මීළග වසරේ සැප්තැම්බර් මාසයේදී පමණ එළිදැක්විම නියමිත Apple iPhone 16 Series එකේ Models ගැන, Size එක ගැන, Camera Setup එක ගැන සහ මිල ගණන් පිළිබඳව මේ වෙන විට නිකුත් වි ඇති තොරතුරු මීට පෙර ලිපියෙන් ඔබ වෙත ගෙන එනු ලැබුවා.

සම්පුර්ණ iPhone 16 Series එක සඳහාම Dynamic Island එකෙන් යුතු Display ලැබෙනු ඇති අතර ProMotion සහ Always-On Display පහසුකම් සුපුරුදු පරිදිම Pro මාදිලි සඳහා සීමා වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්. මීට අමතරව iPhone 15 Series එකේ මෙන්ම iPhone 16 සහ iPhone 16 Plus සඳහා glass සහ aluminum Body එකකුත්, iPhone 16 Pro සහ iPhone 16 Pro Max සඳහා titanium and glass Body එකකුත් ලැබෙනු ඇතැයි දක්වන්න පුලුවන්.
මීට අමතරව බොහෝ විට මේ iPhone Series එකේ Pro Devices සඳහා solid-state buttons ලැබෙනු ඇතැයි ද තොරතුරු වාර්තා වනවා. ඒ වගේම iPhone 16 Series එකට පසුගිය වර මෙන් USB Type C ලැබෙනු ඇත.

ඒ වගේම මේ සඳහා Apple සමාගම විසින් මීට පෙර වසරවල මෙන් iPhone 15 Pro Models සඳහා භාවිත කළ A17 Chipset එකත් iPhone 16 Pro Models සඳහා නව A18 Chipset එකත් භාවිත කළ හැකියි දක්වන්න පුලුවන්. ඒ වගේම මේ Chipset පිළිබඳව වාර්තා වන තොරතුරුවලට අනුව Pro, Max සහ Ultra ලෙසින් ද මේවා නම් විය හැකි බවයි. iPhone 16 Pro Devices සඳහා Wi-Fi 7 සහ 5G Advanced සහාය හිමි වෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

මේ iPhone Series එකත් සමඟ Apple සමාගම විසින් stacked battery technology එක භාවිත කිරීම ආරම්භ කරනු ඇතැයි තොරතුරු වාර්තා වනවා. මේ stacked battery technology එක ඔස්සේ iPhone එක සඳහා වැඩි Battery Capacity එකක් මෙන්ම දිලු ආයු කාලයක් ලබා දීමට හැකි වනු ඇත. ඒ වගේම මේත් සමඟ 40W wired charging පහසුකම සහ 20W MagSafe charging පහසුකම ලැබෙනු ඇතැයි ද තොරතුරු වාර්තා වනවා.
සුපුරුදු පරිදිම iPhone 16 Series එක AI මගින් බලගැන්වෙන iOS 18 සමඟින් නිකුත් වනු ඇත.

මෙම ලිපි දෙක මගින්ම එළඹෙන වසරේදී එළිදැක්විම නියමිතව තිබෙන නවතම iPhone Series එක පිළිබඳව මේ වෙන විට අන්තර්ජාල තුළ වාර්තා වෙන තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කර ඇති අතර තවත් මාස 10ක පමණ කාලයක් මේ Series එක නිකුත් වීමට කල් පවතින නිසා මෙම තොරතුරු යම් යම් අයුරෙන් වෙනස් විමේ හැකියාව පවති. එම නිසා ඉදිරි මාස කිහිපය තුළ මේ iPhone Series එක පිළිබඳව මීට වඩා තහවුරු කළ හැකි තොරතුරු වාර්තා වෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි වෙන අතර එම තොරතුරුත් ලද සැණින් Android වැඩකාරයෝ අප සුදානම්.
Source: www.macrumors.com bgr.com