Loading...
Microsoft ඕපන් සෝස් වෙයි(ද)

Microsoft සහ Open Source; නයයි මුගටියයි වගේ තමයි. හැබැයි ඒ ඉස්සර. මේ දෙගොල්ලෝ දැන් එන්න එන්නම එකතු වෙනවා. පසුගිය මැයි 14 දා පැවති සමුළුවකදී Microsoft සභාපති Brad Smith කියා සිටියේ "Open Source සම්බන්ධයෙන් Microsoft ගත්තේ වැරදි පැත්තක්" බවයි.

Microsoft සභාපති Brad Smith 

Microsoft සමාගම Windows හදපු දා පටන් Linux මෙහෙයුම් පද්ධතියට එරෙහිව යුධ ප්‍රකාශ කරලයි තිබුණේ. හිටපු Microsoft ප්‍රධාන විධායක නිලධාරී (CEO) Steve Ballmer විසින් Linux හැඳින්වුයේ බුද්ධිමය දේපල පදනම් කරගෙන පැතිරෙන පිළිකාවක් ලෙසටයි.

කෙසේ හෝ අතීතය අමතක කරමින් දැන් Microsoft හි ඉහළ නිලධාරීන් Windows ඒකාධිකාරයක් පවත්වාගන්න (තිරය ඉදිරිපස) තවදුරටත් වෙහෙසෙන්නේ නෑ. "කාලයත් සමඟ අපි බොහෝ දේවල් ඉගෙන ගන්නවා... හොඳම දේ තමයි, අපි වෙනස් වෙන්න ඕනේ බව ඉගෙන ගන්න එක." ස්මිත් තවදුරත් කියා සිටියා.

Windows නොසෙල්වෙන ඒකාධිකාරයක් ලෙස ගොඩ නැගීමට Steve Ballmer ප්‍රබලව දායක වුවත් Moible OS පිළිබඳව සුළුකොට තැකීම Windows Mobile හි අසාර්ථකත්වයට බලපෑවා.

Microsoft දැන් ලොව Open-Source projects සඳහා වැඩිම දායකත්වයක් සපයන ආයතනයයි. ඒ අතින් ඔවුන් Google, Apache, Facebook  හා Docker වැනි සමාගම් වලටත් ඉදිරියෙන් පසුවෙනවා.

මෑතක සිට Microsoft සීඝ්‍රයෙන් Open-Source දෙසට හැරෙමින් සිටිනවා. Powershell (නව Command Prompt) එක, Visual Studio Code වැඩසටහන හා original Edge Browserයේ JavaScript Engine එක පවා මේ වෙනකොට ඔවුන් Open Source කර තිබෙනවා.

ඒ වගේම ළඟදීම Unix Bash Shell එක Windows වලට Nativeවම එකතු කරන බවත් පෙරදී ඔවුන් දැනුම් දුන්නා. Cross-Platform mobile app develop කිරීම වේගවත් කරන්න Xamarin සමාගම මිලට ගැනීමත්, සුප්‍රසිද්ධ GitHub සමාගම මිලට ගැනීමත් Microsoft Open Source පැත්තට වේගයෙන් නැඹුරු වෙන බව තවදුරටත් තහවුරු කරනවා.

Bash shell on Windows. 

මේ මස අවසානයේ Full Linux Kernel එකක් Windows 10 සමඟ නිකුත් කරන බව ප්‍රකාශ කළ Microsoft, තම Official Web Browser එක වන Microsoft Edge එකත් ගිය අවුරුද්දේ Chromium Engine එකට මාරු කළා.

මේ විදිහට Microsoft Open Source පැත්තට යොමු වෙන්නේ ඇයි?

සරලම උත්තරේ තමයි Windows වලින් ඔවුන්ට කලින් වගේ ආදායමක් ලබන්න බැරි වීම. Microsoft Azure, ඒ කියන්නේ Microsoft Cloud Computing Services, Ofiice හා විවිධ Software Services තමයි දැන් ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග වී තිබෙන්නේ . මේ සේවා සඳහා පාරිභෝගිකයින් ගෙන්වා ගන්න තමයි ඔවුන් Windows පාවිච්චි කරන්නේ. පාරිභෝගිකයින් වගේම Developers ලත් ආකර්ෂණය කරගන්න Microsoft භාවිතා කරන වෙළඳ උපායක් ලෙසයි මම නම් මේ Microsoft සහ Open Source ආදරය දකින්නේ.

මේ ගැන ඔබේ අදහස මොකක්ද? අනාගතයේ Windows OS එකත් Open Source කරයිද? Comment කරන්න. තව අයට කියවන්න share කරන්න.