Loading...
අන්තර්ජාලයට නිකුත් වී ඇති Windows 11 පිටපත සත්‍ය පිටපතක් බවට තහවුරු වෙයි

මෙම මස 24 වන දින එළිදැක්වීමට නියමිත නවතම Windows 11 මෙහෙයුම් පද්ධතියේ Insider Preview යැයි සැලකෙන සංස්කරණයක් මීට දින කිහිපයකට පෙර නිල නොලත් ආකාරයට අන්තර්ජාලයට leak වුනා.

මේ පිළිබදව බොහෝ දෙනෙකුගේ මතය වුනේ මෙය ව්‍යාජ සංස්කරණයක් බවයි. කෙසේ නමුත් මෙම මතය එසේ නොව, leak වූ සංස්කරණය සත්‍ය වශයෙන්ම එළිදැක්වීමට නියමිත නවතම Windows 11 මෙහෙයුම් පද්ධතියේ සංස්කරණයක් බව තහවුරු කර ගැනීමට උපකාරී වන සාක්ෂියක් ජපානයේ පිහිටි Microsoft සමාගමේ උප සමාගමක් වන Microsoft Japan ආයතනය විසින් ලබා දී තිබෙනවා.

ඒ අනුව leak වූ සංස්කරණයේ ISO file එක බාගත කර ගැනීමට සබැදී ලබා දුන් ඉන්දියානු තාක්ෂණික වෙබ් අඩවියක් වන Beebom නැමති වෙබ් අඩවිය සම්බන්ධව Google සමාගමට DMCA notice එකක් යැවීමට Microsoft Japan ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව කටයුතු කරමින් Google සමාගම Google search results වලින් Beebom නැමති වෙබ් අඩවියේ Windows 11 මෙහෙයුම් පද්ධතියේ ISO පිටපත ගැන පලකර තිබූ වෙබ් පිටුව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. මෙසේ ඉවත් කිරීමට හේතුව ලෙස දක්වා ඇත්තේ මයික්‍රොසොෆ්ට් වෙත ප්‍රකාශන හිමිකම ඇති තවමත් එළිදක්වා නොමැති Windows 11 මෙහෙයුම් පද්ධතියේ ISO පිටපත් අනවසරෙන් බෙදාහරින නිසා වෙබ් අඩවිය ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

"Beebom.com's article is distributing Windows 11 ISO (copyrighted to Microsoft). Please remove their article from the search. It is a leaked copy of the unreleased Windows 11."

Source: XDA