Loading...
Sindhi අකුරු කීපයක් රැගත් text bomber එකක් නැවතත් iPhone සහ iPad විශාල ප්‍රමාණයක් සැනින් අක්‍රිය කරවයි

iOS Usersලා මේ දින වල ටිකක් device use කරන්නේ ටිකක් භයෙන් .  Mobile text එකක් විදියට එන bug එකක්  තමයි මේකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. මේ bug එකෙන් වෙන්නේ Sindhi language characters පෙන්නන්න උත්සහ කරන විට iOS Systerm freeze වී Device  එක Crash වෙන එකයි.

මේ  විදියටම අවුරුදු 2කකට කලිනුත් තෙළිගු අකුරු කිහිපයක් පෙන්නුම් කිරීමේදීත් iSO 11 Version එකේ මේ විදියටම Crash වුණා ඔයාලට මතක ඇති.

කොහොම නමුත් මුලින්ම iMessage Service එකට විතරක් මෙම Crash එක බලපානවා කියලා කිව්වත් , දැන් Reddit Users ට වගේම අනිත් Messaging Apps මගින් මේ Crash එක වෙනවා කියලා හොයාගෙන තියෙනවා.

මේ දින වල  මේ Alphabet එකේ characters Telegram සහ Discord හරහා එහා මෙහා ගිහිං තියනවා. තවද මේ Bug එකෙන් වෙන Crash එක බලපාන්නේ iOS 13.4.1 Version Users විතරයි කියලත් සදහන් වෙලා තියනවා. අනෙකුත් iOS version users මේකෙන් හානියක් වෙන්නේ නෑ කියලා තමා අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. ඒ කොහොම උනත් iOS 13.3 භාවිතා කරන කීප දෙනෙකුත් මේ අකරතැබ්බයට මූණ දීලා තියෙනවා කියල EveryThingAppleProගේ Twitter ගිණුවේ සඳහන් වෙලා තියෙනවා.

මේ ගැන EveryThingApplePro youtube channel එකෙන් Twitter සටහනක් තැබුවේ මේ අයුරිනි. ඔහුට අනුව මෙම හේතුව නිසා අඩුම තරමේ power button පවා අක්‍රියවී ගොස් ඇත.

ඒ වගේම මේ crash එක ඔයාගෙ device එකට වුණොත් forcefully reboot කිරීමෙන් හෝ iOS Springboard recover වෙනකල් තිබ්බොත් ඔයාට පුලුවන් device එක යථා තත්වයට පත් කරගන්න. කොහොම නමුත් New Update එකෙන් Solution එකක් ලබා දෙනකල් Apple Devices Crash වීම වැලැක්වීමට Fixed Solution එකක් නැති වීම ප්‍රධාන ගැටළුවක් වෙලා තියනවා.

මේ Error එක Apps හරහා Sindhi Characters සහිත Notification වලිනුත් සිදුවෙන බැවින් , මේ Crash එකෙන් බේරී සිටීමට Messaging Apps වල Notifications temporary disable කරන්න පුලුවන්. තවද New iOS 13.4.5 Beta version එකෙන් මේ Bug එකට Settle  කර ඇති බව හා Apple සමාගම දැනුවත් බව 9to5Mac web site එකේ සදහන් වෙනවා.