Loading...
Windows 10 October Update: අළුත් ඇඳුම්?

Windows 10 අවුරුද්දකට main updates දෙකක් නිකුත් කරන බව ඔබ දන්නවා නේ. එයින් පළවෙනි එක (version 2004) පසුගිය මැයි මාසේ නිකුත් වුණා. දැන් මේ අවුරුද්දේ එන්න තියෙන අනිත් update එකත් insider channel එකෙන්, එහෙමත් නැත්තන් ඔවුන්ගේ beta program එකෙන් එළියට ඇවිල්ලා තියෙන්නේ.

මේ එලෙස නිකුත් වුණ Windows 10 version 20H2 ගැනයි.

ඔබේ Windows 10 version එක 2004 නම්, මේ අලුත් update එක, ඒක උඩින්ම install වෙන මෙගාබයිට් ගාණක පොඩි update එකක් වෙයි. නමුත් ඊට පහල version එකකට නම් full OS upgrade එකක් විදිහට තමයි install වෙන්නේ.

Start Menu සහ Notifications

මේ update එකේ ලොකුම වෙනස්කම විදිහට අලුත් start menu එක හඳුන්වන්න පුළුවන්. දැන් ඔබ තෝරාගන්න accent colour එක start menu එකේ 'tiles' වලට apply වෙන්නේ නෑ. ඒ වෙනුවට dark හෝ light system theme එක  පමණක් පදනම් වූ tiles තමයි දකින්න තියෙන්නේ.

ඒ වගේම tiles වලටත් transparent සහ blur effects එකතු කරලා තියෙනවා, ඊට පිටුපසින් ඇති දේ පෙනෙන ලෙසට. ඒ වගේම App List එකේ icons වල තිබුණු හතරැස් කොටු ද අයින් කරලා ඇති බව ඔබට පෙනෙනවා ඇති.

මේවා සුළු වෙනස්කම් වුනත් ළගදීම Windows 10 වල ලොකු UI වෙනස්කම් වන බව හිතන්න පුළුවන්.

ඒ වගේම notification banners වලටත් සුළු design change එකක් ලැබිලා තියෙනවා.

Settings

සැම Windows feature update එකක් සමඟම Control Panel එකේ ඇති settings ටිකෙන් ටික Settings app එකට ගෙන එන බව ඔබට දැනිල ඇති. මේ update එකේදිත්, display refresh rate settings වැනි දේ settings app එකට මාරු කරලා තියෙනවා.

ඒ වගේම දැන් එක click එකින් පරිගණකයේ device properties copy කරගැනීමේ හැකියාවත් ලැබී තියෙනවා. Alt + Tab මගින් අවශ්‍ය නම් Edge browser එකේ tabs එකෙන් එක වුණත් පෙන්වන්න පුළුවන්.

Microsoft Edge

කලින් update එකේදී මෙන්ම, Microsoft Edge install කර නැති නම් මේ update එකෙන් එය ඉබේම install වෙනවා. නමුත් දැන් කෙලින්ම පරණ Edge browser එක ඉවත් වී Chromium engine එක මත පදනම් වූ අලුත් Edge එක තමයි ලැබෙන්නේ.

මේ browser එක භාවිතා කරල නැත්නම් අදම try එකක් දෙන්න. Chrome/Opera වලට කැමති නම්, මේකට අකමැති වෙන්නත් කිසිම හේතුවක් අප දකින්නේ නෑ.

වෙනත්

Tablet mode එකටත් ලොකු වෙනස්කම් කීපයක් ලැබී තිබෙනවා. කලින් tablet mode යන විට වගේ full screen නැතිව, දැන් තියෙන desktop interface එකම touch screen එකකට ගැලපෙන ලෙස adjust වෙනවා. කලින් මෙන් full start menu එකක්, full screen apps ලැබෙන්නෙත් නෑ.

අලුත් tablet mode එක

කොහොම වුණත් මේ style එකට කැමති නැති නම්, පරණ ක්‍රමය settings වලින් enable කරගන්න පුළුවන්.

ඒ වගේම, ඔබේ Android phone එක PC එක සමඟ link කර තිබෙනවා නම්, active office subscription එකක් තිබෙනවා නම්, Xbox account එකක් තිබෙනවා නම් ඒවාට අයත් icons ද දැන් taskbar එකට pin වෙනවා. මේ විදිහට එකිනෙකාට වෙනස් taskbar එකක් දැන් clean install එකකදී ලැබෙනවා.

මේ වෙනස්කම් එක්ක බලනවිට ඔබට තේරෙන්න ඇති මේ update එක ඉතා සුළු එකක් බව. ප්‍රධානම වෙනස්කමක් තමයි Windows වලමූලිකම අංගයක් වන start menu එක අලුත් කිරීම. කාලෙකින් UI වෙනසක් සිදු නොවුන නිසා මේ වගේ ගොඩක් design changes තව ඉදිරි updates වලදී ලැබෙන්න පුළුවන්.

ඔබ ඉන්නේ version 2004 වල නම්, මේ update එක install කිරීම කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නෑ. අනෙක් version වල ඉන්න අය ටිකක් සැලකිලිමත් වෙන්න මොකද 2004 එකේ කරදර ටිකකට මුහුණ දෙන්න වුණ නිසා.

*Windows 10 version එක බලන්න start menu එකේ 'winver' search කරන්න.

Source: WindowsCentral