නිකුත් වීමට නියමිත Samsung Galaxy s24 Series එකෙහි Pre-Ordering සහ විකුණුම් ආරම්භ වන දින වකවානු පිළිබඳව තොරතුරු මේ වන විට නිල නොවන අයුරින් වාර්තා වී තිබෙනවා.
The Elec වෙබ් අඩවියේ පළ වූ ලිපියක සඳහන් කර ඇත්තේ බොහෝ දුරට ජනවාරි මස 17වන දින මෙය එළිදැක්විය හැකි බවයි. Galaxy S24, S24+, S24 Ultra යන දුරකතන 3හිම පෙර ඇණවුම් ද එදින සිටම ආරම්භ වන බවට වාර්තා වී ඇති අතර ජනවාරි 30වන දින විකුණුම් ආරම්භ වන බවට තොරතුරු වාර්තා වනවා.




Samsung Galaxy S24 Ultra Leaked Renders - Source: smartprix.com
මෙම S24 Series එකත් සමඟ පැමිණෙන නව AI Features තුළින් iPhone 15 Series එක සඳහා විශාල තරඟයක් ලබා දිය හැකිබවටද බොහෝ දෙනා මත පළ කරනු ලබනවා.
මෙම Galaxy S24 Series එක පිළිබඳව නවතම තොරතුරු වාර්තා වූ සැණින් දැනගැනීමට Android වැඩකාරයෝ අප සමඟ රැඳී සිටින්න.
Source: androidauthority.com