Loading...
Microsoft සමාගමේ ChromeOS ප්‍රතිවාදීයා වූ Windows 10X දියුණු කිරීම තාවකාලිකව නවතා දමයි

Google සමාගමේ ChromeOS එක ජනප්‍රිය වෙන්න හේතුවත්, එයට පිළිතුරු ලෙස Microsoft සමාගම දියුණු කරමින් සිටි Windows 10X ගැනත් තොරතුරු පසුගිය දිනක අප ඔබ වෙත ගෙන ආවා.

Windows 10X ඉලක්ක කර තිබුණේ Dual Screen වැනි නව පරම්පරාවේ PC සඳහායි. Image: TheVerge

නමුත් දැන් ලැබෙන වාර්තා වලට අනුව Microsoft සමාගම මෙම නව මෙහෙයුම් පද්ධතිය දියුණු කිරීම තාවකාලිකව අතහැර දමා තිබෙනවා. ඒ, දැනට පවතින Windows 10 මෙහෙයුම් පද්ධතියේ මීළඟ update එක සඳහා වැඩි අවධානයක් යොමු කිරීමටයි. ඒ අනුව අප පෙර ප්‍රකාශ කළ පරිදි මෙය 2021 දී නම් කිසිසේත් නිකුත් නොවෙනු ඇති.

WIndows 10X හි start මෙනුව. Image: The Verge

ඒ වෙනුවට Windows 10X හි තිබු ඇතැම් විශේෂාංග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වෙත ගෙන ඒමේ අදහසකුත් ඇති බව වාර්තා වනවා. ඒ Windows 10 හි සුවිශේෂ කඩයිමක් වන Sun Valley update එක සඳහායි. ඇතැම් වෙබ් අඩවි මෙය Windows 11 වැනි update එකක් බවත් වාර්තා කර තිබුණා. එනම් එය මුළු මෙහෙයුම් පද්ධතියම අලුත්ම මුහුණුවරක් ගන්වන update එකක් විය හැකියි. Microsoft සමාගම මෙය සඳහා සූදානම් වන බවට (1) , (2) අප ඔබට පෙරදීත් සඳහන් කළා.

Sun Valley update එක Windows වල බාහිර පෙනුම විශාල වෙනසකට ලක් කරනු ඇති. Image: Windows Latest

කෙසේ වුවත් මේ update එකත් පරණ Windows 10 ටම එක් වන වැඩි දියුණු කිරීමක් පමණයි, Windows 10X වැනි නවතම මෙහෙයුම් පද්ධතියක් නොවෙයි. දැනට active තත්වයේ Windows 10 devices බිලියන 1.3 කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවට ගණන් බලා තිබෙනවා. ඉතින් අලුතෙන් මෙහෙයුම් පද්ධතියක් හදනවට වඩා තියෙන system එක වැඩි දියුණු කර optimize කිරීම සඳහා තම සම්පත් වැය කිරීම වඩා වැදගත් බව Microsoft සමාගම කල්පනා කළා විය හැකියි, මොකද එයින් ප්‍රයෝජන ලබන පිරිස සැලකිලිමත් ලෙස වැඩි අගයක් ගන්නා නිසා.

Source: Android Authority