Loading...
iPhone 15 මාදිලි සඳහා නව Charging Limit Feature එකක් හඳුන්වා​දේ

Apple සමාගම විසින් මේ වන විටත් iPhone සඳහා Optimize Battery Charging නමින්ප හසුකමක් හඳුන්වා දී ඇති අතර මේ මඟින් iPhone එක 80%ට වඩා Charge වීම වැළකෙනවා. මේ ඔස්සේ Battery එක Over Charge වන කාලය අඩු කර, Battery එකේ ආයු කාලය වැඩි කර ගැනිමේ හැකියාව ලැබෙනවා.

පසුගිය දා නිවේදනය කළ iOS 18 සංස්කරණය ඔස්සේ මේ Feature එක තවත් වැඩි දියුණු කරන්න ඔවුන් කටයුතු කර තිබෙන අතර ඒ අනුව 85%, 90%, සහ 95% ලෙසින් Charging Limit කිහිපයක් 80%ට අමතරව ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා.

මෙම පහසුකම Settings > Battery > Charging වෙත පිවිසිය විට සොයා ගන්න පුළුවන්. මේ නව Charging Limit Feature එක iPhone 15 Series එකට ම විශේෂිත වන බවයි දැක්වෙන්නේ. iOS 18 Beta සංස්කරණය ලබා ගත් iPhone 14 Pro හෝ එයට කලින් iPhone සඳහා මේ Option එක නොලැබී ඇති බවත් සඳහන් වනවා.

iOS 18 Beta Version එක දැන් Apple Developer Program Members ට ලබා ගන්න පුළුවන් අතරම Public Beta Version එක ලබන ජූලි මාසේ දී නිකුත් වන අතර Beta Testing වලින් පසුව, Global Update එක සැප්තැම්බර් මාසේ දී පමණ නිකුත් කරනු ඇත.