Loading...
Windows 11 සංස්කරණය මඟි​න් AMD Ryzen CPU සහිත පරිගණක මන්දගාමී වීමේ ගැටළුව​ට Microsoft සහ AMD වෙතින් විසඳුම්

මේ වන විට AMD Processors වලට Market එකේ ලොකු Demand එකක් නැත්නම් ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම ගොඩක් Windows පරිශීලකයන් මේ වන විටත් අලුත්ම Windows 11 Experience එක ලබා ගන්නවා. නැත්නම් ලබා ගන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.

Microsoft සමාගම ඉකුත් ඔක්තොම්බර් 5 වන දින Windows 11 නිළ වශයෙන් නිකුත් කරනු ලැබුවා. නමුත් මෙය Stable, Bugs Fixed කියලා තාමත් කියන්න යම් තරමකට අපහසුයි. මෙයට බොහෝ හේතූන් තිබෙන අතර, ඒ අතරින් මේ AMD CPU Slow Down එකත් බොහෝ දෙනෙකුට තිබුණ ලොකු ප්‍රශ්නයක්. ඒ තමයි Windows 11 OS එක AMD Ryzen Processors වල Performance එක ගොඩක් අඩු කළා. ඒ වගේම මේ Bug එක AMD Ryzen Chips වලට සහ Bandwidth එකට විශාල බලපෑමක් සිදු කොට ඇත්තේ Gaming Performance එක 15% දක්වා අඩු කරමිනි.

AMD Ryzen CPU Slow Down In Windows 11

මේක Fix කරලා Usersලට හොඳ Experience එකක් දෙන්න AMD සහ Microsoft සමාගම Patch එකක් Release කරන බවට ගිය සතියේ දී පොරොන්දුවක් වුණා. ඒ වගේම මේ වන විට මෙම සමාගම් දෙකම මෙම ප්‍රශ්නය විසඳීම සඳහා Update එකක් ලබා දී තිබෙනවා.

අපි එකින් එක මේ Patches ගැන කතා කරමු.

පළමුවෙන්ම, AMD සමාගම විසින් Chipset Driver Version 3.10.08.506 Update එක මෙම UEFI CPPC2 Driver ප්‍රශ්නය විසඳන්න ලබා දී තිබුණා. ඒ මඟින් Ryzen Processors අදාළ Threads අදාළ Cores වලට Steer කරනවා. ඔබට මෙතනින් නවතම AMD Driver එක Download කර ගත හැකියි.

දෙවනුව, Microsoft සමාගම විසින් Windows 11 Build 22000.282 යන Update එක Windows Insider Beta සහ Release Preview පරිශීලකයින් හට සතියක් පුරාවට ලබා දී තිබුණා. මේ වන විට එය සෑම Windows පරිශීලකයෙකු හටම ලබා ගත හැකියි.

Microsoft සමාගම මේ Update එක ගැන මෙසේ සඳහන් කර තිබුණා.

“Windows 11 install කළාට පසුව AMD Ryzen Processors Usersලට L3 Caching issue එක නිසා සිදු වුන Performance Downgrade එකට මෙම Update එක මඟින් විසඳුමක් ලැබෙනු ඇත”

ඉතින් මේ Updates වලින් ඔයාගේ AMD Ryzen Processors වල Windows 11 Performance Issues Fix කර ගැනීමේ හැකියාව පවතිනවා.

Sources: The Verge, Engadget