Loading...
Galaxy Note 20 Ultra හි Camera module එකේ ගැටළුවක් මතු වේ, ඇතැම් දුරකථන Samsung සමාගම විසින් replace කරයි

Samsung Galaxy S20 series එක launch කරාට පසුව S20 Ultra මාදිලියේ ජංගම දුරකතන මිලදීගත් බොහෝ පාරිභෝගිකයන්ගෙන් විසින් එම දුරකථනයේ camera auto focus පිලිබඳ ගැටලුවක් ඇති බව Samsung සමාගමේ official community එකට පැමිණිලි කල බව අප විසින් අප්‍රේල් මාසයේ ඔබට වාර්තා කලෙමු.

මෑතකදී Samsung සමාගම විසින් නිකුත් කල Galaxy Note 20 Ultra මාදිලියේ ජංගම දුරකථනයේද මෙම ගැටළුව ඇති බවට එය මිලදීගත් පාරිභෝගිකයන් විසින් official Samsung Community එක තුල පැමිණිලි කර තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ මෙලෙස පැමිණිලි ලද සියළුම Galaxy Note 20 Ultra ජංගම දුරකථන pre-order කල මිලදීගත් ඒවා වීමයි.

මෙහි පලමු සිදුවීම වාර්ථාවන්නේ පසුගිය අඟහරුවාදා (අගෝස්තු 18) දිනයි. මෙහිදී වාර්තාවී ඇත්තේ Note 20 Ultraහි පිටුපස කැමරාවේ මීදුම වැනි ආකාරයට ජල බිඳිති බැඳී තිබෙන බවයි. බොහොමයක් විසින් කල පැමිණිලිවල ඇති ආකාරයට උෂ්ණාධික කාලගුණ තත්වයක් යටතේදී භාවිතා කල Note 20 Ultra වල පවා මෙය සිදුවී ඇත.

මෙයට ප්‍රතිචාර දක්වමින් Samsung සමාගම පවසා ඇත්තේ එලෙසින් ජල වාෂ්ප බැඳීම Water resistant සහිත ජංගම දුරකථන වල පොදු බවත් එය සාමාන්‍ය සිදුවීමක් බවත් ය. ඒ කෙසේ වෙතත් ඔවුන් විසින් මෙම ගැටළුව පැන නැගුනු දුරකථන කිහිපයක් නැවත ලබාගෙන මේ පිළිබඳව අධ්‍යනයනයක් කරන බව පාවසා තිබෙනවා.

මීට අමතරව ඇතැම් YouTubersලා විසින් මීට වෙනස් ආකාරයේ ගැටළුවක්ද මේ ජංගම දුරකථනයේ ඇති බව පවසා තිබෙනව. ඔවුන්ට අනුව Galaxy Note 20 Ultra හි camera module එකේ lens එක සහ ring එක අතර දුහුවිලි තිබෙන බවත්, එමෙන්ම lens එක සහ ring එක අතරේ ඉඩක් ඇති බවත් ය.

Samsung සමාගම විසින් Galaxy Note 20 Ultra හි camera module එකේ lens එක සහ ring එක අතර දුහුවිලි තිබෙන සහ lens එක සහ ring එක අතරේ ඉඩක් ඇති ජංගම දුරකථන වලට replacement offer එකක් ලබා දී ඇති අතර කැමරාවේ ජලබිඳිති බැඳුනු ජංගම දුරකථන repair center වෙත ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

Korea Herald හි වාර්තාවට අනුව Samsung සමාගම විසින් මෙම ගැටළු සම්බන්ධයෙන් ඔවුන්ට පහතාකාරයට ප්‍රතිචාර දක්වා ඇත:

“If engineers at repair centers judge that the problems would affect the original functions of the camera, exchanges are allowed.”

“The dust and structure issues are under control at production lines as it has been with other products,” the Samsung official said. “Considering the massive volume of the new phones released into the market, it is difficult to deal with every single complaint as we cannot immediately figure out how they were using the phones.”

Sources: RPRNA, Korea Herald