Loading...
තරගයක් නැති තැන එක්තැන් වූ iPad Pro 2020

ස්ටීව් ජොබ්ස් 2010 ජනවාරි 27 දින නිකුත් කල iPad එක, අද වන විට කිසිදු තරගයක් තර්කයක් නොමැතිව ලොකයේ ප්‍රබලම Tablet එකයි. මෙය හදුන්වාදුන් මුල් කාලයේ පටන් බොහෝ තරගකරුවන් මේ iPad tablet එකට ප්‍රබල තරගයක් දුන් අතර ඇතැම් අවස්තා වල iPad වලටත් වඩා ප්‍රබල tablet අපට දැකගත හැකි උනා. Blackberry විසින් Playbook ද, Windows surface tablet ද, Samsung , Huawei ඇතුලු බොහෝ දෙනා මේ iPad එක හා සටන් වැදුනා නමුත් ඒ සියල්ලේ විවිද දුර්වලතා iPad සාර්තකව ජයගත්තේ නිතර නිතර අලුත් වෙමිනි.

Mobile friendly user interface එකක් නොමැති කම practical design දුර්වලතා හා පාරිභෝගික අවශ්‍යතා හදුනා නොගත් අන් නිපැයුම් කරුවන් iPad හට අද ඇති මේ සාර්තකත්වය කරා පැමිනීමට මග පෙන්වූ බව නොරහසක්. ඉතිං මේ සියල්ල වෙනස් වුයේ 2016 මාර්තු 31 iPad Pro මාදිලිය හදුන්වාදීමත් සමගයි . එවකට වූ බොහෝ පරිගණක පවා අභිබවන performance එකක්, විශාල 12.9 ක් තිරයක් හා apple pencil එකක්, keyboard එකක් සමග පැමිනි iPad Pro, iPad නාමය ලොව හොදම tablet එක ලෙස කිරුලු දරන්නට විශාල මෙහෙයක් ඉටු කරා.

මෙයින්ද නොනැවතුණ Apple සමාගම 7.9" සිට 12.9" දක්වා ප්‍රමාණයන්ගෙන්ද $399 සිට $1500 අභිබවන මුදල් පරාසයක විශාල පිරිසකට ගත හැකි හා විශාල පිරිසකගේ අවශ්‍යතා ඉටු කරන ලෙස iPad උදිරියට ගෙන ආවා. 1TB දාරිතා පහසුකම් 120Hz Refresh Rate වැනි විවිධ පහසුකම් Apple සමාගම හදුන්වා දුන් නමුත් iPad හි විශාලම වෙනස සිදුවන්නේ 2018 දීය.

2017 වසරේ iPhone X මගින් full screen design එකකට පිය මැනි iPhone පසු පස යමින් iPad Pro 2018 මාදිලිය full screen tablet design එකක්, ප්‍රබල කැමරාවක් ,A12X නම් අති ප්‍රබල Processor එකක්, 4 GB සිට 6 GB දක්වා RAM දාරිතාවක් ,1TB rom දාරිතාවක්, 11" හා 12.9" විශාල තිරයක් හා කුඩා foot print එකක්, 120 Hz තිරයක්, FaceID, Apple Pencil 2 වැනි විශාල පහසුකම් රැසක් සමග පැමිනියේ tablet ලොව රජු කවුරුන්දැයි කාටත් වටහා දෙමිනි. මේ නිපැයුම තවත් අදියරකට යන්නේ 2019 වසරේ iOS 13 හදුන්වාදීමත් සමගයි.

iOS 13 සමග iPad සදහාම සුවිශේෂ වූ iOS සංස්කරනයක් ලෙස iPadOS 13 හදුන්වාදීමත් සමග පරිගණකයකට වඩ වඩාත් සමාන අවශ්‍යතා ඉටු කිරීමට iPad හට හැකි විය. නමුත් මේ වන විටත් අනෙක් සමාගම් පහල යන tablet ඉල්ලුම යටතේ tablet සදහා සටන් වැදීම නවතා තිබිනි. Google සමාගම පවා tablet සෑදීමෙන් යම්තාක් දුරකට ඉවත් විය. දැනටත් යම්කිසි තරගයක් දෙන්නේ samsung, huawei හා windows සමාගම්‍ වැනි ඉතාමත් අතලොස්සකි. ඉතිං 2018 iPad අභිබවන හා එහි ඉල්ලුම කැමැත්ත උදුරාගන්නා, තරගයක් ලබාදෙන තවත් tablet එකක් හදුන්වාදීමට කිසිදු සමාගමක් අසමත් වීමත් සමග Apple සමාගම නිතරගයෙන් මෙම තරගය ජයගන්නට උනා.

iPad සදහා තරග කරුවන් නොමැති වීමත් සමග iPad තවත් දියුණු කිරීමට Apple සමාගමට කිසිදු උවමනාවක් නොමැති වූ බව වසර දෙකකට පසු 2020 දී iPad Pro නව සංස්කරනය හදුන්වාදීමත් සමග මනාව පැහැදිලි වුනා. ඉතිං New iPad Pro 2020 හි තිබූ වෙනස්කම් වූයේ,

  1. නව කැමරා එකතුවක් වූ wide angle , ultra wide කැමරා දෙකක්
  2. LiDAR (Light Detection and Ranging) sensor එකක් (මෙය ඉතාමත් වටිනා දෙයක් වුවත් developers ලා හට දැනට lock කර ඇත)
  3. 6 GB ram එකක් සෑම iPad එකකටම (පෙර මෙය 1 TB මාදිලියට පමණක් සීමා විය)
  4. A12X තවත් වැඩිදියුනු කර A12Z ලෙස (ඉතාමත් කුඩා improvement එකකි, 07 වෙනි කරුණට යටින් තියෙන ලින්ක් එකට ගියාම A12X සහ A12Z ගැන දැනගන්න පුළුවන්)
  5. Studio Quality Mics
  6. Mouse and Track Pad Support
  7. නව $350ක Backlit , Floting , Keyboard with Track Pad

ඉතිං වසර දෙකකට පසු නිකුත් කල මේ iPad Pro 2020 මාදිලිය මෙතරම් සුලු වෙනස් කම් යටතේ එළියට එන්නේ ඉහත කී තරගයක් නොමැති කම බලපෑ බව පැහැදිලිය. Apple; Tablet Market එකෙහි රජු උවද වෙනත් සමාගම් මේ තැනට ඒමට ඔවුන් දිරිමත් කලහ. කෙසේ වෙතත් නව iPhone 12 මාදිලි නිකුත් කිරීමත් සමග හෝ ඊලග මාර්තු මාසයේ 5G network පහසුකම සහිතව A14 හෝ ඊටත් වඩා දියුණු කල chip එකක් ද සමග නව iPad Pro එකක් එන්නට නියමිත බව බොහෝ ආරංචි පැතිරෙනවා. එනමුත් එහි A14 Performance , ඇතැම්විට Ram Improvement හා 5G network පහසුකම හැරුනු විට නව පහසුකම් පැමිනේයැයි කිව නොහැක.

අවසානයේදී Apple වෙවා , Samsung වෙවා කුමන සමාගමක නිපැයුමක් වුවද දිනෙන් දින දියුනු වීමට හා තාක්ශණික ලොව තව තවත් ඉදිරියට යාමට මෙම compition එක වැදගත් බව තේරුම්ගත යුතුය. මක්දයත් එම තරගයෙන් කා කවුරුන්හට පරාජය වුවද අවසානයේ පාරිභෝගිකයන් වන අපි ජය ගනු ඇත.