Loading...
iPhone SE 4 එකට Notch එකක්?

Apple සමාගම විසින් නිකුත් කරන එකම Flagship Killer iPhone Series එක ලෙස iPhone SE Series එක හදුන්වා දෙන්න පුලුවන්. ඒ අනුව මේ වසරට ( 2022 ) අදලාව පසුගිය මාර්තු මාසයේදී නවතම iPhone SE 3 එළිදැක්විම සිදු වුවා.

මේ Flagship Killer iPhone Series එකේ නවතම සාමාජිකයා, නැතිනම් මීලග Flagship Killer iPhone එක ලෙස එළඹෙන 2023 වසරේදී Apple iPhone SE 4 නිකුත් වීමට නියමිත පවතිනවා. Android Smart Phones සදහා සැලකිය යුතු මට්ටමේ බලපෑමක් ඇති කිරිමට මේ දක්වා සමත් වි තිබෙන මේ Series එක යටතේ නිකුත් වීමට නියමිත SE 4 Smart Phone එක ගැන දැනටමත් අන්තර්ජාලය තුළ තොරතුරු වාර්තා වෙමින් පවතිනවා.

​ඒ අනුව මේ හතරවන පරම්පරාවේ iPhone SE 4 Smart Phone එක සදහා "Notch" Display Cutout එකක් සහිත අගල් 6.1ක LCD Display එකකින් සමන්විත වෙනු ඇති බවට Display Supply Chain Consultant කෙනෙකු වන Ross Young මහතාට අනුව දක්වන්න පුලුවන්.

කෙසේ වෙතත් මේ iPhone SE 4 Smart Phone එකට ලැබෙන Notch එක තුළ Face ID පහසුකම සදහා වන TrueDepth Camera Array එක අන්තර්ගත වනු ඇතැයි ද නැත්ද යන්න පිළිබඳ තවමත් නිශ්චිත වශයෙන් තොරතුරු වාර්තා වි නොමැති වනවා. එමෙන්ම මීට අමතරව Apple සමාගම විසින් iPhone SE Series එක Touch ID එක සමගින්ම ඉදිරියට රැගෙන යාමට අදහස් කරගෙන සිටින බැවින් Face ID පහසුකම අන්තර්ගත නොවනු ඇතැයි ද මත පල වන අතරම Touch ID එක Side Button එක සදහාත් ලබා දීම සිදු වෙනු ඇතැයි ද තොරතුරු වාර්තා වනවා.

මේ දක්වා iPhone SE Models සදහා ඔවුන්ගේ පැරණි iPhone Modelsවල Design භාවිත වු අතර අවසන් වරට මේ වසර නිකුත් වු iPhone SE 3 සදහා Iphone 8 හි Design එක භාවිත වුවා. ඒ අනුව එළඹෙන වසර එළිදැක්විමට නියමිත වන මේ iPhone SE 4 සදහා iPhone X Model එකේ Design එක භාවිත වනු ඇතැයි ද තොරතුරු වාර්තා වනවා.

Sources: Gizmochina macrumors.com