Loading...
Land Rover Explore නිකුත් කර වසර දෙකකට පසුව Land Rover සමාගම විසින් නැවතත් ජංගම දුරකථනයක් නිකුත් කරයි

අපි හැමෝම දන්නවා Land Rover කියන්නේ rugged cars සහ SUV manufacture කරන company එකක් කියලා. මෑතකදී අපි දැක්කා මේ සමාගම සිය මෝටර් රථ සඳහා “no-touch” interactive system එකක් හදන්න කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය සමග එකතු වෙනවා. ඉතින් ඔයා දන්නවද මීට අවුරුදු දෙකකට කලින් මේ car manufacturers විසින් ලෝකයේ “toughest” ම device එක release කරා කියලා? ඒක හැඳින්වුනේ Land Rover Explore කියන නමින්. ඉතින් දැන් Land Rover සමාගම මේ device එකේ upgraded version එකක් නිකුත් කරලා තියෙනවා.

ඉතින් මේ Land Rover Explore R කියන්නේ Land Rover සමාගමේ කලින් device එකේ updated iteration එකක්. තවත් විදිහකට කීවොත් Samsung’s Galaxy S20 Tactical Edition එකට සමානයි. මේක updated කියල කීවත් පෙනුමින් නම් පේන්නේ ලොකු black bezels තියෙන iPhone 4 device එක වගේ design එකක්.

Land Rover සමාගමේ Branded Goods and Licensing සම්බන්ධ අධ්‍යක්ෂක වන Jon Sinclair මහතාට අනුව Land Rover Explore R device එක සංකේතවත් කරන්නේ මෑතකදී අලුත් වුනු Land Rover Defender රථයයි.

Explore R එක කියන විදිහටම "Tough” ද?

Land Rover ලා මේ device එක promote කරන්නේ flagship specs තියෙන ‘smartphone’ එකක් විදිහට වඩා ‘tough’ phone එකක් විදිහටයි. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට spec-wise ගත්තම මේ device එක එන්නේ 4GB RAM එකක්, 64GB ROM එකක්, Mediatek Helio P35 MT 6765 chipset එකක්, පසුපසින් single 12MP Sony camera sensor එකක් සහ 7-inch display panel එකක් එක්කයි.

ඉතින් ඔයාට පේනව ඇති මේ device එකේ specs budget midrange එකක් තරම් වත් නෑ කියලා. කෙසේ වෙතත් design එක පැත්තෙන් ගත්තම අපිට පේන්නේ වඩාත් durable ම device එක විදිහටයි. ඉතින් මේ phone එක එන්නේ දූවිල්ලට සහ වතුරට ඔරොත්තු දෙනවා කියන IP68 certification එකත් එක්කයි.

Land Rover සමාගමට අනුව මේ device එක underwater test එකේදි මිනිත්තු 35ක් දක්වා වතුර යට ඉඳලා තියෙනවා. ඒ වගේම වැලි දූවිලි වගේ දේවල් මේ device එකට ඇතුල් වෙන්නේ නෑ. ඊට අමතරව මීටර් 1.8 ක උසක ඉඳන් යකඩයට drop කරාම survive වීමේ හැකියාව පවතිනවා. 7-inch display එක ගැන කතා කරද්දි ඔවුන් use කරලා තියෙන්නේ මෑතකදී නිකුත් වුන Gorilla Glass 6 එක.

පල වෙන වාර්තා වලට අනුව මේ device එක $537 වගේ මිලකට අලෙවි වෙන්න ඉඩක් තියෙනව කියලයි කියන්නේ. ඒ කියන්නේ OnePlus Nord එකට කිට්ටු මිලක්.

Source : The Next Web