Loading...
Microsoft සමාගම විසින් Windows 11 පරිශීලකයන් සඳහා Windows Copilot හඳුන්වා දෙයි

AI හි නව යුගයේ, Chatbots සමඟ සියල්ල වැඩිදියුණු වන බව පෙනේ. Microsoft සමාගම විසින් Windows 11 පද්ධතිය තුලට Windows Copillot නමින් හඳුන්වන Chatbot AI හඳුන්වා දෙන බව මේ වන විටත් පවසා තිබෙනවා.

මොකක්ද මේ Windows Copilot කියන්නෙ?

Windows Copilot ඇසු විට ඔබට Windows 10 සඳහා ගොඩනගා ඇති “personal assistant” වන Cortana මතක් වන බව නිසකයි. කෙසේ වෙතත්, Microsoft සමාගම විසින් Windows 11 සඳහා Cortana නතර කිරීමට තීරණය තර තිබෙන බවත් ඔබ දන්නවා ඇති.

ඒ වෙනුවට Windows Copilot පැමිණෙන්නේ, කාර්යයන් වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීමට AI භාවිතා කරන වඩාත් බලවත් විකල්පයක් විදිහටයි.

Image Source - makeuseof.com

ඔබ Bing Chat ගැන නුහුරු නම්, Bing Chat යනු Real-time සංකීර්ණ ප්‍රශ්නවලට පවා පිලිතුරු දිය හැකි AI chatbot එකක් ලෙස Microsoft සමාගම විසින් 2023 මුල් භාගයේදී එලිදක්වන ලද්දක් ලෙස සරලව හඳුන්වා දෙන්න පුලුවන්. Microsoft දැන් Bing Chat සෘජුවම Windows Copilot වෙත ඒකාබද්ධ කර ඇති බවට මේ සමඟ දක්වන්න පුලුවන්.

Windows Copilot සමඟ අප හට කුමක් කළ හැකිද?

Windows Copilot සමඟ ඔබට ඉටු කළ හැකි බොහෝ දේ ඇත. සරලවම ඔබට windows 11 පරිගණකයේ ඇති ඕනැම Settings වර්ගයක් Windows Copilot හට කීමෙන් සකසා ගැනීමට හැකි වේ.

ඒ වගේම Windows Copilot හට ඔබේ Documents සමග වැඩ කිරීමට හැකියාවක් ඇති අතර ඒවා නැවත ලිවිමට, සාරාංශ කිරීම වැනි බොහෝ දේ Windows Copilot හරහා ඔබ කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

Windows 11 හි Windows Copilot ලබා ගන්නේ කෙසේද?

Windows Copilot Windows Insider Program සඳහා ලියාපදිංචි වි ඇති පරිගීලකයින් හට පමනක් දැනට ලබා දෙන බව Microsoft සමාගම දක්වා තිබෙනවා.

Sources: Windows Blog Makeuseof