.

ඉතින් ජූනි 15 වෙනිදා ඉදන් මේක BTS fan community platform එක හරහා pre-order කිරීමේ අවස්ථාව fans ලට උදා වෙනවා. Samsung.com හරහා Galaxy S20+ 5G, Galaxy S20+ සහ Galaxy Buds+ BTS editions pre-order කිරීමේ අවස්ථාව ජූනි 19 වෙනිදා ඉඳන් ලැබෙනවා.

මේ devices available වෙන්නේ ජූලි 9 වෙනිදා ඉඳන් ඒ BTS ලගෙ 7 වෙනි සංවත්සර දිනය සමරන්න. ඉතින් මේ BTS editions විකිණෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ යුරෝපා කලාපය තුල පමණයි. කෙසේ වෙතත් මෙහි prices ගැන තවම Samsung සමාගම ප්‍රකාශ කරලා නෑ.

“Galaxy S20+ and Galaxy Buds+ BTS Edition are the result of a collaboration between BTS, whose members spread messages of love and harmony through music, and Samsung, which is creating a better future with meaningful innovation. We hope it will be a source of joy and entertainment for fans and consumers around the world.”                                                                                                                        - Stephanie Choi, Senior Vice President and Head of Global Marketing Team of Mobile Communications Business, Samsung Electronics.

Source: Samsung Newsroom