Loading...
2022 වර්ෂයේ ජූනි මාසයේ දී Internet Explorer වෙබ් බ්‍රව්සරය විශ්‍රාම යැවීමට Microsoft සමාගම තීරණය කරයි

පසුගිය වසරේ අගෝස්තු මාසයේ දැනුම් දුන් පරිදි, මෙම වසරේ (2021) අගෝස්තු 17න් පසු Internet Explorer බ්‍රවුසරය සඳහා Microsoft 365 සේවාවේ සහාය අත්හිටුවීමට Microsoft සමාඟම පියවර ගන්නා ලදි.

ඉන් වසරකට පසුව, 19 වන දින Windows 10 මෙහෙයුම් පද්ධතිය සඳහා Internet Explorer වෙබ් බ්‍රවුසරය විශ්‍රාම යැවීමේ දිනයන් Microsoft සමාඟම විසින් නිවේදනය කරන ලදි. විශ්‍රාම යැවීම යනු, කිසිදු යාවත්කාලීන කිරීමක් (Update) හෝ සහය දැක්වීමක් සිදු නොකර, එම වෙබ් බ්‍රවුසරය ක්‍රමයෙන් මහජනයාගේ පරිහරණයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියයි.

Internet Explorer එක විශ්‍රාම යැවීමේ timeline එක

ලබන වසරේ, එනම් 2022 වසරේ ජුනි 15 වන විට Windows 10 බොහෝ සංස්කරණ සඳහා Internet Explorer වෙබ් බ්‍රව්සරය මෙසේ විශ්‍රාම යැවෙනු ඇති. ඒ අනුව, පහත මෙහෙයුම් පද්ධති සඳහා මෙය සෘජුව බලපානු ඇත.

  • Windows 10 client SKU (20H2 සංස්කරණය සහ නව සංස්කරණ)
  • Windows 10 IoT (20H2 සංස්කරණය සහ නව සංස්කරණ)

නමුත් මෙම පහත දැක්වෙන සංස්කරණ සඳහා මෙම ක්‍රියාවලියේ බලපෑම දැනට බල නොපාන බව ඔවුන් සඳහන් කරයි.

  1. Microsoft Edge හි IE mode එක
  2. IE platform (MSHTML/Trident), WebOC
  3. පහත සංස්කරණ වල Internet Explorer 11 desktop applications:
  • Windows 8.1
  • Windows 7 Extended Security Updates (ESU)
  • Windows 10 Server SAC (සියළු සංස්කරණ)
  • Windows 10 IoT Long-Term Servicing Channel (LTSC) (සියළු සංස්කරණ)
  • Windows 10 Server LTSC (සියළු සංස්කරණ)
  • Windows 10 client LTSC (සියළු සංස්කරණ)

Microsoft සමාඟම පවසන්නේ, පැරණි Internet Explorer බ්‍රවුසරයට වඩා Microsoft Edge පරිහරණය කිරීම වඩාත් ආරක්ෂාකාරී සහ වේගවත් මෙන්ම පහසු බවයි.

මෑත කාලයේදී Microsoft Edge බ්‍රවුසරය සම්පූර්ණයෙන්ම Chromium පාදක වූ බ්‍රවුසරයක් බවට පත් කිරීමට Microsoft සමාඟම පියවර ගන්නා ලදි. ලොව වැඩිම දෙනෙක් භාවිතා කරන Google Chrome බ්‍රවුසරය පාදක වී ඇත්තේද මෙම Chromium නමැති විවෘත කේත (Open Source) ව්‍යාපෘතියයි. කෙසේ නමුත් මෙම නව Chromium පාදක වූ Microsoft Edge බ්‍රවුසරය Google Chrome බ්‍රවුසරයටත් වඩා හොඳින් ක්‍රියාත්මක වන බව මාගේ ද පෞද්ගලික මතයයි.

Internet Explorer යනු ඉතා මන්දගාමී බ්‍රවුසරයක් ලෙස නොයෙක් උසුළු විසුළු වලට බඳුන් වන ලද යුගයක එළිදැක්වුණු මෙම Chromium පාදක Microsoft Edge බ්‍රවුසරය විසින් Microsoft සමාඟමෙන් ගිලිහෙමින් පැවති වෙබ් බ්‍රවුසර් වෙළඳපල යළිත් ස්වල්ප වශයෙන් හෝ නැවතත් ඔවුන්ට ලබාගත හැකි විය.

Microsoft සමාඟමේ මෙම Internet Explorer විශ්‍රාම යැවීමේ තීරණය ගැන, ඔබේ අදහස කුමක්ද?

Sources: Windows Experience Blog, The Verge, beebom.com