Loading...
Android 14 සමඟ One UI 6.0 සංස්කරණය ලැබෙන Galaxy Devices ලැයිස්තුව මෙන්න

Samsung සමාගම විසින් ඔවුන්ගේ Smart Phones සඳහා Google සමාගමේ Android මෙහෙයුම් පද්ධතිය මත පදනම් වු සුවිශේෂි Samsung UI එකක් භාවිත කරනු ලබනවා. One UI නමින් හඳුන්වනු ලබන මේ සුවිශේෂි UI එක, සෑම වසරකම Google සමාගම විසින් නව Android Version එක එළිදැක්විමෙන් පසුව Galaxy Devices සඳහා Unique Features ද සහිතව නව One UI Version එක හඳුන්වා දීම සිදු කරනු ලබනවා.

ඒ අනුව එළඹෙන අගෝස්තු මාසයේදී පමණ එළිදැක්විම නියමිතව පවතින Android 14 සංස්කරණය මත පදනම් වන One UI 6.0 ද Samsung සමාගම විසින් ඔක්තොම්බර් මාසයේදී පමණ නිල වශයෙන් එළිදැක්විමටත් නියමිත වන බව දක්වන්න පුලුවන්.

Android 14 සමඟින් One UI 6.0 සංස්කරණය ලැබෙන Galaxy Devices

Galaxy S series

• Galaxy S23 Ultra
• Galaxy S23+
• Galaxy S23
• Galaxy S22 Ultra
• Galaxy S22+
• Galaxy S22
• Galaxy S21 FE
• Galaxy S21 Ultra
• Galaxy S21+
• Galaxy S21

Galaxy Z series

• Galaxy Z Fold 4
• Galaxy Z Flip 4
• Galaxy Z Fold 3
• Galaxy Z Flip 3

Galaxy A series

• Galaxy A73
• Galaxy A72
• Galaxy A54
• Galaxy A53
• Galaxy A52 (A52 5G, A52s)
• Galaxy A34
• Galaxy A33
• Galaxy A24
• Galaxy A23
• Galaxy A14
• Galaxy A13
• Galaxy A04s

Galaxy M series

• Galaxy M54
• Galaxy M53 5G
• Galaxy M33 5G
• Galaxy M23

Galaxy F series

• Galaxy F54
• Galaxy F23
• Galaxy F14 5G

Galaxy Xcover series

• Galaxy Xcover 6 Pro

Galaxy Tab series

• Galaxy Tab S8 Ultra
• Galaxy Tab S8+
• Galaxy Tab S8

කෙසේ වෙතත් මේ ලැයිස්තුව පිළිබඳව Samsung සමාගම විසින් නිල වශයෙන් තවමත් නිවේදනය කර නොමැති වන අතර ඉදිරියේදි මේ ලැයිස්තුව තුළ යම් යම් වෙනස්කම් සිදුවිය හැක.

Sources: Sammobile Gsmarena