Loading...
Interbrand වාර්තාවට අනුව Apple ලොව වටිනාම සන්නාම නාමය බවට පත් වේ Google හතරවන ස්ථානයට පසු බසී

ලෝකයේ දීර්ඝ කාලයක් පුරාවටම ලොව වටිනාම සන්නාම නාම ලෙස වැඦබුනේ තොරතුරු තාක්ෂණයට සම්බන්ධ සමාගම් බව ඔබ හොඳින්ම දන්නා කාරණාවක්.මේ ආකාරයට ලොව වටිනාම සන්නාම නාම 100 පිළිබඳව ලොවම පිලිගන්නා වාර්තාව නිකුත් කරන්නේ Interbrand නම් ලෝක ප්‍රසිද්ධ ආයතනයයි. ඔවුන් විසින් සෑම වසරකම පාහේ මෙම වාර්තාව නිකුත් කරනු ලබයි.

මෑතකදී ඔවුන් නිකුත් කරන ලද වාර්තාවට අනුව ලොව වටිනාම සන්නාම නාම වල මුල් සන්නාම නාම 3හි සුළු වෙනස්කම් කීපයක් සිදුවී ඇත. 2020 වාර්තාවට අනුව තවමත් Apple සමාගම මෙම ශ්‍රේණිගත කිරීමේ මුල් ස්ථානය රඳවා ගැනීමට සමත් වී ඇති අතර Apple සමාගමේ ඇස්තමේන්තුගත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 323ක අගයක් ගනී. Amazon සමාගම සහ Microsoft සමාගම පිලිවෙලින් මෙම ශ්‍රේණිගත කිරීමෙහි දෙවන සහ තෙවන ස්ථානය ලබා ගෙන ඇත.

ගිය වසරේ දෙවන ස්ථානය හෙබවූ Google සමාගම මෙවර මෙම ශ්‍රේණිගත කිරීමෙහි සිව්වන ස්ථානය වන හෙක් පසු බැස ඇති අතර ගිය වසරට වඩා 1%කින් එහි අගයද පහල බැස ඇත. මේ වන විට Google සමගමේ සන්නාම නාමයේ අගය ඇමරිකානු ඩොලර් බිලියන 165ක අගයක් ගන්නා බව ඇස්තමේන්තු ගත කර ඇත.

Google සමාගම මේ ආකාරයට සිව්වන ස්ථානය දක්වා පහත වැටෙද්දී එම ස්ථානය හිමි කරගත් Amazon සමාගම තම සන්නාම නාමයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 200ක් දක්වා 60% වාර්ෂික ප්‍රතිශතයකින් ඉහල නංවා ගැනීමට සමත් වී ඇති අතර තෙවන ස්ථානයේ ශ්‍රේණිගත වී ඇති Microsoft සමාගම 53%ක වර්ධනයක් ලබාගෙන ඇති අතර එහි අගය ඇමරිකානු ඩොලර් බිලියන 166ක අගයක් ලබාගෙන ඇත.

මීට අමතරව මෙම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව තුල Samsung සමගම පස්වන ස්ථානයත්, Intel සමාගම දොලොස්වන ස්ථානයත්, Facebook සමාගම දහතුන් වන ස්ථානයත්, Instagram දහනම වන ස්ථානයත් පිළිවෙලින් ලබාගෙන ඇත.

මෙම ශ්‍රේණිගත කිරීම සමාගමේ මුළු වටිනාකම අනුව සිදු නොකරන අතර මෙම ශ්‍රේණිගත කිරීම සිදු වන්නේ අදාල සමාගම් වල සන්නාම නාමයන්ගේ ඇස්තමේන්තු වටිනාකම අනුවය. උදාහරණයකට ගතහොත් Apple සමාගමේ market capitalization අගය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2ක් වන අතර සන්නාම නාමය පිළිබඳ Interbrandහි ඇස්තමේන්තු ගත වටිනාකම වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 323කි.

Source: Interbrand