Loading...
2024දී Windows 12 න​ම් සංස්කරණයක් නිකුත් වන බව වාර්තා වේ

Windows Central වෙබ් අඩවියේ වාර්තාවක Microsoft සමාගම විසින් වසර 3න් 3ට OS එකක් නිකුත් කිරීමක් සිදු කරන බවට සඳහන් වනවා. ඒ අනුව 2021 වසරේ Windows 11 Operating System එක නිකුත් කිරීමෙන් පසුව මීළඟට Windows 12 නිකුත් වන්නේ කවදාද යන්න පිළිබඳව විස්තර ලබා ගත හැකිය.

Windows 12 බලාපොරොත්තු වූවාටත් වඩා කලින් නිකුත් විය හැක

2021දී Windows 11 නිකුත් වී වසර තුනකට පසුව එනම් 2024දී Windows 12 නිකුත් කළ හැකි බවට Windows Central වෙතින් ලැබෙන වාර්තාවක් මූලාශ්‍ර කිහිපයක් පෙන්වා දෙනු ලබනවා. Windows 11 නව features සමඟ යාවත්කාලීනව තබා ගනිමින් මෙය සිදුවනු ඇති බව එහි වැඩිදුරටත් සඳහන්.

2015 දී Windows 10 නිකුත් කරන තුරුම Microsoft සමාගම විසින් three-year cycle එක අනුගමනය කළ අතර 2021 දී Windows 11 නිකුත් කිරීමත් සමඟ එහි වසර 6ක පරතරයක් ඇතිවිය. පසුව Microsoft සමාගම විසින් Google සහ Apple සමාගම් සිදු කරන ආකාරයටම Windows 10 සඳහා සෑම වසරකටම වරක් major update නිකුත් කිරීමක් හඳුන්වාදෙන ලදී.

Windows 11 22H2 Major update එක නිකුත් වීමෙන් පසුව (මෙම වසර අගදී බලාපොරොත්තු විය හැක) Microsoft සමාගම විසින් Windows 11 වෙත නව විශේෂාංග එකතු කරමින් වසරක් ඇතුළත major updates හතරක් දක්වා ලබා දීමට බොහෝ සෙයින් කටයුතු කරන අතර මේ update cycle එක මීළඟ වසරේදී ආරම්භ වීමට නියමිතව පවතිනවා.

මීට අමතරව, Windows 11 සඳහා 22H3 හෝ Sun Valley 3 Update එක ද නිකුත් කළ හැකිය. එය 2023 දී ලබා දීමට බලාපොරොත්තු වන අතර, නිසි update නිකුතුවක් වෙනුවට, 4Updates Per Year Cycle එකට මුලපිරීමේ කොටසක් ලෙස මෙම update එක සැලසුම් කර ඇති බව වාර්තා වල සඳහන් වනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව සත්‍ය අසත්‍යතාව තහවුරු කිරීමට Microsoft සමාගමේ නිල නිවේදනයක් අවශ්‍ය වනවා. ඒ නිසා Microsoft සමාගම නිල වශයෙන් නිවේදනය කළ සැණින් ඔබව දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වනවා.

Sources: Windows Central