Loading...
Micromax සමාගම විසින් නව Mid-range මාදිලියේ ජංගම දුරකතන දෙකක් පිළිබඳ හෙලි කරයි

Micromax සමාගමේ නවතම "In" Smartphone Series එක නොවැම්බර් 03 වන දින ඉන්දියාවේ දි නිකුත් කිරිමට නියමිතයි. මේ අනුව Micromax සමාගම විසින් Micromax In 1 හා In 1A ලෙස Mid-range Smartphone දෙකක් එළිදක්වනු ඇත. මේ Smartphone දෙකම ඩොලර් 95ක් ඩොලර් 203ක් අතර මිලකට ලබා ගත හැකි වනු ඇත. මේ Micromax In 1 හා In 1A Smartphone දෙක එම මිලගණන් යටතේ ඇති Xiaomi, Realme, Vivo හා Samsung Smartphoneවලට හොද තරගයක් ලබා දෙන බව නිසකයි.

මේ වන විට Micromax සමාගම විසින් මේ Smartphoneවල Processor එක පිළිබඳව ඔවුන්ගේ Twitter ගිණුම හරහා Tease Video එකක් පල කර තිබෙනවා.

මේ Smartphone Helio G35 හා Helio G85 chipset මගින් බලගැන්වෙනු ඇති බව බලාපොරොත්තු විය හැකියි. තවමත් මේ Helio Chipsets මගින් බලගැන්වෙන Smartphoneවල Specs පිළිබඳව නිවරදි තොරතුරක් ලැබි නොමැති වුවත් Helio G35 Chipset එක මගින් බලගැන්වෙන Smartphone එක Options දෙකකින් ලබා ගත හැකි වනු ඇත.

ඒ අනුව Helio G35 Chipset එක සමග 2GB හා 3GB ලෙස RAM Versions දෙකකින් Device දෙකක් ලබා ගත හැකියි. මේ දෙකේම Internal Storage එක 32GB වෙනවා. 2GB Model එකේ 13MP හා 5MP Dual Main Camera Setup එකකින් ද  3GB Model එක 13MP, 5MP හා 2MP Triple Camera Main Camera Setup එකකින් ද සමන්විත වෙනවා. මේ Helio G35 Chipset එක මගින් බලගැන්වෙන Devices දෙකම HD DIsplay එකකින් හා 5000mAh Batteryයකින් සමන්විත වෙනවා. ඒ වගේම මේ සමග Android 10 OS එල ලබා ගත හැකියි.

Sources : Gizmochina