Loading...
Microsoft Defender Anti-Malware App එක Android වල Release වෙයි

Microsoft සමාගම ඔවුන්ගේ cyber-security software එකේ public preview එක මේ වෙද්දි Android platform එකේ release කරලා තියෙනවා. ඉතින් මේක නම් කරලා තියෙන්නේ Microsoft Defender Advanced Threat Protection (ATP) විදිහටයි. මේ software ගොඩක් ම aim කරලා තියෙන්න් end-users ලට වඩා enterprises වලටයි. Microsoft ලට අනුව, මේ app එක ආයතනයන් වල රහස්‍ය තොරතුරු unsafe device accesses වලින් protect කරගන්න උදව් වෙනවා. තවදුරටත් ඔවුන් සඳහන් කරන්නෙ මේ security software එක insecure emails, applications සහ Android  වල තියෙන unsafe endpoints detect කරලා ඒවයින් users ලව protect කරගැනීමට සමත් වෙනව කියලයි.

පසුගිය අඟහරුවාදා (ජූනි 23) official blog post එකක් මගින්, ඔවුන් ප්‍රකාශ කරේ deep-learning සහ heuristics use කරමින් phishing සහ අනෙකුත් online threats වලට එරෙහිව users ලව protect කරගන්නට කටයුතු කරනව කියලයි. ඒ වගේම malware scanning facility එකත්, malicious apps සහ websites වලින් network connections ආරක්ෂා කරගැනීමෙ පහසුවත් මේ තුලින් ලැබෙනවා. ඊට අමතරව, risk එකක් විදිහට හඳුනාගත් devices restrict කිරීමේ හැකියාවත් මේ තුලින් network administrators ලට හිමිවෙනවා.

“(This) will enable enterprises to secure users and data on their Android devices”

-Microsoft.

Microsoft ලා මේ අවුරුද්ද මුල දී Microsoft Defender ATP එකේ public preview එක Linux වලට release කරා. ඉතින් මේ development එක ආවෙ Microsoft ලා ඔවුන්ගේ enterprise security software එක Mac වල release කරලා අවුරුද්දකටත් වඩා අඩු කාලෙකින්. ඒ වගේම ඔවුන් කියල තිබ්බ මේ අවුරුද්ද අවසානය වෙද්දි Android සහ iOS වලටත් මේ software එක release වෙනවා කියලා.

Desktop සහ mobile ඇතුලු හැම platform එකකටම endpoint threat protection එක ලබාදීමේ සැලැස්මේ කොටසක් විදිහට Microsoft ලා ‘Windows’ branding එක drop කරලා ඒ වෙනුවට ‘Microsoft Defender’ කියන නම use කරන්න පටන් ගත්තා. ඒ 2019 අවුරුද්දෙ. ඉතින් කලින් mention කරපු විදිහට, මේ ATP apps කියන්නේ Microsoft ලගෙ enterprise security program එකේ කොටසක්. ඉතින් මේ app එක general users ලට කවද release වෙයි ද කියල තාම් කියන්න හැකියාවක් නෑ.

Source: Microsoft