Loading...
Instagram සඳහා recently deleted නම් නව පහසුකමක් හඳුන්වා දීමට කටයුතු කරයි

මකා දැමු Post නැවත ලබා ගැනිම හැකි පරිදි " Recently Deleted " නමින් නව Feature එකක් Instagram වෙත හදුන්වා දිමට ඔවුන් කටයුතු කර තිබෙනවා. මේ අනුව ඔබ විසින් මකා දමන ලද Photos, Videos, Reels, IGTV Videos හා Stories ආදිය නැවත Restore කල හැකි වෙනවා.

මෙලෙස ලබා දුන් Recently Deleted Feature එක Instagram Accountවලට සිදු වන Hack විම්වලදි එම Account එකේ තිබෙන Photos, Videos, Reels, IGTV Videos හා Stories ආදිය සුරකිව තබා ගැනිමට උපකාරී වෙනවා. ඒ වගේම මෙලෙස Account එකේ Content Delete කිරිමට හෝ Restore කිරිමට පෙර Text හෝ Email මගින් එය සිදු කරන්නේ එම Account එකේ Ownerම යන්න තහවුරු කල යුතු වෙනවා.

මින් පසු Instagram Account එකෙන් Delete කරන ලද Content දින 30ක කාලයක් සදහා Recently Deleted නමින් පවතින Folder එකතුල සුරකිව පවතිනවා. දින 30ක කාලයක් තුල ඒවා නැවත Restore කිරිම සිදු නොවුනහොත් ස්වයංක්‍රීයවම දින 30කට පසු Delete වි යාම සිදු වෙනවා.

මේ Recently Deleted Folder එකට  Settings > Account > Recently Deleted ඔස්සේ පිවිසිය හැකි වෙනවා.

Source : The Verge