ඔබට මතක ඇති පසුගිය කාලයේ දි Instagram සඳහා recently deleted නම් නව පහසුකමක් හඳුන්වා දීමට Facebook සමාගම කටයුතු කල බවට අපි ඔබ වෙත තොරතුරු ලෙන ආවා. ඒ වගේම Instagram Lite App එක සදහා Reels Feature එක හදුන්වා දෙන්නත් ඔවුන් කටයුතු කරනු ලැබුවා. මේ වන විට Instagram සදහා නව Features කිහිපයක් හදුන්වා දිමට ඔවුන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.
Android Developer කෙනෙක් මෙන්ම Reverse Engineer කෙනෙක් වෙන Alessandro Paluzzi විසින් ඔහුගේ Twitter ගිණුම ඔස්සේ මේ නව Features පිළිබඳ තොරතුරු පල කර තිබෙනවා. ඒ අනුව Affiliate, Content Controls හා Brightness AI නමින් නව Features තුනක් ඉදිරියේදි Instagram වෙන ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.
01. Affiliate
#Instagram is working on "Affiliate" ? pic.twitter.com/YDGXCC3b4z
— Alessandro Paluzzi (@alex193a) February 12, 2021
මේ Affiliate Feature එක මගින් Instagram හි අලෙවිකරණ වැඩසටහන් මලින මුදල් ඉපයිමට හැකි වනු ඇත. මේ හා අනුබද්ධ Setting Creator Section එකේ දිස්වනු ඇත. ඒ වගේම සරල පියවර කිහිපයක් අනුගමනය කර මේ Affiliate Marketing Feature එක සදහා Sign Up විමට එහි පරිශිලකයින්ට හැකියාව ලැබෙනු ඇත. කෙසේ වෙතත් මේ Feature එක නිකුත් විමේදි එය සැම Instagram පරිශිලකයෙකුටම ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි වෙනවා.
02. Content Controls
#Instagram is working on the "Content controls" section ?
— Alessandro Paluzzi (@alex193a) March 5, 2021
ℹ️ In this section you can mute some words. Direct messages that contain these words will be hidden and to view them you have to tap on them. pic.twitter.com/2oDq3ukqdB
මේ සමග නව “Content controls” Setting Feature එකත් සමග Instagram පරිශිලකයන් සදහා ඔවුන්ට ලැබෙන Direct Messagesවල තිබෙන විශේෂිත වචන ආදිය Block කිරිමට හැකියාව ලැබෙනවා. මේ Content Controls Feature එක Privacy Section එක යටතේ ලබා දි ඇති අතර Mute කිරිමට බලාපොරොත්තු වෙන වචන මේ තුලින් ඇතුලත් කල හැකි වෙනවා. ඉන් පසු ඒ විශේෂිත වචන ඇතුලත්ව පැමිණෙන Direct Messages Automatically Block විම සිදු වෙනු ඇත. ඒ වගේම අවශ්‍ය නම් පරිශිලකයාට මේ Content Controls Feature එක සැම දෙනාටම හෝ විශේෂිත ගිණුම් කිහිපයක් සදහා වුවද සක්‍රීය කල හැකි වෙනවා.
03. Brightness AI
#Instagram is working on the "https://t.co/WGWc2xLVT0" Post edit option ? pic.twitter.com/RiQoqSkrCS
— Alessandro Paluzzi (@alex193a) March 5, 2021
Post Editing සදහාත් Brightness AI නමින් නව Feature එකක් ලබා දි තිබෙනවා. මේ Feature එක පිළිබඳ නිශ්චිත තොරතුරු තවමත් නොමැති වුවත් මේ Feature එක පරිශිලකයන්ට තමන් පල කිරිමට සුදානම් වෙන Photos ආදියේ Brightness එක Automatically ඉට ගැලපෙන ලෙස සැකසිමට ඉඩ ලැබෙනු ඇත.
මේ නව Features සියල්ලම තවම Development අදියරයේ පවතින අතර මේ පිළිබඳ නිල වශයෙන් හෝ තවමත් තොරතුරුක් නිකුත් වි නොමැති වෙනවා.
Source : Xda Developers